මත්කුඩු ජාවාරමේ යෙදී ඇතැයිද,එසේ උපයාගත් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇතැයිද චෝදනා ලැබ සිටින සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා බැංකු කිහිපයක් සමගම ගනුදෙනු කර ඇති බවත් එම ගනුදෙනු වල තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස එම බැංකු වලට නියෝග කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මේ ඉල්ලීම සිදුකළේ අද (11) වෙලේ සුදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීය.
වෙලේ සුදා හා ගනුදෙනු කර ඇති බව අනාවරණයව ඇති තවත් සිරකරුවෙක්ගෙන්ද තමන්ට ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පැවසීය.
වෙලේ සුදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අදහස් දක්වමින් රිමාන්ඩ් කාලසීමාව දීර්ඝ කිරීම සඳහා සෑම සති දෙකක්ට වරක්ම තම සේවාදායකයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ගෙන ඒම දුෂ්කර කටයුත්තක් බැවින් ඒ වෙනුවට ඔහුව වැලිකඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවසරය දෙන ලෙස ඉල්ලා සිටියහ.
ඔවුන්ගේ ඉල්ලීමට එකඟතාවය පළකළ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී රිමාන්ඩ් කාලසීමාව දීර්ඝ කිරීමේ කටයුතු සඳහා සැකකරුව වැලිකඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
වෙලේ සුදාට මේ වන විට මරණ දඩුවම නියමවී ඇත.
නඩුව පෙබරවාරි මස 22 වැනිදාට කල් තැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදාට දඬුවම් දෙන්නට කලින්,වැරැදි කරපු තව කී දෙනෙක් එළියේ ඉන්නවද?(හේ)
අනිල්, ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන නිසයි. (නි)
ඔහුට දඬුවම් දෙන්නේ කවදාද? (නි)
පිළිගත්ත සාක්ෂි තිබෙයි නම් ඇයි තවත් මේ නඩු දික්ගස්සන්නේ? එකපාරටම තිදුවක් දුන්නා නම් ඉවරනේ. (නි)
ඔහුට දඬුවම් දෙන්නේ එල්ලුම් ගහේ කඹය දිරපු දවසටද? (නි)
ඇයි මොහුට තවමත් දඩුවම් නොදෙන්නේ.(හේ)