හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11ක් සමග ඉකුත් (20) රාත්‍රියේ බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනා ලබන මස 11 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්.අමරසිංහ මහත්මිය අද (26) නියෝග කළාය.
ගම්පොළ විදානගේ දිලිනි නිල්මිණි, වී.පී.ධම්මිකා නොහොත් බොරැල්ල සිරිසර උයන කුඩු ධම්මි සහ හක්මන පදිංචි ලියනගේ නිශාන්ත මධුසංක නමැති තිදෙනා ඒ අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවල සිර කදවුරු, සිරකරුවන් පුනරුත්තාපනය කිරීමට මනාව සකසා තිබෙනවා. නමුත් අපේ රටේ සිර කඳවුරු වල තත්වය අන්තිමයි. උදාහරණයක් ලෙස නෝර්වේ රටේ සිර කඳවුර එහි සිරකරුවන් පුනරුත්තාපනය කිරීමට උපරිම වෙහෙසක් ගන්නවා. මේ සිර කඳවුරු වල වෙනම කාමරයට ඇල්ලු නාන කාමර , එල් සි ඩි රූපවාහිනි , ශීතකරණ ආදී පහසුකමුත්, කුෂන් ඇඳකුත් ලබා දෙනවා. ඒ වගේම පිලිපීනයේ සේබු සිර කඳවුර එහි සිරකරුවන්ට ඔවුන්ගේ ගැටළු ප්‍රශ්න අමතක කරවීමට වෙනම නර්තන පාඨමාලා පවත්වනවා. ඒ වගේම නෝර්වේ රාජ්‍යයේ බස්ටෝන් සිර කඳවුර එහි සිරකරුවන්ට අශ්වයා පිටේ ගමන් කිරීම, ටෙනිස් ක්‍රීඩා කිරීම වැනි පහසුකමුත් ලබාදෙනවා. සාර්ථකව පුනරුතාපනය කිරීමට නම් මේ සිරකරුවන් තුළ යහපත් මානසිකත්වයක් ගොඩනැඟීම අත්‍යාවශ්‍යයි. මේ සඳහා ඔවුනට නිසි පහසුකම් සළසා දියයුතුයි. (නි)
බලන්නකෝ එ්කෙත් හැටි. ග්‍රෑම් 170 ව ග්‍රෑම් 11 ක් වුණු හැටි ..වෙලේ සුදාගේ නංගි පිනි ජම්බු ගෙඩියක් වගේ නිසා .. පොලිස් මාමල ඔය ගාණ ග්‍රෑම් 0.1 නොකළේ ඇයි කියලයි මට පුදුම ..? (බ)
අයියෝ මෙයාටත් වෙච්ච දෙයක්? (නි)