සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවියන් දැකීමට ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට අද සහ හෙට අවස්තාව ලබාදී ඇත.
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ සැපදුක බැලීම සදහා අද හිමිදිරියේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි ඥාතීහු ඔවුන්ට අවුරුදු අරන් ආහ.
කිරිබත් , කැවුම්, අතිරස, මුංකැවුම්, කොකිස්, කෙසෙල් අච්චාරු ආදී අළුත් අවුරුද්දේ විශේෂ ආහාර වර්ග ඔවුන් ගෙනා ආහාර අතර විය.
සියළු ආහාර පරික්ෂා කිරීමෙන් පසුව රැදවියන් වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි.
වෙනදාට පිටතින් ගෙනෙනා ආහාර රැදවියන්ට ලබානොදෙන අතර අද සහ හෙට පමණක් මෙසේ ගෙන එන ආහාර සහ කැවිලි වර්ග රැදවියන්ට ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමෙන්තුව මගින් පියවර ගෙන තිබුණි.
වැලිකඩ බන්ධනාගාරයේ විවිධ වරදකරුවන් 3000 පමණ රදවා සිටිති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd