තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
තමා ප්‍රවාහන ඇමැතිව සිටිය දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක‍්‍රමිකතා සිදුවූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන විමර්ශන වලට අදාලව ඇමැති වෙල්ගම මෙම පෙත්සම ගොනු කර ඇත..
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවා තිබිණි.
හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති, නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.