වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (05) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ගර්භනී කාන්තාවක් (23) රෝහල් ගත කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ සිටින තම අක්කාගේ ස්වාමියා බැලීමට අක්කා සමග පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මැදි වූ ගැබිනි මව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාර 4ක් එල්ල වීඇති අතර වැරදීමකින් එය ගැබිණිමවට වැදී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්, නියම නීතිගරුක පුරවැසියෝ ජීවත්වෙන්නේ "වැලිකඩ " කියලද ඔයා හිතන්නේ? (නි)
සරත් ෆොන්සේකාගෙන් වැඩක් ගන්න කාලය ඇවිල්ලා. පාතාලය මර්දනය භාර දුන්නා නම් හොඳයි (නි)
සැබෑම වෙනසක්නේ. (නි)
පොලිසිය කියන්නේ කොහොමද වැරදිලා ගැබිනි මවට වැදුනා කියලා? වෙඩි තියපු අය කලින් කියලා ආවාද? මම හිතන්නේ පොලිසිය පුර්ව නිගමන වල සිට පරීක්ෂණ කිරිම අපරාධ මෙන්ම අපරාධකරුවන්ගේද සංඛ්‍යාව ඉහළයෑමට හේතුවක් (නි)
ප්‍රියාන්, ඔයාට වැරදිලා. (නි)
රට ගැන හිතලා දැන්වත් නිතිය හා සාමය ඇමතිකම ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න. පාතාලය මර්දනය කරන්න. කම්බා හොරුන්ගේ ගසාකාපු ධනස්කන්දය නැවත ජනතා සතුකරන්න ඉන්න හොඳම නායකයා ජෙනරල් ෆොන්සේකා පමණයි. (නි)
යූඑන්පී එකෙන්ද පාතාලය මර්දනය කරන්න කියලා ඉල්ලන්නේ? කරයි බලා ඉන්න මහමුහුද හිඳෙනකම්. (නි)
ඔන්න පරිස්සම් වෙන්න.කොටි ගහනවට වඩා දැන් භයානකයි වගේ.(හේ)
අපමණ අගයක් පාතාලයට, හොරු අල්ලන්න ආවේ දැන්නම් අපේ ජීවිත අවදානමේ (හේ)
යහපාලනය හොරු අල්ලන්න දුන්නේ පාතාලයටද (හේ)
මම හිතන්නේ දැන් නම් පාතාලය දගලන්න දුන්න හොදටම ඇති කියල දැන්වත් එස් ටී එෆ් සමග නැවත වැඩ පටන් ගත්තනම්.(හේ)
මේකට තමා වෙනස කියන්නේ , ඔය ටිකට තමා අපි වෙනසක් කරන්න අලුත් ආණ්ඩුවක් හැදුවේ.(හේ)
දැන්ම ඔය පාතාලය නතර කරා නම් හරි.(හේ)
වෙනස හොදයිද තව නැහැ පටන් ගත්ත විතරයි (හේ)
පාතාලයට ලැබිලා තියෙන අපමණ අගයනම් කියා නිම කරන්න බෑ. දවසගානේ පාතාල මිනීමැරුම් - තාම පටන් ගත්ත විතරයිත් එක්ක (හේ)
ඩුබායි-තිලක්ලා ට එහෙම දැන් අපමණ සතුටක් ඇති- ලංකාවට අපමණ අගයක් ලැබිල නිසා. (බ)
පහුගිය ආණ්ඩුව කාලේ සුදු පාට පාසල් වාහනයක් අසලින් ගියත් මළ මුත්‍ර පිටකරගෙන රටින් පැන්න එවුන් මැතිවරණයෙන් පස්සේ යහපාලනයට පින්සිද්ධ වෙන්න මුන්ට තිබුන සෙනසුරු අපලය ගෙවිලා ගියා.මේ පාතාල ගහලයන් ටික එකිනෙක මරාගෙන හරි සමාජයෙන් මකබැවිලා යනවනම් රටට සෙතකි .එහෙත් මුන් මරාගන්න කොට මුන්ගේ පව් වලට අහක සිටින අහිංසකයන් කර ගැසීමට සිදුවීම කෙසේ අනුමත කළ හැකිද. (බ)
අහෝ ලංකාවට වුන දේ ....(බ)
කිංස්ලි පෙරේරා, ඕනවට වඩා කේන්තිගන්න එපා. වටපිට බලලා කතාකරන්න හෙමතැනම පාතාල ගහලයෝ.අපි කිව්වා ඔය ටික යහපාලනයක් බදාගන ඒ දවස්වල දැගලුවේ, දැන් සනීපද...(බ)
කිංග්ස්ලි පෙරේරා, මේ සතියේ ඉරුදින පුවත්පතක පළවුණා පාතාලය ගැන ලියූ ලිපියක් (නි)
මොනවද මේ දවසින් දවසම ඉහළ යන අපරාධ? (නි)
සුමිත්‍ර කොහොම පරිස්සම් වෙන්නද? කොටින්ගේත් වලිගය අතහැරලා තියෙන්නේ. මේ අස්සෙම එයාලත් උවමනා දේ කරගනීවි. (නි)
මේක ප්ලෑන් කරලා කරන වැඩක්.(හේ)
මහින්දවාදීන්ට ගොඩාක් සතුටුයි වගේ.රටේ අපරාදයක් වෙන කොට ගොඩක් සතුටු වෙන්නේ මහිදගේ ගෝලබාලයෝ ටික.මට නම් හිතන්නේ මේ ආණ්ඩුව අසීරුටවයට පත් කරන්න කරන කුමන්ත්‍රණයක් වගෙයි.(කෞ)
රට සංවර්ධනය වෙලා, ලෝක බැංකු වාර්තා එලියට එන විට අපේ ලොකු අය්යියට ඇස් ඇරගෙන ඉන්න බැරි උනා. චීනෙට ලංවෙලා ඉන්නවිට සුදු අයියට හොඳටම අමාරු උනා. එත් අපට දුක අපේ දෙවෙනි අම්මා ගැන. ඒ තමා, ලංකාව ....මගේ ලංකාව. (කෞ)
තිලක්ගේ යෝජනාවට මමත් කැමතියි. සරත් ෆොන්සේකා විතරයි ඉන්නේ. කොටි එළවපු නායකයාට පාතාලය ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ගොඩක් පහුගිය ආණ්ඩුවේ අය කැමතිවෙන එකක් නැහැ මේ යෝජනාවට. (නි)
මොකද කලබල වෙලා මේ යහපාලනය ගෙනෙන්න දර දිය ඇද්ද අය? (නි)
කොන්ද පන නැති අය අවාම ඔහොම තමයි..ඉස්සර සුදු වැන් නිසා හරි පාතාලයට ඔලුව උස්සන්න දුන්නේ නැහැ..පාතාලය විනාශ කරගෙන එනකොටනෙ යහපාලනයක් ඕන උනේ..(කෞ)
ගෝඨාභය නැති අගය දැන් පේනවා නේද.(කෞ)
ඔන්න යහපාලනය ගැබිනියකට පාරේ යන්න බෑ(කෞ)
අපි හිතුවේ යහපාලනයේ ඕවා වෙන්නේ නෑ කියලා(කෞ)
ලංකාවේ හමුදාවේ බලය සියයට 37කින් අඩු කළ බව ඇමෙරිකාවේදී අපේ ලොකු ඇමති කෙනෙක් කීවලු. ඒ අඩු කළ කොටස දැන් පාතාලයට බාර දීල වෙන්න ඇති. (කෞ)
ගැබිනියකුටවත් ආරක්ෂාව නැති තුවක්කු සංස්කෘතිය මැඩලීමට යහපාලනය වහාම පියවර ගතයුතුය (නි)
දැන් දසක කීපයක සිට පාතාල කණ්ඩායම් ගහ මරාගන්නවා.නායකයෝ ටිකක් මැරුණට පස්සේ ටික කලකට මරා ගැනිල්ල නතර වෙනවා.ටික කලකින් නැවත පටන් ගන්නවා.(හේ)