IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැලි යටින් ලක්ෂ හතරක තේක්ක මතු වේ

ලග්ගල වැල්ලේවල රක්ෂිතයෙන් අනවසරයෙන් කැපු  තේක්ක කඳන් 36 ක්  වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් වැලි යට සඟවා හොරෙන් රැගෙන ගිය පුද්ගලයකු  ලොරිය ද සමග අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.

කාලයක් තිස්සේ රක්ෂිතයේ ගස් ජාවාරමක් සිදුවන බව පොලිසියට ලැබුණු තොරතුරු අනුව සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරියේ රියදුරු  සොයා පරීක්ෂණ පවත්වයි.

රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමකින් යුත් තේක්ක කඳන් ලොරියේ තිබී ඇත. ලොරියේ අයිතිකරු කුරුණෑගල  ප්‍රදේශයේ ව්‍යාපරිකයෙකි පොලීසිය කියයි.

සැකකරු මීට පෙරද රක්ෂිතයේ  ගස් කපමින් සිටියදී හසුවී ඇතැයිද මේ ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (0)

වැලි යටින් ලක්ෂ හතරක තේක්ක මතු වේ

පියසේන Monday, 30 December 2013 12:41 PM

ලංකාවේ දඬුවම ලිහිල් හින්දා තමා ඔවැනි දේවල් දිගටම සිදුවන්නේ.(නදී)

:       0       0

නිහාල් Monday, 30 December 2013 12:51 PM

ලොරියත් රාජ සන්තක කල යුතුයි.(නදී)

:       0       0

සරත් අතාවුද Monday, 30 December 2013 02:01 PM

නියම වැලි ඇදිල්ල ලොරිය රාජ සන්තක කරලා ඔවුන් හිරේ දමන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site