වෙලේ සුදා හා සබඳතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ඔහු නොයෙක් අයථා ක්‍රම වලින් උපයාගත් මුදල් යොදාගෙන නිශ්චල හා චංචල දේපළ මිලදීගෙන ඇතැයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ පැවසීය.
නීතිපති උපදෙස් අනුව මෙම දේපළ සම්බන්ධව වාර්තාවක් පිළියෙල කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.
සැප්තැම්බර් මස 18 වැනිදා වන විට එම වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට නියෝග කළේය.
හෙරොයින් ජාවාරම් කිරීම හා එයින් උපයාගත් මුදල් නිශ්චල හා චංචල දේපළ මිලදී ගැනීම සඳහා යොදාගැනීම යන චෝදනා මත සැකපිට වෙලේසුදාගේ සොහොයුරියකගේ හිටපු සැමියා වන රාජගොඩගේ සාලිය කුමාර , ඔහුගේ බිරිඳ බිනරගමගේ දොන් නදීශා නිල්මිණී ඇතුලු තවත් කිහිපදෙනෙක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අත්අඩංගුවට පත්වූහ.
නදීශා නිල්මිණී මීට පෙර අවස්ථාවකදී ඇප මත නිදහස් කෙරිණ.ඇයගේ විදෙස් ගමන් බලපත්‍රද අහෝසි කෙරිණ.
සැකකාර සාලිය කුමාර තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට දඬුවම් ලබා දෙන්න. (අ)
ලලිත්, දේශපාලකයන්ගේ දේපල වලට අත තියන්න බැහැ. පුළුවන් නම් ඔප්පු කරන්න (නි)
එයාගේ පස්සේ මොනවට ඔච්චර පන්නනවද මන්දා. තව කොච්චර දේවල් තිබෙනවද හොයන්න? (නි)
එතකොට සුදාගෙන් කප්පම් අරගෙන ඒවායින් දේපොළ මිලදීගත් දේශපාලඥයන්ගේ දේපොළ වලට මොකද වෙන්නේ? (නි)
අපි හිතුවේ ඒ සද්ගුණවත් මහතා පොල් මුදලාලි කෙනෙක් කියල (අ)