මාදුරු ඔය ඉසෙඩ් ඩී මහ ඇළට අලුත්ඔය දී වැටුණු වල් අලින් හතර දෙනකු හා මුවකු බේරා ගැනීමට වෙහෙරගල වනජීවී නිලධරයෝ ද, අලුත් ඔය අලි විදුලි ආරක්ෂක වැටේ සිවිල් ආරක්ෂකයෝ ද සමත් වූහ.
මුවන් දෙදෙනකු බේරා ගත නොහැකි විය.
මේ සතුන් බේරා ගැනීමට පැය තුනක් වෙහෙසුණු ඔවුහු කිහිප දෙනෙක් සුළු තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජිත් සිල්වා මම හිතන්නේ ලංකාවේ ජිවත් වෙන කෙනෙක් නෙමෙයි වගේ (නි)
මහවැලි සාපය මිනිසුන්ට පමණක් නොව සතුන්ටද බලපාන බව මෙන්න සාක්කි. මේ ව්‍යාපෘතිය රටටම හෙනයක් විය. කැලෑ කැපීම සහ කඩිනම් පොහොසත් වීමේ පාපය ගෙවමින් සිටිමු. ආදීනව පොදුවේ සැමටම. (ස)
අනේ අහිංසක සත්තු. (ස)
කොහේ යනවද මන්ද මේ සත්තු?? (ස)
ජලය බෙදා හරින මහ ඇලවල් දෙපස බැමි ඉදි කරන්න වෙයිද? ඒක නම් බොහොම අමාරු වැඩක්. වැටුනාම ගොඩ එන්න අමාරු නිසා අලි බේරුනත් අනික් සත්තු මැරෙනවා ඇති. (ස)
මහවැලිය හැදුවෙ නැත්නම් රංජිත් සිල්වා මහත්තයට කලුවරේ කුප්පි ලාම්පුවෙන් තමයි ඉන්න වෙන්නෙ. (ස)
විශාල පිනක්. අහිංසක සතුන් ගලවා ගත්ත ඉතා කරුණාවන්ත කට්ටියක්. (නි)
අනේ රන්ජිත්.මෝඩ කම තිබ්බ කියල ඕක පෙන්නන්න යන්න එපා.මේ මනුස්සයට නුගත් කමේ හෙවනැල්ලෙන් අත් මිදෙන්න බැරි වෙලා වගේ. (අ)
ඉතා හොඳ වැඩක්, නමුත් තව ඉස්සරහට ඔයිට වැඩිය බැරෑරුම් ප්‍රශ්න එනවා. සත්තුන්ට වගේම මිනිස්සුන්ටත්, මේ වෙන පරිසර විනාසේ නිසා. (ස)
ඒ විතරක් නෙමෙයි රන්ජිත් මහත්තයෝ කඩිනම් මහවැලි ව්‍යාපාරය විසින් අපේ සිංහල දෙමල සහෝදර කමත් දෙපැත්තට කල වෙන වෙනම පදිංචි කිරීම් කරලා එකෙන් සෙතක් උනේ ඕක මෙහෙයවපු උන්දලට විතරයි (දී)
රන්ජිත් සිල්වා, කියන්නේ වැස්සටවත් ඉස්කෝලෙක ගිය කෙනෙක් නෙවෙයි. මිනිහගේ මොලේ පැදෙන්න නම් මහවැලි වතුරෙන්ම ඔලුව හෝදන්න වෙයි. මේ වගේ මෝඩයොත් ලංකාවේ ඉන්නවනේ. (ස)
මේක නම් ඇත්තටම අලි පිනක්. (ස)
නියමයි.මේක තමයි සිංහලකම (නි)
වනජීවී නිලදාරින්ට පින්. ඔවුන්ගේ වැඩ අගය කරමු.(නදී)
ගොඩක් පින් වැඩක්.. (ස)
බොහොම පින්, ස්තුතියි ඔබලාට මහත්වරුනි !.(නදී)
මේ සතුන් බේරා ගත් ඔබ සැමට බොහෝ පින් ..! (ස)
පින් පින්..... (ස)
අනේ ලොකු පිනක් අහිංසක සතුන්ව බේරපු එක නම් (නදී)