වල් අලි ගැටළුවට නිසි විසදුමක් ඉල්ලා කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගය හා කාසිකොටේ උතුරු දුම්රිය මාර්ග හරස් කරමින් ගම්වාසීහු අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මාර්ගයේ දැඩි වාහන තද බදයක්ද ඇති විය. දුම්රිය මාර්ගයේ පොල් ,කිතුල් හා කොට දමා තිබීම නිසා දුම්රියද ගල්ගමුව ට සීමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයන්ට දැනෙන්න නම් සාමාන්‍ය ජනතාව මෙහෙමහරි උද්ඝෝෂණයක් කරන්න ඕනෑ (නි)
එකම රටක සමාජ ස්ථර දෙකකට දෙයාකාරව සලකන බව නම් පැහැදිලිය. මේ ජනයා වල් අලි උවදුරින් මුදා ගැනීමට විසදුම් නැත. ඔවුනට හේන කුඹුර හා අත් ට්‍රැක්ටරයටද තීරු බදු එක් කර අසීරුවට පත් කර ඇත. නමුත් රේස් සදහා කෝටි ගණන් වටිනා කාර් තීරු බදු වලින් නිදහස්ය. ඔවුන්ට වැලි කොට්ට දමා පාරවල් වසා ඒවාට ඉඩ කඩ සලසා දෙයි. නමුත් දුගී ජනයාට තම දුක ප්‍රකාශ කරන්න මහා මග තහනම්ය. සුඛෝපභෝගී සමාජයේ බල්ලන්ගේ බළලුන්ගේ ආහාර සදහා බදු අය නොකෙරේ. එහෙත් මාළු කැල්ලක් ,මස් ටිකක් ගන්න නැති දුගියාගේ හාල්මැස්සෝ වලටත් අසීමිත බදුය. ටයි පළදින,රේස් පදින,වැදගත් පරම්පරා වල බල්ලෝ ඇතිකරන සමාජයට වැඩි සැලකිල්ලකුත් දුගී දුප්පත් සමාජයට අඩු සැලකිල්ලත් මනාව කැපී පෙනේ.(නදී)
ජනතාව මෙහෙම කටයුතු කරන එක අපට ආඩම්බරයක් (ස)
විමුක්තිට ඕක දැන්ද තේරුම් ගියේ? මේ දේශපාලකයෝ හැමදාම ඔහොම්මයි.(නදී)
විමුක්ති ඔය කියන සමාජ දෙකටම නිත්‍යානුකුලව ඡන්ද දැමීමේ වරම තියෙනවා. එසේ නම් අසාධාරණයට ලක්වුවන් තෝරාගත යුතු වන්නේ හරි දෙය නේද? නමුත් එසේ නොවේ කව්රු බලයට ආවත් ඔය ටිකම තමා.(නදී)
අපට අාඩම්බරයක් (නි)
ස්වභාවික සම්පත විනාස කිරීමේ ප්‍රතිපල දැන් දැන් ජනතාවට විවිද ප්‍රශ්න එන්න අරගෙන වගේ. නැතිනම් ඔතන දේසපාලන හස්තයක් තිබේද .(නදී)
ඉන්දික කියන දේ හරි ඔය ඉඩම්වලට මිනිස්සු ඔප්පු හදාගත්තට ඒවා අලින්ගෙ පාරමීපරික වාස භූමි.(නදී)
මේවයින් රටට ලැබෙන්නේ වැරදි ආදර්ශයක්..මේ ක්‍රියාවත් ත්‍රස්තවාදී ක්‍රියාවක්ම තමයි..කිසියම් පිරිසකට බලහත්කාරයෙන් මාර්ග අවහිර කරලා මගී ජනතාව ඇතුළුව ජන ජීවිතය අපහසුතාවයට පත් කරන්න ඉඩ ඇරලා ආරක්ෂක අංශ නිහඩව බලා හිදීම එතරම්ම සුදුසු නැත..ප්‍රශ්න විසදන ක්‍රම මේක උනොත්, මේක කියල මිනිස්සුන්ට ඔප්පු කෙරෙව්වොත් මිනිස්සුන්ට මේ රටේ පාරක ගමනක් බිමනක් යන්න ලැබෙන එකක නැහැ.වල් අලි ප්‍රශ්නයට විසදුමක් දිය යුතුයි..නමුත් මේ විදියේ බලහත්කාරකම් පෑම් වලට ඉඩ නොතැබිය යුතුයි..අලි මිනිස් ගැටුම විසදන්න පහසු දෙයක් නෙමෙයි..මිනිස් ජනාවාස පුළුල් වෙලා අලින්ට යන එනමන් නැති වුනාම උන් ගම වදින එක නතර කරන්න බැහැ..එදා ඉදලම අලි මිනිස් ගැටුම් සිද්ධ උනා..මේ විදියේ මෝස්තරයක් ආවේ ලඟකදී ඉඳලා..මේ මොස්තරේ භයානකයි.රතුපස්වල වේවා, නින්දවුර් වේවා, කාසිකොටේ වේවා කොතන උනත් සීමාව ඉක්මවා යන උද්ඝෝෂණ සිදු වෙනවා නම් ඒවා වැලැක්වීම බලධාරින්ගේ වගකීමක්..සුළුවෙන් පටන් ගන්න ඕනෑම උද්ඝෝෂණයක් අවසානයේ පාලනය කරන්නේ අන්තවාදීන්.. (ස)
දිනෙන් දින මිනිස්සු නොයෙකුත් සිදුවීම් අලලා පාරට බහිනවා.. ඉදිරියේදී මෙරට පාලනයට එරෙහිවත් පාරට බහීවි..මෙය එයට සලකුණක්.. ඇත්තෙන්ම ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න හමුවේ පාරට බැසීමට හුරුවීම රටේ පාලකයන්ට එල්ල කරන රතු එළියක්.. (ස)
පරිසරය අලින්ට අයිති නැද්ද? (ස)
අලි ප්‍රශ්න නිසා ...අලි වැඩ තමයි කරන්නේ .... (ස)
මේක මානුෂික ප්‍රශ්නයක්.ඒ දුක දන්නෙ ගම් වල පොළවේ පය ගහලා ජිවත් වෙන මිනිස්සු.මේ ඉන්නෙ ගොවි ජනතාව.මේකට විරුද්ධව අදහස් දාලා තියෙන අයට තණකොළ නැතිව බත් කන්න දෙන්නෙ ඒ මිනිස්සු.රුපියල් කෝටි ගාණක් නාස්ති කරනකොට රුපියල් ලක්‍ෂ ගානක් වියදම් කරලා මේක විසඳලා දෙන්නෙ නැත්තෙ ඇයි?? (ස)
කවුරුන් කෙසේ කීවත් අධික ජීවන බරින් මිරිකිලා ජිවත් වෙන මිනිසුනට ජිවත් වීමේ අයිතිත් නැතිවෙන කොට , පාලකයන්ට සහ සෙසු ජනයාට වැඩියෙන්ම දැනෙන විදිහට විරෝධය දැක්වීමේ එකම පිළවෙත වශයෙන්, ආයුධ අතට ගත නොහැකි ජනයා පිළගෙන ඇති ක්‍රමය තමා. දැන් සෑම තැනකින්ම වගේ ක්‍රියාත්මක වෙන්නේ. අලින්ගෙන් පහර කා මියයන මිනිසුන්ගේ ලඟම අයගේ වේදනාව සෙසු අය, විශේෂයෙන් මෙරට කරන දේසපාලක්යන් දන්නේ නැහැ. නොයෙකුත් සංදර්ශන වලට කෝටි ගණන් වියදම් කරන පාලක පන්තියට මෙම අලි වැටවල් සඳහාත් වියදම් කල නොහැක්කේ කුමන පක්ෂයක හෝ දේසපාලකයෙකු හෝ ඔවුන්ගේ ලඟම නෑයෙකු අලි පහරින් මිය නොගිය නිසාද? (ස)
මේ විදියේ විරෝධය පෑම් නවත්වන්න වුණත් නීතියක් රටේ තියෙන්න ඕනෑනේ? පාලනයක් නැතිකම නිසා සිද්ධ කරන වන විනාශය නවත්වන්න නැවත කැළෑ නිදහස් කරලා ගස් වවන්න, බලවතුන්ට ඕනෑ විදියට කැල අල්ලා ගන්න ඉඩ නොදීම, සංවර්ධනයට ඒකාබද්ධ සැලැස්මක් හදන එක වගේම , ධම්මික කියලා තියෙනවා වගේ ගම් වලට තට්ටු නිවාස හදලා වනාන්තර යළි වැවෙන්න ඉඩ හැරීම, අලි අකමැති ගස් වර්ග (ගජමදාරා, තේක්ක, බුරුත, තල්, හන, දුරියන්, මිරිස්, කටුවැල්බටු, දෙහි ) වැටවල් වගේ වවලා අලින්ගේ හා මිනිසුන්ගේ ජනාවාස වෙන් කිරීම, මේ වගේ කරන්න පුළුවන් කොච්චර දේ තියෙනවද? ආණ්ඩුව මේවා නොකරන එක ලොකු අපරාධයක්. (නි)
මේ විරෝධතා පෙළගැසෙන්නේ ප්‍රාදේශීය වශයෙන් ඔවුනොවුන්ට බලපාන යම් යම් දුෂ්කරතා මුල් කරගෙනය. මේ පෙරහුරු කියාපාන්නේ රටේ සමස්ත පොදු ජනතාවම කිසියම් කරුණක් මුල්කරගෙන පාරට බසින දිනය වැඩි ඈතක නොවන වගක් ද? (නි)
මෙවැනි අමුතු සෙල්ලම් දකින්න අහන්න ලැබෙන්නේ ලංකාවෙන්ම තමා. (නි)
දිනේෂ්,අලියා තිරිසනා.ඌව හිරේ දාන්න බැහැනේ. අලියාද මනුස්සයාද අසරණ වෙලා තියෙන්නේ? උන්ට කියලා ඉන්න තියෙන්නේ කැළෑව විතරයි. ඒකේ ගස්කොළන් කපනවා, වගා කරනවා,ගෙවල් හදනවා, පිට්ටනි හදනවා. ගුවන් තොටුපොළවල් හදනවා ...... උන් කොහේ යන්නද? උන්ගේ උද්ගෝෂණය තමයි උන් මිනිස්සු මරලා පළකරන්නේ. (නි)
අනේ මන්ද මෙහෙම ගියොත් ජනතාව හැමදාම පාරේ. සංවර්ධනය කියන්නේ මේ වගේ ජනතා ප්‍රශ්න වලට නිසි උත්තර ලබා දීම.කුණු කසල ප්‍රශ්නය, අලි ප්‍රශ්නය, තවත් දහසක් ප්‍රශ්න.රටේ ජනගහනයෙන් භාගයක් මන්ත්‍රීලා ඇමතිලා???? (ස)
අලි ඉන්නේ රේල් පාරේ ද...? (ස)
ඉන්දික වගේ අය ඔය මිනිස්සු විඳින දුක දන්නේ නැහැ.ඒවා බලන්න මේ ගම්වලට එන්න ඕනෑ.දවස් දෙකතුනකට සැරයක් කොහෙහරි මිනිහෙක්ව මරනවා.ගෙවල් කඩලා,වගා පාලුකරනවා. කාටද ඉතින් මේවා කියන්නේ?කොළඹ පාලකයෝ ඇහැක් ඇරලා මේ මිනිස්සු දිහා බලන්නේ නැහැ.චෝගම් සැණකෙළි වලට බිලියන ගණන් වියදම් කරනවා නම් මේවට බැරි ඇයි? (නි)
පාරවල් වහලා උද්ඝෝෂණය කරන හැම කෙනෙක්ම මාස 6 කට හිරේ දාන්න නීති ගෙනෙන්න ඕනෑ.මේක මහා පුදුම වැඩක්නේ. පාරවල් වහලා උද්‍ඝෝෂණය නොකරන දවසක් නැහැනේ. (නි)
මම කියන්නේ මිනිස්සු පාරට බහින එක හරි කියලා නෙමෙයි. රුපියල් ලක්ෂ ගානකින් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් විසදන්නේ නැතුව කෝටි ගණන් මුදල් නිරපරාදේ නාස්ති කරනවා නම් ඒ නිසා ජීවන වියදම තව වැඩි වෙනවා නම් මිනිස්සු මොනවා කරන්නද? දුන් ඡන්ද නැවත ගන්නද? මේක දිගින් දිගටම වෙනකොට මිනිස්සුන්ගේ පීඩනය සහ වෛරය ටික ටික වැඩි වෙන්නේ හරියට ගිනි කන්දක් ඇතුළේ වෙනවා වගේ. මේ වගේ සිදුවීම් කියන්නේ ගිනි කන්දක් ටිකෙන් ටික සක්‍රීය වෙනකොට පුපුරලා යන්න කලින් විටින් විට දුම දානවා වගේ. ඒක නොසළකා හැරියොත් වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕනෑ නැහැනේ. ලෝකයේ රටවල පහුගිය කාලේ වූ සිදුවීම් වලින් අපේ අයත් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොඳයි. නැත්නම් මුළු රටේම සහ ඉදිරි පරපුරේ අනාගතය අඳුරේ. (නි)
මේකට තියනවා විසඳුමක්. අර ජුරාසික් පාර්ක් වල වගේ එක තැනකට සියළුම අලි ටික එකතු කරලා, ලොකු වැටක් හැදුවා නම් අලි ටිකත් බේරාගෙන මිනිස්සුන්ටත් පාධුවේ ඉන්න තිබුණා. නැත්නම් හැමදාම අලි මැරෙනවා, මිනිස්සු මැරෙනවා (නි)
මේ විදියට ඉල්ලීම් දිනාගන්න හදන එක එච්චර හොද නැහැ. කී දෙනෙක් මග රස්තියාදු වෙනවද? හදිසි ගමන් යන,ලෙඩ්ඩු, ... මේ විදියට උද්ඝෝෂණය කරන අයට දැඩි දඩුවම් දෙන්න ඕනෑ. රජයේත් වැරදි තියෙනවා. වනජීවී ඇමති කෙනෙකුත් ඉන්නවා. ඔවුන් මොනවද කරන්නේ? (නි)
ලංකාවේ අලි මිනිස් ගැටලුව පහසුවෙන් විසදිය හැකි දෙයකි. රටේම අලි ඇතුන් ප්‍රමාණය 2000 ක් පමණ වේ. වැඩිපුර අලින් වාසය කරන ප්‍රදේශ වල අලින් සදහා නිශ්චිත බිම් ප්‍රමාණයක් ආරක්ෂිත ලෙස පවත්වාගෙන යමින් නඩත්තු කළ හැකිය. වැඩිවන අලි ජනගහණය වෙනත් රටවලට සත්වෝද්‍යාන සදහා ලබා දිය හැකිය. ග්‍රාමීය ගොවි ජනතාවට පාරම්පරිකව ඉඩම් කට්ටි කිරීම සිමා කර ඔවුන්ට මහල් නිවාස ඉදිකර ගෙවීමේ ක්‍රමයට ලබා දී වනාන්තර බිම් ප්‍රමාණය ආරක්ෂා කළ හැකිය. ග්‍රාමීය වැඩිවන ජනගහණයට කර්මාන්ත ශාලාවල රැකියා ලබා දී කෘෂිකර්මාන්තයේ බිම් ප්‍රමාණය නොව විවිධත්වය තුලින් ආදායම වැඩිකළ යුතුය. කිසිදු සැළසුමක් සහ දැක්මක් නැති ලංකාවේ දේශපාලකයන් සහ රජය වියදම් අඩු කළ පසු ජනතා ගැටළු විසදීමට මුදල් නැත. (නි)
නිසි බලධාරීන් ඉදිරියේ ඕවා කරන්නකෝ (නි)
මේ මිනිසුන් ආසාවට මෙහෙම කරන්නේ නැහැ, ජිවිත බේරගන්න මිසක්. රජයේ බලධාරීන් සුදුසු පිළියම් දෙන්නේ නැත්නම් මේ අහිංසක මිනිසුන් මොනවා කරන්නද? යමක් කමක් තියෙන නිසා මේ වගේ පැත්තක නොවෙන නිසාත් ඔයගොල්ලන්ට පුළුවන් මේ මිනිසුන්ව හිරේ නෙමෙයි මරලා දන්නා කියලා වුණත් කියන්න. එහෙත් තුවාලේ තියෙන මිනිහා තමයි ඒකේ වේදනාව දන්නේ. අහසින් වැටුණා වගේ කතාකරන ඔයගොල්ලෝ ලංකාවේද කියලා අහන්න මම කැමතියි. (නි)
චමත්, ෂෙහාන් ඔයාලා දෙන්නා ඉන්නේ කොහෙද කියන්න නම් දන්නේ නැහැ. චමත් නම් ඉතාලියේ කියලා තියනවා.. එයාලා දන්නේ නැහැනේ මෙහේ ඈත ගම්වල අහිංසක මිනිස්සු අලි නිසා විඳින දුක. වගාවක් කරගන්න නෑ, ගෙයක් හදා ගන්න බෑ අලි කඩනවා. හවස 4න් පස්සේ වගේ පාරේ යන්න ඕනේ අලියා කොහෙද ඉන්නේ කියලා මර බයේ. සුපිරි පැලැන්තියේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ. මේවට විසඳුම් ඉල්ලලා අහිංසකයෝ කොච්චර කෑ ගැහුවත් පාලකයෝ නිදි නම් තමන්ගේ ජීවත ආරක්ෂා කරගන්න මේ විදියට උද්ඝෝෂණය කරලා හරි පාලකයන්ට දැනුම් දෙන්න ඕන. ලංකාවේ පාලකයන්ට අලියෙක් ගහලා මිනිහෙක් මැරුණත් කිසිම ගාණක් නෑ. පාඩුව පවුලේ සාමාජිකයින්ට... එහෙම නෙමේ අලින්ගෙන් බේරෙන්න කියලා මනුස්සයෙක් මොකක් හරි කලොත් අලියා මලොත් මිනිසා හිරේ. මිනිහට වැඩිය අලියා වටිනවා.. දැන්නම් පාලකයන්ට අලියා වටිනවා මොකද දැන් ඉන්න අලි රැක්කොත් තමා එයාලට දිගටම පාලන බලයේ ඉන්න පුලුවන්. අලි නැතිව වෙන ප්‍රබල කණ්ඩායමක් ආවොත් ආණ්ඩුවට ගෙදර යන්නනේ වෙන්නේ. මේ විදියට උද්ගෝසන කරලා හරි අහිංසක ජනතාවට විසඳුමක් ලබාගන්න හැකිනම් ඒක අහිංසක මිනිසුන්ගේ ලොකු ජයග්‍රහණයක්. හිරේ දාන්න ඕන අහිංසකයන්ගේ දුක නොදන්නා චමත්ලා ෂෙහාන්ලා වගේ පොලොවේ පය නොගහන මිනිස්සු..(නදී)
අලින්ගේ ඉඩම් වල ගෙවල් හදල වගා කරනකොට එහෙම තමයි. අලින්ට තියෙන ඉඩ ප්‍රමානෙ එන්න එන්නම අඩු වෙනවා. ඉතින් උන් කොහෙටද යන්නේ. ඒගොල්ලෝ උද්ගෝෂණ කරන විදිය තමයි ඒ..(නදී)
මිනිසුන් අලි ඇතුන්ගේ ගොදුරු බවට පත් වුණාට කම් නැද්ද? මේ පාලකයින්ට බලය පවරන බහුතරයක් දුක් විදින ජනයට ලැජ්ජාවකුත් නැත.බලය ලබා ගන්නා පාලකයින්ටද ලැජ්ජාව නැත. (නි)
ජනතාවට නිසි විසදුම් නැතුව පාලනයක් ගෙනියනකොට මෙහෙම තමා.තුවාලේ තිබෙන මිනිහා විතරයි ඒකේ අමාරුව දන්නේ. (නි)
පාරවල් වහනවට නම් මං හැමදාම විරුද්ධයි. ඒත් වල් අලි ප්‍රශ්නය ගැන හැමදාම මෙහෙම උද්ඝෝෂණයන් සිදුවෙන්නේ ඇයි කියන එක ගැන නොසොයා බලධාරීන් ඇස් කන් පියාගෙන ඉන්න එක මීට වඩා වරදක්. මේ මිනිස්සු දන්නා ක්‍රමයට තමයි මේ විසඳුම් ඉල්ලන්නේ. හක්ක පටස්, මරඋගුල් ආදියෙන් දුක් විඳලා අලි මැරුණාම අපි දුක්වෙනවා. මිනිස්සු අලින්ගෙන් පහර කාලා මැරුණම දුක්වෙනවා. බලධාරීන් නිදි. (නි)
අලින්ට මේ මිනිස්සුන්ගේ දුක දැනිලා තම අරමුණු වෙනස් කර ගත්තත් පාලකයන්ට මේවා පෙනෙන්නේ,දැනෙන්නේ නැහැ. පාරවල් වහලා උද්ඝෝෂණ කරන්නේ නැතුව වනාන්තර වලට වී වන සිව්පාවුන්ට මේ ප්‍රශ්න කියන්නද? පාරවල් වහලා එක එක්කෙනාගේ මන දොළ පිනවන්න කාර් රේස් තියන්න හොදයි. ඒවාට කවුරුත් විරුද්ධ නැහැ. මේ මිනිස්සුන්ට පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න හොද නැහැ.පුදුම රටක්,පුදුම ජාතියක්. (නි)
ගිහින් අවහිර කරන්න තියෙන්නේ වගකිවයුත්තන්ගේ නිවෙස් වල ගේට්ටුව. මොකද ඔවුන් කෝච්චි වල යන්නෙ නැහැ (නි)
මේ මිනිසා විසින්ම කැළෑ විනාශ කිරීම නිසා සතා සිවුපාවුන්ට කැළයේ ජීවත් වීමේ අයිතිය අහිමි කළ නිසා ඔවුන් ගම්බිම් වලට පැන ඔහුන්ගේ නැති වී ගිය අයිතිය ලබා ගැනීමට සටන් කරයි.කොටින්ගෙන් රට නිදහස් කර ගත්තාට පසුව ඉතා අලසව නිදා සිටි සිංහලයින්ට අලුත් ජවයක් සහ ශක්තියක් ලැබී ඇත.ඒ නිසා මාර්ග හරස් කර ඉතා සුළු දෙකට ජනජීවිතය බාධා කරමින් රජයේ දේපල විනාශ කරමින් නිතරම උද්ගෝෂණ කරයි. ඒ දින වල මිනිස් බෝම්බ වලට මිනිස්සු සිය ගණනක් මැරුණත් ඒ වෙනුවෙන් පෙළපාලියක් යන්න දහදෙනෙක්වත් සොයා ගන්න පුළුවන්කමක් තිබුනේ නැත. (නි)
අපරාදේ සෙහාන් අමරසිංහට තිබුනේ ඩේවිඩ් කැමරන් එක්ක එංගලන්තෙට යන්න.(නදී)