මත්කුඩු ජාවාරමේ යෙදී ඇතැයිද,එසේ උපයාගත් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇතැයිද චෝදනා ලැබ සිටින සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා බැංකු කිහිපයක් සමගම ගනුදෙනු කර ඇති බවත් එම ගනුදෙනු වල තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස එම බැංකු වලට නියෝග කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මේ ඉල්ලීම සිදුකළේ අද (11) වෙලේ සුදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීය.
වෙලේ සුදා හා ගනුදෙනු කර ඇති බව අනාවරණයව ඇති තවත් සිරකරුවෙක්ගෙන්ද තමන්ට ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පැවසීය.
වෙලේ සුදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අදහස් දක්වමින් රිමාන්ඩ් කාලසීමාව දීර්ඝ කිරීම සඳහා සෑම සති දෙකක්ට වරක්ම තම සේවාදායකයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ගෙන ඒම දුෂ්කර කටයුත්තක් බැවින් ඒ වෙනුවට ඔහුව වැලිකඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවසරය දෙන ලෙස ඉල්ලා සිටියහ.
ඔවුන්ගේ ඉල්ලීමට එකඟතාවය පළකළ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී රිමාන්ඩ් කාලසීමාව දීර්ඝ කිරීමේ කටයුතු සඳහා සැකකරුව වැලිකඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
වෙලේ සුදාට මේ වන විට මරණ දඩුවම නියමවී ඇත.
නඩුව පෙබරවාරි මස 22 වැනිදාට කල් තැබිණ.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙලේ සුදා අදත් උසාවියේ
සිල්වා Saturday, 12 December 2015 10:31 AM
වෙලේ සුදාට දඬුවම් දෙන්නට කලින්,වැරැදි කරපු තව කී දෙනෙක් එළියේ ඉන්නවද?(හේ)
ලංකාසිරි Friday, 11 December 2015 08:27 PM
අනිල්, ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන නිසයි. (නි)
වජිර Friday, 11 December 2015 11:14 PM
ඔහුට දඬුවම් දෙන්නේ කවදාද? (නි)
ඉසුරන්දි Saturday, 12 December 2015 04:51 AM
පිළිගත්ත සාක්ෂි තිබෙයි නම් ඇයි තවත් මේ නඩු දික්ගස්සන්නේ? එකපාරටම තිදුවක් දුන්නා නම් ඉවරනේ. (නි)
පාලිත Saturday, 12 December 2015 07:47 AM
ඔහුට දඬුවම් දෙන්නේ එල්ලුම් ගහේ කඹය දිරපු දවසටද? (නි)
අනිල් Friday, 11 December 2015 02:32 PM
ඇයි මොහුට තවමත් දඩුවම් නොදෙන්නේ.(හේ)