තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
තමා ප්‍රවාහන ඇමැතිව සිටිය දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක‍්‍රමිකතා සිදුවූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන විමර්ශන වලට අදාලව ඇමැති වෙල්ගම මෙම පෙත්සම ගොනු කර ඇත..
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවා තිබිණි.
හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති, නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු 11 කලින් මොන දහම් ගැටයක් හරි දල අරයත් එක්කල නැගිට්ටෝත් නම් හරි මොකද ඕනෑතරම් කල් තියෙන්නේ (අ)
ඔක්කොම බයවෙලා වගේ (බ)
මේක නරක පූර්වාදර්ශයක්. වැරද්දක් කරලා තිබෙනවානම් අත් අඩංගුවට ගන්න එක වලක්වන්න අධිකරණ නියෝග දෙන එක හරිද? (ර)
අපේ රටේ නීති බොහොම ලිහිල් වැඩියි. ඇති කෙනාට ඕනෑම අවස්ථාවක එයින් රිංගා යා හැකියි. නමුත් නැති කෙනාට ඉතින්.... අබසරණම තමයි..... (නි)
රටේ ඉන්න සියලුම හොරුන්ට අත්අඩංගුවට පත්වෙයි බියක් තිබේ නම් අයිතිවාසිකම් නඩුවක් දමාගන්න තියෙන්නේ. (නි)
දුප්පත් මිනිසුන්ටත් අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි යන්න පුලුවන්ද? (නි)
නීති කන්‍යාවගේ ඇස් දෙක බැඳලා තියෙන්නේ ඕකනේ. ලොක්කන්ගේ වැරදි වලට අපේක්ෂිත ඇප දෙන්නත් පොඩි අයට කිවිසුමක් ගියත් කෙළින්ම කූඩුවට තල්ලු කරන්නත් සිද්ධවෙන හින්දනේ. (නි)