වසර දෙකක කුඩු ජාවාරමෙන් රුපියල් කෝටි විස්සකට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට වෙලේ සුදාටත් , ඔහුගේ බිරියට හා ඥාති සහෝදරියටත් එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් මාසයේ සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (27) නියෝග කළාය.
වසර දෙකක කාලයක් පුරා විවිධ අවස්ථාවල සිදු කෙරුණු බව සඳහන් කරන ගනුදෙනු පාදක කර ගනිමින් එකම චෝදනා පත්‍රයක් යටතේ මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය නඩුව විභාගයට ගැනීමට තිරණය කළාය.
ලබන දෙසැම්බර් 02 වැනිදා සිට නඩුව විභාග කිරිමට තීරණය කළ විනිසුරුවරිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළාය. මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශනි නොහොත් සුජි හා ඥාති සහෝදරියක වන වසන්ති වසුන්දරා නොහොත් නදි යන තිදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මෝරුන්ට වෙලා තියෙන්නේ ? එයාල නිදහස්ද ? (අ)
වෙලේ සුදාගේත් කතා විතරයි. හරියට මේ රටේ දේශපාලනඥයෝ වගේ. වෙලේ සුදාත් එක්ක ජාවාරම් කරපු එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තද? නැනේ. මේවා රට්ටු රවටන වැඩ. කොහොම හරි 2020 දී වෙලේ සුදා ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තු එයි. එච්චරයි මේ රටේ ලොක්කොන්ට කරන්න පුළුවන්. (බ)
මහාධිකරණ විනිසුරිවරිය ගත් තීරණය අගය කරමි. (බ)
අධිකරණයකදී යම් පුද්ගලයෙකු දෙන සාක්ෂිවලදී සඳහන් කරන නම් හිමි පුද්ගලයින් අධිකරණයට කැඳවනවාද යන්න ඒ විනිසුරුගෙ තීරණයක්.(අ)
වෙලේ සුදා පාර්ලිමේන්තුවට යන්න සියලු සුදුසුකම් සපුරාල තියෙන්නේ, අනේ ලිස්ට් එකෙන් හරි අවස්ථාවක් දෙන්න (අ)
මහා මොළ කාරයෝ ගැන කතාවක් නැ.මේ හාල්මැස්සෝ අල්ලාගෙන පිස්සු නටනවා (බ)
වෙලේ සුදා මුල්ම කට උත්තරේ දුන්නේ අර කොළොන්නාවේ කාටද සල්ලි දුන්නේ එයාව ආරක්ෂා කරගන්න කියලා, පස්සේ බලපෑම් මත ඒවා ණය මුදල් කිවුවා. අනේ අල්ලලා නඩු දාන්නකෝ (අ)
හැකි ඉක්මනින් නඩුව විභාගයට ගෙන නිසි දඩුවම් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි (අ)