මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර මහතා අද (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය.
මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැනිදා සිට රහස් පොලිසිය බාරයේ පසුවූ බවත් ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාගන්නා ලෙසත් පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව ඔහු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට උදවු කරන්න නීතීඥ මහතුනුත් ඉන්නවානේ (නි)
එක දවසක් තුළ අධිකරණයකින් වැරදිකරුවන් කීදෙනෙක් වැරදිකරුවන් කරනවා වියහැකිද. මෙම වැරදිවලින් අවම වශයෙන් තෝරාගත් වැරදිකරුවන්වත් එම තත්වයට පත්වූයේ ඇයි කියා පසුවිපරමක් කරනවද. එවැනි වැරදි කරුවන් නැවත බිහිවීමට ඇති ඉඩකඩ සමාජයෙන් තුරන් කිරීමට නිර්දේශ ලබදෙනවද. නැතිනම් අපරාධකරුවෙකුට විරුද්දව තීන්දුවක්දී අධිකරණයත් අපරාධයක් කරනවද ? අහිංසක දරුදෙදෙනෙක් ගැනද සදහනක් ඇත. (බ)
ගෝඨාභය වගේ නීතිපති දෙපාර්තමේන්තුවේ කෙනකුට ගානක් දුන්නනම් ගොඩම තමයි .බිලියන ගණක බිස්නස් කරලා ග්‍රාම කීයද අල්ලාගෙන තියෙන්නේ ? අධිකරණ වෙදා සහතිකපත් මුදලට විකුණන බව දන්නේ නැත්තේ කවුද ?මේ ගිනි කාක්කන් තමන්ගේ දරුපවුලට කන්නදෙන්නේ කර්මය ගැන පසලේදිවත් ඉගෙනගෙන නැතුව වගේ.ඔවුන් යනකොට යන්නේ පවු පිටින් හැඳි ගැවිල.l (බ)
එයාට බැරියැ අැපල් වත්තක්ම වුනත් ගන්න? (බ)
සාධාරණ ලෙස සියල්ල විසඳේවා (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හාල්මැස්සෝ අල්ලලා වැඩක් නැහැ. තෝරු මෝරු හිරේ යවන්න (නි)
වෙලේ සුදා කියන්නේ නැතිබැරිකමින් පීඩිතව හිටපු තරුණයෙක්. මේ තරුණයාගේ අසරණකම කුඩු රජවරු විසින් ප්‍රයෝජනයට ගෙන ඔහුව ගොදුරක් කරගත්තා. වෙලේ සුදා නැත්නම් ගොඩේ සුදා කෙනෙක්ව හරි මේගොල්ලෝ බිලිගන්නවා. වහාම මේ කුඩු රජවරු අත්අඩංගුවට ගෙන දඩුවම් දෙන්න. මේ කුඩු රජවරු කුඩු වෙළදාම් කරන්නේ නැතිබැරිකමට නෙමෙයි. (නි)
රෝහිත, නීතිඥ මහතුන් මොවුන්ට උදව් කරනවා නෙමෙයි, සල්ලි ගරනවා. (නි)
අපරාදේ වෙලේ සුදා දුමින්ද වගේ ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්ට තිබ්බේ කිසිම විභාගයක් නැහැ. මොහුගේ අතීතය ගැන බැලුවම ඔහු සමාජ අසාධාරණයට ලක් වුණු අහිංසකයෙක් (අ)
ලංකාවේ යුක්තිය ඉෂ්ට කරගන්න අමාරු නීතිඥ මහතුන්ට යන අධික වියදම නිසා. බොහෝ දෙනෙක් දන්නේ නැති දෙයක් තියෙනවා. ලංකාවේ නොමිලේ නීතිඥ සේවය ලබාගත හැකි රජයේ ආයතනයක් තිබෙනවා. මේකේ ඉන්න නීතිඥ මහත්වරු අනිත් අය වගේම දක්ෂ අය. ඒ නිසා පුළුවන්තරම් මේකෙන්ම සේවය ලබාගන්න බලන්න. (නි)
"ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි......" මේ කැරැල්ල පිටුපස විශාල අභිරහසක් තියෙනවා. ඔහුගේ මිතුරාගේ මරණය සමග ලංකාවේ ඉහළම පෙලේ ප්‍රභූන් රාශියකගේ ජීවනෝපායන් ගැන රහස් සමුදායක්ද මිය ගියා. වෙලේ සුදා එල්ලුවා කියා වෙලේ සුදා මේ තත්වයට පත්කර ඔහු නිසා පොහොසත් වූ කුහක මිනිසුන්ගේ ජීවන චර්යාව කිසිදාක වෙනස් වන්නේ නැහැ. (අ)
මේ රටේ කෙරෙන අපරාද වලට, වැරදි වලට අපරාද කරුවන් බව දන දැනම , ,වැරැදී කරන අය බව දන දැනම ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත්වෙන අය වග කිව යුතුයි. (අ)