මාතලේ විල්ගමුව දැනට පෝලිම් ගැසී සිටින ගොවීන්ගෙන් වී අදම මිලට ගෙන පෝලිම් නැති කරන්නැයිද අවශ්‍ය නිලධරයන් යවන්නැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිසාපති නීල් ද අල්විස් මහතාට අද නියෝග කළේය.
ලංකාදීප එසැණින් හා ලංකාදීප පත්‍රයේ පළවූ පුවත දුටු අගමැති අවශ්‍ය මුදල්ද යවා දිසාපතිට නියෝග කළේ ගබඩාවල ඇති වී මෝල්වලට යවා සහල් කිරීමට පියවර ගෙන ගොවීන්ගෙන් ගන්නා වී ගබඩා කිරීමට අදම ක්‍රියා කරන ලෙසයි. පොළොන්නරුවේ වී මිලදී ගැනීම්වල අඩුපාඩු ඇත්නම් ඒවාටද වහා පිළියම් යොදන ලෙස පොළාන්නරුව දිසාපතිටද අගමැති නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 325 ට තිබුන යතුරුපැදි අදායම් බලපත්‍රයත් යුද්දයක් නැතිවම රුපියල් 750 දක්වා වැඩි කර ගත්තේ ඒකාධිපති පවුලක් රජ කරවන්න තමයි.(අ)
ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට අවධානය යොමු කල එසැනටත්, එම ගැටළු කඩිනමින් විසදීමට උපදෙස් හා ප්‍රතිපාදන ලබා දුන් අග්‍රාමාත්‍ය වරයාටත් ස්තුතියි. රාජ්‍ය පාලනය කල යුත්තේ මෙලෙසිනි. (නදී)
පොළොන්නරුවේ වී කොටන මෝල් කිහිපයක් පිහිටුවන්න. එවිට වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය නැති කල හැක. එසේත් නැත්නම් කුඩා ප්‍රමාණයේ වී කොටන යන්ත්‍ර සහන නය ක්‍රමයක් යටතේ ගොවීන්ටම ලබා දෙන්න. එවිට ගොවීන්ට කෙලින්ම සහල් වෙළද පොලට නිකුත් කල හැක. කුඩා වී කොටන යන්ත්‍රයක සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 1 1/2 පමණ වේ (නදී)
ලංකාදීපයට ස්තුතියි (නදී)
තිලක්-ඩුබායි ඔතන සහනයක් නෑ.. ඔයා මුලින්ම ලියාපදිංචි වෙනකොට හරි අලුත් රැකියාවකට ගිහිල්ල එක ලියාපදිංචි කරනකොට හරි තමයි 11800.00 ගෙවන්න වෙන්නේ. එහෙම නැතිනම් ඔයාගේ ලියාපදිංචි අවරුදු 2 කට පාරක් අලුත් කරනකොට ගෙවන්න වෙන්නේ ඩොලර් 35 වගේ ගානක් තමයි... (අ)
යකා වෙලානේ (නදී)
100% ක්ම මම දිලිප්ගේ අදහස අනුව එක්වෙනවා (නදී)
නමුත් රටට අවශ්‍ය ක්ෂණික විසදුම් නොව දිර්ඝ කාලීන ප්‍රතිපත්ති.(ම)
දැන් වී මිල කියද ?(නදී)
ඔබතුමා නොහිටින්න අපි තාමත් මහ රජා දුප්පත් මිනිහගේ සල්ලි වලින් බාල නට නටා ඉන්නවා බල බලා තමා ඉන්න වෙන්න. (ම)
සුමනපාල මහතාගේ අදහසට මාද එක්වෙමි (ම)
දිර්ඝ කාලීන ප්‍රතිපත්ති හදන්න කලින් අවශ්‍ය ක්ෂණික විසදුම් ජනතාවට ලබා දිය යුතුයි. දිර්ඝ කාලීන ප්‍රතිපත්ති හදන් කන ජනතාව අමාරුවේ දාන එකෙන් කාටද සෙතක් වෙන්නේ (නදී)
රූපවාහිණියෙන් පෙන්නන කම් නිලධාරීන් නිදයගෙනද හිටියේ? (නදී)
මොහාන්, කාගේද ඔය කියන ඒකාධිකාරය? (හේ)
පොළොන්නරුවේ සහල් ඒකාධිකාරය තියෙන්නේ කාගේ අතේද කියල කියන්න පුළුවන්. මේකේ පල කරාවිද දන්නේ නැහැ. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දැන් විපක්ෂයේ මන්ත්‍රී. අනිත් එක්කෙනා ලංකාවේ ලොකුම පුද්ගලයෙක් ගේ සහෝදරයා. ඒ ඇරුනම තව ව්‍යාපාරිකයෝ 3 දෙනෙක් ඉන්නවා.(නදී)
මෙච්චර දවස් වෙනකන් මොකද කරේ පළාත් බාරව නිලදාරීන් දැනුම් දුන්නේ නැද්ද, එතකොට පළාතේ මන්ත්‍රී නිදාගෙනද හිටියේ ? ආණ්ඩුව ජනතාවාදී කියල පෙන්නුම් කරන්න හදන්නේ මෙහෙම පුවත් නිකුත් කරලා අනිත් ඒවත් පුවත් වලින් එනකන් හිටියනම් හරි ලොල් තමයි (නදී)
මේ වගේ ප්‍රශ්න ජනතාව ආණ්ඩුවට පෙන්නලා දෙන්න දෙන්න වැඩ හොඳට වෙනවා (නදී)
හොඳ වැඩක් (ම)
ලංකාදීපයට ස්තුතියි (අ)
අගමැතිතුමා නොඇක්කා නම් තාමත් අර අහිංසක මිනිස්සු දුක්විදිනව එතකන් අර ලොකු අය නිදාගෙන ඉන්නඅතිනේ (අ)
මේ වහලේ තෙමෙන තෙමෙන තැන්වලට පොල්කටු තැබීමක්. ක්ෂණික ස්ථිර පියවර ගැනීමට නිලධාරීන් නැද්ද? (අ)
තිලක් ඔයාට පෙට්‍රල් එදා 178 ගානේ ගාන්න සිද්ද වුණාට ඒවායින් ලැබුණු මුදල් ආයෝජනය වුණේ රටේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන්ම තමයි. එදා ගොඩක් සල්ලි වියදම් කරලා ඕගොල්ලන්ට රට අතුලේදීම බලන්න සකස්කරලා තිබුන කාර් රේස් දැන් තියෙනවද? දැන් ඒවා කෝ ? (අ)
ගොවියන් අස්වැන්න නෙලන කාලයට සූදානම්ව සිටිය යුතුයි නේද? මේව බාරව විශ්‍රමගත් හමුධ නිලධාරියෙකු හෝ වතු අධිකාරී මහතෙකු පත්කරන්න. (අ)
නව රජය තැනට සුදුසු තීරණය දැන් ගත්ත ඒ තුලින් ගොවීන්ට ඉක්මන් සහනය ලැබුන ඒ වගේම දීර්ග කාලින විසදුම් වලට රජය හැකි ඉකමනට යයි වසර 10 රජකළ එකදිපති වියරුව මොනවද කරලා තියෙන්නේ ගොවි ජනතාව වෙනුවෙන් එසේනම් අයි මේ විදියට ගොවි ජනතාව අසරණ වෙන්නේ රටේ මුලික අවසථාවන් වලට මුල්තැන නොදී මෙගා ඩිල් ගහපු එකවිතරයි පසුගිය රජය කලේ එහි අනිසි ප්‍රතිපල දැන් ලැබෙන්නේ. (අ)
සිවිල් සේවක නිලධාරීන් අසමත් වුණූ තවත් අවස්ථාවක්.(ම)
මෙම අකාර්යක්ෂම වගකිව යුතු නිලධාරීන් සේවයෙන් පහකළ යුතුයි. මෙය හදිසියේ සිදුවූවක් නොවේ. ඔවුන් වී මිලදී ගැනීමට සුදානම්ව නොසිටියේ මොකද? (ම)
දිවංගත ගරු රන්ජන් විජේරත්න මැතිතුමා හිටියනම්, සේවය පැහැර හැරි නිලධාරීන් ඔක්කොම ගෙදර.(ම)
ඉක්මන් ප්‍රතිචාර එක්ක ජනතාවට සහනය සැලසුවට ස්තූතියි. ලංකාදීපෙටත් ස්තූතියි ඒදැනුවත් කිරීමට. මාධ්‍ය ආයතනයක වගකීම නිසිලෙස වෙලා තියෙනවා. කඩිනම් විසඳුම් වගේම දීර්ඝකාලීන විසඳුම් අවශ්‍යයි. රටේ නිලධාරි පැලැන්තියේ අවුල් තියෙනවා ඒ අයව පිලිවෙලක් කරන්නත් ඕන. (අ)
ලංකාදීපයට ස්තුතියි. අගමැති තුමාගේ දීර්ඝකාලීන සැලසුම් ඉදිරියේදී පටන්ගනියි සිතමු. පංච විද සැලැස්ම ක්‍රීයාත්මක කරොත් ඕව හරියයි. (නදී)
අනේ අර යතුරු පැදියෙන් ගිහින් මැරුණයි කියන අන්තරේ අසරණයන් දෙන්නගේ ලිපිය නිතරම පල කරන්නකෝ. (අ)
ප්‍රසන්න.දැන් 11800 ය යහපාලන අණ්ඩුවෙන් 5800 අඩු කරල තියෙන්න. දැන් මිලින්ම වැඩට ගියත් ගෙවන්න ඕනේ 5800යි. (අ)
ගොඩක් හොද වැඩක්.(හේ)
වැලිවේරියේ මිනිස් සංහාරය, හලාවත මිනිස් සංහාරය, කටුනායක මිනිස් සංහාරය ගැනත් නිතරම ලිපි පල කරලා පාලකයන් අවදි කරවන්න. ඒ අසරණ වුන අසරණයන්ට සහනයක් සලසා දෙන්න. පින් සිද්ද වෙනවා. (නදී)
අර කට්ටිය හිටියා නම් තාමත් අපි පෙට්රෝල් ගහන්නේ රුපියල් 178 ගානේ.(නදී)
වයිකෝ, ඔබ හරියට හරි. ඒ දවස්වල අපිට සුමානෙන් පාස්පෝර්ට් එක ගන්න ලැබුනෙත් එතුමා නිසා (නදී)
මොහාන් ගේ ප්‍රතිචාරයට අගමැති තුමාගේ ඉක්මන් අවධානය යොමු වේවා යි පතමු (අ)
මිට අවරුදු 2 කකට කලින් කටුනායක ගුවන් තොටුපොලේදී මගේ විදෙස සේවා එකේ මුද්දරය ගහ ගන්න රුපියල් 11800 ක් ගෙවන්න සිද්ද වුණා.ඔන්න නැවත මම මගේ මුද්දරය ගහ ගන්න මාස දෙකක් පරණ වෙලත් එම්බසියට ගියහම මට ගෙවන්න වුනේ ඩිරාම් 125.(රුපියල් 4000) පමණයි.මොන තරම් සහනයක්ද? (අ)
මම රුපියල් 11800 ක් ගෙවල ගුවනට නැග්ගේ මේවා කරන අවුන්ට ලබන සැරේ ලංකාවට එන්න කලින් සාප වේවා කියලයි.අසරණ ලක්ෂ සන්කියත ජනතාවගේ ඒ සාපය හුනියමක් වෙලා වැදිලයි තියෙන්නේ.නැවත සර්පයාට කිරි පොවන්න නම් ලැහැස්ති වෙන්න එපා. (අ)