පසුගිය රජයේ දේශපාලකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන්ගේ සේවය අයුතු ලෙස ලබාදුන් බවත් එම ආයතනය සල්ලාල පාරාදීසයක් වූ බවත් කියන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් කියයි.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතාගේ වාර්තාවේ චෝදනා සම්බන්ධ පරීක්ෂණ වලදී ක්‍රියාකළ ආකාරය පිළිබද ඔහුගෙන් මාධ්‍යව්දීන් ඇසු ප්‍රශ්නයකදී හෙතෙම අපහසුතාවයට පත් විය.
එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූයේ ගුවන් සේවය පිළිබද පරීක්ෂණ විධිමත් කරන බව පවසමිනි.මහින්ද රාජපක්ෂගේ සමීපතයෙක් වන නිශාන්ත වික්‍රමසිංහගේ පාලනය යටතේ දූෂණ සහ අක්‍රමිකතා සිදුවූ බවත් එම කාලයේ එම ආයතනය සල්ලාල පාරාදීසයක් වූ බවත් චෝදනා කරමින් ඔවුහු දේශපාලනයේ බොහෝ දුර පැමිණියහ. මේ චෝදනා 2015 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ සුලබ වූ නමුත් ඉන්පසු පත්වූ නව කාර්ය මණ්ඩලයේ නිළධාරීහු එම චෝදනා පෞද්ගලික ගැටළු බව හා තමන්ගේ විෂය පථයට අදාළ නොවන බව පවසමින් ඒවායින් බැහැර වීමට උත්සහ ගනිති.
“ඒවා පෞද්ගලික කාරණා.මෙතනට ඒක ගැලපෙන්නේ නැහැ“යැයි රාජපක්ෂ සමයේදී නාමල් රාජපක්ෂට ගුවන් සේවිකාවකගේ සේවය නිශ්චිත නොවන පදනමින් ලබාදීම සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකදී සභාපතිවරයා පැවසීය.
ගුවන් යානා ඇණවුම් කිරීම පිළිබද ගැටළුව තමන්ට අදාළ නොමැති බවත් පසුගිය සමයේ ඒ 350 ගුවන් යානාවක් මිලදීගැනීමට අත්සන් කළ බදු ගිවිසුම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට නව ගුවන් යානාවක වටිනාකමට සමාන මුදලක් ගෙවීමට සිදුවන බවත් හේ පැවසීය.
“ඒ සම්බන්ධ කිසිම දෙයක් අපගේ විෂය පථයට අදාළ නැහැ“යැයි ගුවන් සේවය මුල්‍යමය අර්බුදයකට ඇද දැමීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් කවුරුදැයි මාධ්‍යවේදින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.
ගුවන් සේවය ඉහළ නිළධාරීන්ට ගුවන් සේවිකාවන්ගෙන් සහ තරුණ සේවිකාවන්ගෙන් ලිංගික ආශ්වාදය ලබාගත හැකි සල්ලාල පාරාදීසයක් බවත් වැලිඅමුණ වාර්තාවේ සදහන් විය.
සමහර ගුවන් සේවිකාවන් පිටතින් බඳවා ගත් අතර ඉන් සමහර සේවිකාවන්ට අසාමාන්‍ය වැටුප් ලබාදී ඇත. නාමල් රාජපක්ෂ වෙනුවෙන් සේවය කළැයි කියන මෑතකදී අත්අඩංගුවට ගත් සේවිකාවටද එලෙස අසාමාන්‍ය වැටුප් ලබා දී තිබේ.නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිඅමුණ මහතාගේ වාර්තාවට අයකළ මුදල ගැන කණගාටුවෙන දහම් මහතා, එම ආයතනයේ ඊට එහා ගිය විනාශයන් ගැනත් යම් කණගාටුවක් ප්‍රකාශ කළේ නම් සතුටු විය හැකිය. කාට ඡන්දය දුන්නත් "උනුත් එකයි මුනුත් එකයි" කීවානම් තරමක් හෝ සාධාරණ වෙනවා ඇත. (නි)
වැලි අමුණ මේ වාර්තාව හදන්න කීයක් අය කළාද. ඔන්න ඕව කර ගන්න තමයි මහින්දට විරුද්ධව වැඩ කරලා මේ ආණ්ඩුව මේ ගොල්ලෝ පත් කර ගත්තේ. (බ)
ශ්‍රීලන්කන් ආයතනය විනාශ කළා. නාමල් සහ වික්‍රමසිංහ මාම සේවිකාවන්ට පෞද්ගලිකව හොදින් සැලකුව.මේ මහජන දේපල විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද? (බ)
නිලධාරීන් එක්ක හෙට්ටු වෙලා වැඩක් නැහැ. විශේෂ අධිකරණයක් හා නීති මාලාවක් වහා ගෙන ආ යුතුයි. අතීතයට බලපාන පරිදි වුනත් කමක් නැහැ. (ර)
අන්තිමට මේකත් ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ වගේ ප්‍රලාපයක් වුණා නේද? (බ)
පසුගිය සමයේ ඒ 350 ගුවන් යානාවක් මිලදීගැනීමට අත්සන් කළ බදු ගිවිසුම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට, නව ගුවන් යානාවක වටිනාකමට සමාන මුදලක් ගෙවීමට සිදුවේමේක තමයි තිත්ත ඇත්ත. (බ)