හම්බන්තොටදී දැන් පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ (කාන්තා) රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අද (11) සමත්වුහ. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 58-28 කින් පරදවා ඉන්දියාව රන් පදක්කම දිනා ගත්තේය.