ලග්ගල වැල්ලේවල රක්ෂිතයෙන් අනවසරයෙන් කැපු තේක්ක කඳන් 36 ක් වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් වැලි යට සඟවා හොරෙන් රැගෙන ගිය පුද්ගලයකු ලොරිය ද සමග අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
කාලයක් තිස්සේ රක්ෂිතයේ ගස් ජාවාරමක් සිදුවන බව පොලිසියට ලැබුණු තොරතුරු අනුව සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරියේ රියදුරු සොයා පරීක්ෂණ පවත්වයි.
රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමකින් යුත් තේක්ක කඳන් ලොරියේ තිබී ඇත. ලොරියේ අයිතිකරු කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපරිකයෙකි පොලීසිය කියයි.
සැකකරු මීට පෙරද රක්ෂිතයේ ගස් කපමින් සිටියදී හසුවී ඇතැයිද මේ ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දඬුවම ලිහිල් හින්දා තමා ඔවැනි දේවල් දිගටම සිදුවන්නේ.(නදී)
ලොරියත් රාජ සන්තක කල යුතුයි.(නදී)
නියම වැලි ඇදිල්ල ලොරිය රාජ සන්තක කරලා ඔවුන් හිරේ දමන්න.(නදී)