කුඹුරුවලට යොදන ඇතැම් වල් නාශක ප්‍රමිතියෙන් තොර අලෙවි කිරීම නිසා වල් මර්දනය සිදු නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී පැවසුහ.
නිවැරදි වල් නාශක තෝරා ගැනිම ගැටළුවක් වී තිබෙන හෙයින් සුදුසු වල්නාශක මොනවාදැයි ගොවීන් දැනුවත් කළ යුතු බවද හොර වල්නාශක වර්ග වෙළඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටද ගොවිහු ඉල්ලා සිටිති.
කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වල අලෙවියට තබා ඇති වල්නාශක මෙන්ම වෙනත් පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍යය සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී.ද සොයිසා මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් ප්‍රශ්නයක් ඇවිත්.(හේ)
වල්නාශක මිශ්‍ර කිරිමට හොඳ පිරිසිදු ජලය පාවිච්චි කරන්න. වල්නාශක ගැසුවාට පසු පැය හයක්වත් වියළි කාල ගුණයක් තිබිය යුතුයි. වල්නාශක අතරමැදියන්ගෙන් මිල දී ගන්න එපා.(ම)