විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත විරසේකර මහතා සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ මහතා අත්අඩංගුවට ගැනිම දේශපාලන කුමන්ත්‍රණයක් බවත් මේ නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීමක් සිදුවීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතලේ දිස්ත්‍රික් උප නායක ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියයි.
රෝහණ දිසානයක මහතා මෙසේද පැවසිය.
ප්‍රාදේශිය වශයෙන් සිටින නායකයින්ට මෙලෙස දේශපාලන වශයෙන් කෙනෙහිලිකම් කර අත් අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළා දකිනවා .දේශපාලන පලි ගැනිම් වශයෙන් මෙවැනි සිදුවිම් අසාධාරණ බවත් මෙයින් ලග්ගල ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් අසරණ තත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය .
මේ දිස්ත්‍රික්කයේ වැරැදි තීරණ ගන්නා පුද්ගලයින් ඉන්නවා . තමන්ගේ මුළු ජීවිතයම ශ්‍රි .ල.නි.ප ය වෙනුවෙන් කැප කළ අයට මෙවැනි දේ සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය .මේ පිළිබදව ජනාධිපතිතුමා හා ශ්‍රී.ල.නිප මහ ලේකම් දැනුවත් කිරීමටත් පියවර ගන්නවා . මෙම සිද්ධිය පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙසද ඔහු පොලිස්පතිගෙන් ඉල්ලයි.
මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව නැගි සිටීමට සහ කතා කිරීමට අප කිසිසේත් පසුබට වන්නේ නැහැ . ශ්‍රී.ල.නි.ප.යට නවකයින් ලෙසට පැමිණ මෙලෙස ක්‍රියාකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි තත්වයක් . ලග්ගල හා විල්ගමුව ප්‍රදේශවල ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් කුමන්ත්‍රණවලට හසුකර ගමෙ සංවර්ධනයද අඩාල වෙනවා‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ද ඕක තේරුනේ. කඩේ ගියාට වැඩක් නැහැ. වැඩිය දැඟලුවොත් ඔහෙටත් වෙන්නේ ඔය ටිකම තමා.(නදී)
මේක ගංජා වවන උන් ඇතැම් පොලිස් නිලධාරීන් එක්ක එකතු වෙලා කරන දෙයක් බවයි පෙනෙන්නේ.(නදී)
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා ගංජා ගෙනියනකොට අල්ලන්න එපාද? අනිත් අයව අල්ලන්න අපිව අල්ලන්න එපා එහෙමද?(නධී)
අනේ අම්මප මෙහෙමත් රටක්....(අ)
එතකොට, මිගමුව,වැල්ලම්පිටිය සිද්ධීන් ගැන නැවත සිතා බලන්න වෙනවා. (නදී)
ශ්‍රීලංකා කාරයන්ට මෙහෙම කරදර කරනවානම් විපක්ෂයේ අයට බොරු නඩු පටලවන එක පුදුමයක් නෙවෙයි.(නදී)
මෙයාලට උනොත් දේශපාලන කෙනෙහිලිකම්. අනිත අය කලොත් ?(දී)
ඔව් ඔව් .. තොත්ත බබාලා (අ)
එතකොට විපක්ෂේ කාවහරි අල්ල ගත්තනම් ඔහොම කියයිද? පැයෙන් පුවත් වල පට්ට ගහයි. දැන් ඉතින් පොලිස් ලොක්ක පොලිස් පොඩ්ඩ්ව පට්ට ගහයි. (නදී)
අනේ,රටකට ගිය කල!කවද අහපු දේවල්ද? වැල්ලම්පිටියට වුනෙත් මේකම තමයි. (අ)
ගංජා හේන වටලන්න යනවෝ කියල අඬ බෙර ගහන්නේ නැතුව වැටලීම කළා නම් ඉවරයි. හේන අයිති ලොක්ක පොලිසියට දෙන්න ඇති උපදෙස් මෙහෙම කරන්න කියලා. පොලිසිය කියන්නේ කොහෝම තැනක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? (නධී)
ඇත්ත නැත්ත දන්නේ උඩ ඉන්න දෙවියෝ තමා. එලියට එන්නේ හුඟක් වෙලාවට මවපු කතාවක් නේ . (අ)
මේක දේශපාලන කුමන්ත්‍රණයක් තමයි. චෝදනා ගොනුකොට උසාවියට ඉදිරිපත් කරනකොට ""ඇප දිය හැකි වරදකට'' ඉදිරිපත් කර ඇති බී වාර්තාව ''ඇප දිය නොහැකි ආකාරයට'' ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වෙනවා කියලා මහේස්ත්‍රාත් තුමා උසාවියේදී කියලා තිබුනා. (නදී)
ඇමතිතුමෝ ! එතකොට අකුරැස්සේ,තංගල්ලේ සබාපතිවරුන්ට විරුද්දව සිදුවලා ඇත්තේ ඔයවගේම දේශපාලන කුමන්ත්‍රණ වෙන්න ඇතිනේද? (අ)
බණ්ඩාරනායක ලාගේ නම අකා මකා දාන්න හොඳම ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් ටික කලක් වෙනවා. "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.(නදී)