පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායක ලෙස පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද පස්වරුවේ භාර දී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, රංජිත් සොයිසා හා වාසුදේව නානායක්කාර මහත්වරුන් විසින් මෙම ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්දානන්ද අලූත්ගමගේ මහතා පත්කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ යෝජනාවත් නරකම නැහැ.... (නි)
මේ පවතින රජයට හොඳටම පුලුවන් අාණ්ඩුවක් පත්කරන්න. ඒ ටික නොකර මේ පක්ෂ දෙකක් එකතුවෙලා එකමුතු රජයක් කරන්නේ විපක්ෂයක් නැතිකරන්නද? මේ සැවොම බයයි වගේ වික්ෂ නායක බවට මහින්ද මහත්තයා ඒවි කියන අදහසට. (නි)
අනුර කුමාර දිසානායක, සුමේදා ජයසේන වැනි අය ගැනත් සිතන්න වෙල්ගම සුදුසුනැහැ. (අ)
මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒක තෝරන්නේ විරුද්ධ පක්ෂයෙන් කියලයි. දැන් බලපුවහම ඒක කරන්නෙත් ආණ්ඩු පක්ෂයෙන්. (නි)
මෙතනට ආවොත් අර පරණ පුරුදු කතාම කතාකරන්න පටන් ගනීවිද දන්නෙ නැහැ (නි)
සජිත් මහතාගේ අදහසට මාත් එකඟයි. විදුර විපක්ෂ නායකකමට ඉතාමත් සුදුසුයි. නමුත් හෙට ශ්‍රීලනිප සංවත්සරයේදී ගෙන එන යෝජනාවේදී ඇත්ත කතා කිරීමේ වරදට පක්ෂයේ තීන්දු තීරණ වලට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළා යැයි කියමින් මුලින්ම විනය පරික්ෂණයට ලක්කරන පුද්ගලයා ලෙස එතුමාගේ මන්ත්‍රීධූරය පවා අහිමිවීමට හැකි බවක් මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණා. වෙල්ගම මහතාද විපක්ෂ නායක ධූරයට සුදුසුයි (නි)
සළකා බලමු නේද? (නි)
පක්ෂ-විපක්ෂ නොව ජාතික නායකත්වයක් අවැසිය රටට (නි)
ආණ්ඩු පක්ෂයේම කෙනෙක් විපක්ෂ නායක වීමේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නැහැ. (නි)
වෙල්ගම විපක්ෂ නායකකමට සුදුසුකම් කෙසේ වෙතත් මහින්දා නන්ද මහතා නම් පාර්ලිමෙන්තුවරවත් සුදුසු නැහැ (අ)
ලංගම සේවකයෝ දන්නවා මෙය කව්ද කියල. (අ)
සදාචාරාත්මක විනයක් ඇති පළපුරුදු කෙනෙක් පත්කරන්න. (නි)
වෙන කිසිවක් නොවේ... එකම අරමුණ ජාතික ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව අපහාසයට ලක් කිරීමයි. (අ)
වෙල්ගම මහතාව යෝජනා කරපු කට්ටිය නේද මහින්ද මහත්තයටත් යන එනමන් නැති කළේ (ම)
සාමාගේ ප්‍රතිචාරය අගේ කරනවා. ඉස්සර දේශපාලකයෝ දෙපැත්තට බෙදිලා වගේ පෙන්නලා මිනිස්සු කොටවල ඒගොල්ලෝ සැප විදිනවා. අද ජනතාව මෝඩ නැතිබව සාමා වැනි අයගේ ප්‍රතිචාරවලින් පෙනෙනවා. (ම)
ඔය ගහන්න හදන්නේ තුරුම්බුවක්.අන්තිමට විපක්ෂ නායකයා වෙන්නෙත් රටම ප්‍රතික්ෂේප කල එක්කෙනාම තමයි. හසු වෙන්න එපා. (අ)
බලමු බලමු... (නි)
හත්මුතු පරමපරාවම නිවන් දක්වපු කුමාර වෙල්ගම විපක්ෂ නායක වෙනවා කියන්නේ රටටම දෙවියන්ගේම පිහිටයි. (අ)
මෙතුමා ඉතා හොදයි.මීටත් වඩා හොදයි කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන,හිස උදුම්මා නොගත්, සාමාන්‍ය මිනිසෙකු සේ ජීවත් වෙන " අපේ විදුර අය්යා.......".(බ)
විරුද්දපක්ෂ නායකමට වැදගත් මහතෙක්, බුද්ධිමතෙක් පත් කරමු. විනය නැති පුද්ගලයින්ට විරුද්ධ පක්ෂ නායකකම දෙන්ඩ එපා. (ම)
මෙතුමා ආදර්ශවත් පුද්ගලයෙක් නොවෙයි. (බ)
මොකා පත් කරන්න වුනත් දෙනාට බලය දීලා තියෙන්නේ , මෛත්‍රිට , එයා සුදුසු කෙනා පත් කරාවි , ජඩ පාලනය යටතේ (බ)
යහපාලනයට ඉඩක් ලැබෙයිද මෙහෙම දේවල් වෙනකොට? කට්ටියටම අර ජනපතිතුමා කිව්වා වගේ වහල්බාවය අතහරින්නම බැහැ වගේ (නි)
ලංකාව වගේ රටක මිනිසුන්ට හරියන්නේ මේ වගේ අය තමයි. (නි)
මෙය විරුද්ධ පක්ෂ නායකයා වෙනවා නම් ඇහැට කනට පෙනෙන කාන්තා මන්ත්‍රීවරියන්ව නොපෙනෙන විදියට ආසනයක් පනවන්න. නැත්නම් හරි ජරමරයක්. (ම)
ඕකට සුදුසු නිමල් සිරිපාල කියලයි මම නම් හිතන්නේ (නි)
ඇයි කවුරු ගැන කතා කරන්නද ? (අ)
මෙතුමාට වඩා වැදගත් උගත් කෙනෙක් විපක්සේට ඇත්තෙම නැත්ද (අ)
මීට වඩා කෙනෙක් නැද්ද ඔය විපක්ෂයේ? (නි)
එයාට ඊටවඩා වෙන හරියන තනතුරක් නැද්ද? (නි)
අපි වගේ කුඩා රටකට මන්ත්‍රීලා 225 ක් මොකට පත්කරනවද මන්දා? ඉන්දියාවේ මිනිස්සු ලක්ෂ 48 කට එක මන්ත්‍රී කෙනයි. ලංකාවේ හැම 90,000 කටම එක මන්ත්‍රීකෙනා ගානේ ඉන්නවා. ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන ගැන යළි සළකා බලන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවට යන වියදම ජනතාවට ලොකු බරක්.ලංකාව පොඩි රටක් නිසා මන්ත්‍රීවරු 100 ක් හිටියහම හොඳටම ඇති. මේ හැම වියදමක්ම එකතුවෙලා එකතුවෙලා අන්තිමට ජි එස් ටි කියයි ,අරක මේක කියයි. අයකරගන්නේ අපෙන්ම තමයි.පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් ආයතන දෙකක් බිම් මට්ටමේ පාලනයට අනවශ්‍යයි. මේ දෙකෙන් එකක් ඉවත් කළයුතුයි. මේ සදහා පැවැත්වෙන මැතිවරණ වලටත් ජනතාව විශාල වියදමක් දරනවා. ඒ වගේම මේ බොහෝ කටයුතු රාජ්‍ය නිලධාරීන් හරහා පහසුවෙන් ක්‍රියාත්මක කළහැකියි. බිම් මට්ටමේ පරිපාලනයට රටටම පොදු න්‍යාය ධර්ම ටිකක් නිර්මාණය කිරීමෙන් මේ බොහෝ කටයුතු පරිගණක භාවිතයෙන් වඩාත් ඵලදායීව හා ක්‍රමවත්ව සිදුකළ හැකියි.පසුගිය මැතිවරණයේ වියදම කෝටි 400 ක් කියලා මම දැක්කා. ගෙවල් නැති අයට ගෙවල් 8000 ක් මේ සල්ලි වලින් හදලා දෙන්න තිබුනා. මම කියන්නේ ලක්ෂ 5 අඩු වියදම් නිවාස ගැන (නි)
රට,ජනතාව ගැන හඬක් නැඟීමට හැකි අයෙක් පත්කරමු. (නි)
රටේ විපක්ෂ නායක තමයි රටේ අනාගත අගමැති .මේ තනතුරට මෙයා ගැලපෙන්නේ නැහැ .ජනතාව ජන්දය දුන්නේ මේ වගේ අය පත් කරන්න නෙමෙයි. (ම)
එකම පක්ෂයේ කොටසක් ආණ්ඩුව ලෙසත් කොටසක් විරුද්ධ පක්ෂය ලෙසත් සිටීම විහිළුවක්. (නි)
ඔය තනතුර සඳහා වැදගත් මහත්මයෙක් පත්කර කවුරුත් එකතුවෙලා රටට වැඩ කළොත් හොඳයි. (නි)
නියමයි. (නි)
කවුරු වුණත් වැදගත් මහත්මයෙක් නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
මෙතුමා එළියේදී කතාකරන දේවල් විපක්ෂ නායකයා වුණොත් පාර්ලිමේන්තුවෙත් කතාකරයිද දන්නේ නැහැ. යහපත් චරිතයකට විපක්ෂ නායකකම දුන්නොත් රටට කෙසේවෙතත් විපක්ෂයට හොඳක් වෙයි. හැබැයි එහෙම අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා නම් සැකයි. (නි)