වැලි ලොරියකට අසුවී ලග්ගල කළුගඟදී මවක සහ පුතකු මිය යාමෙන් පසුව ගම්වැසියෝ පාරට බැස ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වැලි ලොරිවලින් සිදුවූ අනතුරු හා මරණ සංඛ්‍යාව සලකා හඳුන්ගමුව මාතලේ මාර්ගයේ වැලි ටිපර් ගමන නවත්වන ලෙස ඔවුහු ඉල්ලති.
දිනකට අඩුම ගණනේ වැලි ටිපර් 500කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන බවත්, ගැමියෝ පවසති.
මේ වැලි වැඩිහරියක් කොළඹට ගෙන එන බවත්, බොහෝ රියදුරන් අපරික්ෂාකාරී ලෙස වැලි ප්‍රවාහණය කරන බවත් ඔවුහු පවසති.
අද සිදුවූ මාරක අනතුරෙන් පසුව වැලි ලොරි පාරේ තැන තැන බිමට හළා ඇත.
කියුබ් හතරේ වැලි ලොරියක කොළඹ මිල රුපියල් 24000ක් පමණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තටම වලිගය පාගාගෙන වටේට දිවීමක් වගේ. මොකද රට සංවර්දනය කිරීම හරි නිවසක් හෝ ඕනෑම ඉදිකිරීමකට වැලි නැතිවම බැහැ. ඉස්සර මා ඔය, කළු ගඟ මගින් වැලි ගොඩ දැමීම නිසා ප්‍රවාහන ගැටළු සහ වැලි මිල අවම මට්ටමක පැවතුනා. නමුත් පරිසර හානිය ඉහල ගියා කියල එය තහනම් කලා. නමුත් ආපසුහැරිල බැලුවහම මෙම මනම්පිටිය සහ මහියංගනය සිට කොළඹට වැලි ගෙනාවහම පරිසරය රැකෙනවද ? මෙය විද්වතුන්ගේ සංවාදයට ලක්වියයුතු දෙයකි. (නි)
පරිසරයත්,ජීවිතත් දෙකම විනාසයි. කොන්ක්‍රීට් සංවර්දනය මුළු රටම බිලි ගනී. (නි)
අද ගමේ ගොඩේ දුප්පත් මිනිහෙකුට ගෙයක් දොරක් හද ගන්න ක්‍රමයක් නැහැ.වැලි ගණන් නිසා.මහියංගන වැලි කියා විකුනන්නේ හොරෙන් ගොඩ දැමු ,ගඟේ,ඔයේ වැලි .ඒත් මහියංගනේ මිලමයි.කොළඹට වැලි මහියංගනෙන් ගෙනෙන්න මොනතරම් ඉන්දන ප්‍රමාණයක් පුච්චනවාද ?වාහන ක්ෂය වෙනවා. මාර්ග අනතුරු,වාහන තද බදය.ගඟක් හෝ ඔයක් මුහුදට වැටෙන කිලෝ මීටර 25 කින් එහා ඕනෑම ස්ථානයකින් වැලි ගොඩ දැමීමට අවසර දීම වටිනවා මුහුදු ජලය රට තුලට ගලා නොඑන පරිදි. ඉදිකිරීම් කොතැන කලත් ,වැලි මහියංගනයෙන්,ගල් රණාලින්,කාපට් ගම්පහින් රටේ මුදල් අගහිග කාලයේ දුප්පත් මිනිසාගේත්,රජයේත් අනවශ්‍ය වියදම් කපා හැරීම සඳහා විකල්පයක් ගැන නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු වේවා !!! (නි)
ජය වේවා. (නි)
මෙන්න වැඩ (නි)
සමහර වැලි කාරයො පාර තමුන්ට විතරක් අයිති දෙයක් වගේ යන්නෙ. දැන්නම් කහපාට ලේලන්ඩ් ලොරියක් දැක්කත් යටකරගෙන යයිද කියල බය හිතෙනවා. (නි)
පැහැදිලිවම මේ ටිපර් රියදුරෝ කිසිම අණක් ගුණක් නැති , චාරයක් නැති ,ඉවසීමක් නැති කට්ටියක්. (නි)
දවසක් කටුනායක සිට කොළඹ එනකොට වැලි ලොරියක් අහු වුනා. මට කදාන සිට වත්තල වෙනකම් කාර් එකට ඉස්සර කරන්න දුන්නේ නෑ. (නි)
ටිපර් රියදුරන්ගේ කිසිම පරෙස්සමක්, පාලනයක් නැහැ. ඒ ගොල්ලෝ පාර බදු අරගෙන කියල හිතාගෙන තමා සීයට විතර එලවාගෙන යන්නේ.පාරේ ඇවිදගෙන යන තමන්ගේ පන්තියේ මිනිස්සු යට කරගෙන දුහුවිලි අවුස්සාගෙන එලවන්න හරි දක්ෂයෝ. පොඩි ළමයින් ඉන්නවා දුවිලි හොඳ නැති පීනස තියෙන. මේගොල්ලන්ගේ ලොරි 500ක් දවසට ගේ ඉස්සරහින් යනවා කියන්නේ ඒ වගේ අයට නිදහසේ හුස්මක් ගන්න නැහැ. මේවට බලපත්‍ර දෙනකොට අතරමග ඉන්න මිනිස්සුන්ට වෙන බලපෑම බලන්න ආණ්ඩුවේ නිලදාරීන් දැන ගන්න ඕනෑ (නි)
මිනිස්සුන්ගෙ කේන්තිය සාධාරණයි (නි)
ඇත්ත. යම් විසදුමක් අවශ්‍යයි. (ස)