ලූනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන කාර්යාලයේ සේවය කළ වන සත්ත්ව නියාමක නිලධාරියෙකු 19දා රාත‍්‍රී වල් අලි ප‍්‍රහාරයකට ලක්වීමෙන් මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු පවසයි.
මියගොස් ඇත්තේ ගාල්ල ගිංතොට පදිංචි දිනේෂ් අමිල ජයවර්ධන (24) යන අයයි.
අලුත්ගොඩ ගම්මානයට අලියකු කඩා වැදී ඇති බවට එහි ගැමියන් කළ දැනුම් දීමකට අනුව ඔහු තවත් පිරිසක් සමග එහි ගොස් ඇති බවත් ඔහු අත අලි එළවන ගිනිඅවියක් තිබුණ ද එය එල්ල කිරීමටවත් ඉඩ නොලැබූ බවත් පඳුරක් අසල රැඳී සිටි අලියා එකවරම මෙම නිලධාරියාට පරහදී පපුව පාගා දැමූ බව සිද්ධිය දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය ඔබට නිවන් සුව !!! (අ)
අපගේ බලවත් කනගාටුව. ඔබට මොක් සුව ලැබේවා! (නි)
අලි මැරෙනවා වගේම මිනිස්සුත් මැරෙනවා ,මේවා නවත්වන්න බලදාරින්ට බැරිද? (නි)
අලි මැරෙනවා වගේම මිනිස්සුත් මැරෙනවා ,මේවා නවත්වන්න බලදාරින්ට බැරිද නිලදාරී වාදය ,,,,,,,,,,,,,,,...........(දී)
මිනිස්සු අලින්ගේ කැලේ අල්ලාගෙන ගස් කැපුවට, කසිප්පු පෙරුවට කැලේ අහිංසක සත්තු වැරදිකාරයො නෙමෙයි. අලියෙක් එලවන්න නම් උතුර දකුණ අමතකවෙලා ටෝර්ච් එකත් නැතුවම දුවනවා. නමුත් ලංකාව පුරා පාරක් ගානේ හන්දියක් ගානේ දඩාවතේයන බලුරැල එලවන්න කිසිම වගකිවයුත්තෙක් නැහැ. (දී)
ස්තුතී, පිටබෙද්දර ඔබටත් එසේම වේවා! (දී)
කණගාටුදායකයි. මේ අයට පුහුණුවක් දීල එහෙම නැද්ද?(නදී)
මිනිස් සම්පත මෙන්ම වන අලි සම්පතද රැක ගනිමු. (දී)