වෙලේ සුදා හා සබඳතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ඔහු නොයෙක් අයථා ක්‍රම වලින් උපයාගත් මුදල් යොදාගෙන නිශ්චල හා චංචල දේපළ මිලදීගෙන ඇතැයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ පැවසීය.
නීතිපති උපදෙස් අනුව මෙම දේපළ සම්බන්ධව වාර්තාවක් පිළියෙල කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.
සැප්තැම්බර් මස 18 වැනිදා වන විට එම වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට නියෝග කළේය.
හෙරොයින් ජාවාරම් කිරීම හා එයින් උපයාගත් මුදල් නිශ්චල හා චංචල දේපළ මිලදී ගැනීම සඳහා යොදාගැනීම යන චෝදනා මත සැකපිට වෙලේසුදාගේ සොහොයුරියකගේ හිටපු සැමියා වන රාජගොඩගේ සාලිය කුමාර , ඔහුගේ බිරිඳ බිනරගමගේ දොන් නදීශා නිල්මිණී ඇතුලු තවත් කිහිපදෙනෙක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අත්අඩංගුවට පත්වූහ.
නදීශා නිල්මිණී මීට පෙර අවස්ථාවකදී ඇප මත නිදහස් කෙරිණ.ඇයගේ විදෙස් ගමන් බලපත්‍රද අහෝසි කෙරිණ.
සැකකාර සාලිය කුමාර තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙලේ සුදාගේ දේපළ : සී.අයි.ඩී ය වාර්තාවක් හදයි
ශාන Friday, 04 September 2015 01:09 PM
මේ ගොල්ලන්ට දඬුවම් ලබා දෙන්න. (අ)
මොහාන් Saturday, 05 September 2015 05:21 AM
ලලිත්, දේශපාලකයන්ගේ දේපල වලට අත තියන්න බැහැ. පුළුවන් නම් ඔප්පු කරන්න (නි)
චන්න බුවනක Friday, 04 September 2015 05:01 PM
එයාගේ පස්සේ මොනවට ඔච්චර පන්නනවද මන්දා. තව කොච්චර දේවල් තිබෙනවද හොයන්න? (නි)
ලලිත් Friday, 04 September 2015 08:54 PM
එතකොට සුදාගෙන් කප්පම් අරගෙන ඒවායින් දේපොළ මිලදීගත් දේශපාලඥයන්ගේ දේපොළ වලට මොකද වෙන්නේ? (නි)
යහපාල Friday, 04 September 2015 10:19 AM
අපි හිතුවේ ඒ සද්ගුණවත් මහතා පොල් මුදලාලි කෙනෙක් කියල (අ)