හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ජාවාරම් කළැයි වෙලේ සුදාට එරෙහි පැමිණිල්ල අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.

රස පරීක්ෂක වාර්තාව අනුව හෙරොයින් ග්‍රෑම් 7.05 ක් යැයි සටහන් වුවද වෙලේ සුදා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුඩු ග්‍රෑම් 84ක් තිබූ බවත් ඔහු ග්‍රෑම් එකකින් පැකට් 200ක් සාදා ජාවාරමේ නිරතව සිටි බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට කරුණු දැක්වූවාය.

ඔහුට එරෙහි චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇති බවත් පැමිණිල්ල අධිකරණයට දැන්වීය.

නඩු විභාගය සැප්තැම්බර් 8 වැනිදාට කල් තැබිණි.