හම්බන්තොට වෙරළ තීරයේදී දැන් පැවැත්වෙන පළමුවැනි දකුණු ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් පිරිමි හා කාන්තා අවසන් මහා තරග දෙකටම ශ්‍රී ලංකාවේ කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ. ඒ අනුව වොලිබෝල් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් හිමිකර ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. පිරිමි තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා I වැනි කණ්ඩායම ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල ගෙන්ද, ශ්‍රී ලංකා II වැනි කණ්ඩායම සම්පත් පීරිස් සහ පුබුදු ඒකානායක ගෙන්ද සමන්විතවෙති. කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා I වැනි කණ්ඩායම නියෝජනය කරමින් ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා ගුණසිංහ ද  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් II වැනි කණ්ඩායම සාගරිකා ගුණසිංහ සහ ඩබ්. සුජීවා ද තරග වදිති. මෙම අවසන් තරග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඡයාරූපය: ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගිවු තරගය (ඡයාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)