මරණ දඬුවම නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
නඩුව වැඩිදුර විභාගය නොවැම්බර් 13 වැනිදාට කල් තැබිණි.
මරණ දඬුවම නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
නඩුව වැඩිදුර විභාගය නොවැම්බර් 13 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභූවරයෙක් වරයෙක් වගේ බලන්නකෝ තිබෙන ආරක්ෂාව. (ර)
මාර සතුටින් ඉන්නේ... (ර)
දැන් අවස්ථාව පැමිණ ඇත. මොහුට දඬුවම් දෙන්න (නි)
අනේ මන්දා වෙලේ සුදා කාට හිනා වෙනවද ? (ර)
සුදු ඇදුම , තියෙන ආරක්ෂාව දැක්කම භිතෙන්නේ දේශපාලනේට ඉතාමත් සුදුසු පුද්ගලයෙක් කියලා.(හේ)
ලොකු පක්ෂේකින් ඡන්දේ ඉල්ලුවා නම් වෙලේ සුදටත් මනාප තොගයක් අරන් පාර්ලිමේන්තු යන්න තිබුනා (හේ)
දේශපාලන පෙනුමක් තියෙන්නේ මේගොල්ලෝ සල්ලි හම්බ කරන්නෙත් ඒවායේ කොමිස් යන්නෙත් දේශපාලුවන්ට නිසා තමයි. (හේ)
මොන තරම් දුර්වල ආරක්ෂාවක්ද මේ තියෙන්නේ .. මරණ දඬුවම දුන් පුද්ගලයෙක් ගේ අත් ඉස්සරහට තබා මාංචු දමා අත් දෙක ලඟින්ම පිස්තෝලයක් තිබීම .. (හේ)
දරුවෝ කී දාහක් උඹ විනාශ කළාද ? අම්මලා තාත්තලා දස දහස් ගණනක් උඹ අඩවන්න අැති උඹ අපාගතවීම වලක්වන්න බැහැ. උඹට දැන් සනීපද? (බ)
කුඩු ගැන මම ටිකක් දන්නවා ඒ නිසා මට උඹව තිරිසනෙකුට වඩා අන්තයි. (බ)
මේ අනුව එක් චෝදනාවක් සඳහා මාස ගණනක් උසාවියේ විභාග කර මරණ දඩුවම නියමවී සිරගතවී ඇති මෙම පුද්ගලයට විරුද්දව චෝදනා රැසක් ඇති බැවින් ඒවා වෙනවෙනම විභාග කිරීම සඳහා රජයට විශාල වියදමක් දරනට සිදුවනවා පමණ නොව විවිධ මට්ටමේ රජයේ නිලධාරීන්ගේ අගනා කාලය යෙදවීමට සිදුවන බැවින් ඔහුට විරුද්ධව ඇති සියලුම චෝදනා එකවර විභාග කිරීම සඳහා නීති සකස් කරන්ඩ බැරිද (බ)
සුදා ඔබ මෙපමනකල් කොහෙද හිටියේ බලන්නකෝ සුදුවෙලා... උස ගිහිල්ලා. (ර)
පව් අහිංසකයා. බලන්නකෝ අහිංසක පෙනුම. (ර)
මම බන්ධනාගාර නිලධාරියෙකු වෙලා හිටියනම් ..තුවක්කුවකුත් එක්ක ..,? මම එක පයින්ම තීරණයක් ගන්නවා ජීවිතාන්තේ දක්වාම හිරගෙදරට කැපවෙන්න මගේ පනටික ..තවත් පමා නොකර ..රටේ අසරණ එක දරුවෙකුටවත් ඔවුන්ගේ ජීවිතේ නාස්තිවෙන්න ඉඩ නොතියා...? (රේ)
රසික මට නම් පෙනෙන විදිහට සුදා ගේ මුහුණේ තියෙන්නේ අසරණ වෙච්ච පාටක් , කොහොමත් දුකේදී හැමෝම දාල යනවා , තමන් තනි වෙනවා, බුදු බණ මොනතරම් සත්‍යද , බෝධිසත්වයෝ බුද්ධගයාවේ බුදුවෙන්න බෝ මුල ඉන්නකොට , මාරයා ආවම ඔක්කොම දෙවිවරු බයවෙලා බෝසත් තනිකරලා ගියා , අන්තිමට උන්වහන්සේ හිතුව මට ඉන්නේ තනියට මම ආත්ම ගණනක් තිස්සේ පුරපු පාරමී බලය විතරයි කියල (බ)
ඇයි වෙලේ සුදා තවත් තියන් ඉන්නේ.(හේ)