IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වෙරළ ආසන්න අනවසර කඩ සාප්පු කඩයි

දෙහිවල සිට ගල්කිස්ස දක්වා  වෙරළ තීරයේ අනවසර  ආපනශාලා  ඇතුළු වෙළඳසල් විස්සක්  ඉවත්  කිරිමට  වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව  අද (12)  පියවර  ගත්තේය.

යුද හමුදා  හා  පොලිසිය  ආරක්ෂාව සහිතව බැකෝ යන්ත්‍ර ඒම ගොඩනැගිලි කඩා ඉවත් කළේය.

S4120050[1] S4120051[1] S4120063[1] S4120047[1] S4120049[1]



අදහස් (0)

වෙරළ ආසන්න අනවසර කඩ සාප්පු කඩයි

ප්‍රියංකර Friday, 12 February 2016 02:33 PM

සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කල යුතුයි.දේශපාලනඥයින් තමන්ගේ චන්ද ගොඩ අඩුවෙයි කියල.මේවට කතා කරන්නේ නැහැ.හැම රජයක් යටතේම මේවා ඉදිඋනා.සමහරු මෙය ව්‍යාපාරයක් කරගෙන සමහරු ඉන්න නිවස ලක්ෂ ගණන් වලට විකුණලා කොහෙන් හරි අනවසර ඉදිකිරීමක් කරගෙන ටික දවසකින් එකත් විකුණලා තව කොහේ හරි එකක් ගහ ගන්නවා .(කෞ)

:       0       0

සරත් Saturday, 13 February 2016 07:29 AM

පුරවැසි බලය නෙමෙයි මේ වැසි බලය (ම)

:       0       0

බණ්ඩාර Saturday, 13 February 2016 08:28 AM

රවී බාලසුඋරිය, පුෂ්ප කුමාර,ඇත්තම තමයි ඔබලා කීවේ. නන්දලාල්-ප්‍රංශයේ, මටත් පේනවා එයාගේ ජීවන කලාව අනුව තමයි සිතුම් පැතුම් එහෙම. මේ අපේ කොමන්ට් සෙට් එකට නොයෙකුත් අවලාද අපහස කරනවා මම දැකලා තියෙනවා. මෙය අපි සියලු දෙනා එකතුවෙලා නැවැත්විය යුතුයි. (ර)

:       0       0

ගයාන් Friday, 12 February 2016 11:15 AM

හොඳ වැඩක් , හැම තැනම මෙහෙම කරන්න .(ම)

:       0       0

ලක්ෂ්මන් Saturday, 13 February 2016 08:54 AM

මේවා ඇතුලේ බොහොම සමාජ විරෝධී වැඩ සිදුවෙනවා පාලක ලොක්කකුගේ පාසල් යන දුවක්ද මේවායේදී අතවරයට පත් වුනාම තමා ඇස් ඇරුනේ දැන් කුඩු පට්ටම් කරලා වැඩක් නැහැ දරුවෝ නොමගට යොමු වුනාට පස්සේ (බ)

:       0       0

මහින්ද සෞදි Friday, 12 February 2016 12:00 PM

අනවශ්‍ය කඩවලින් මහජනයාට කරදරයක් මිස හොඳක් කිසිදාක වෙන්නේ නැත. (බ)

:       0       0

සනත් ඉන්දික Friday, 12 February 2016 12:19 PM

ඉස්සර මෙහෙම කඩනකොට ඝෝඨගේ පතුටු ඇරපු කට්ටිය අද ඇති කෙසෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා කෝ අර පුරවැසි බලේ කට්ටිය (කෞ)

:       0       0

පුෂ්පකුමාර Friday, 12 February 2016 05:35 PM

නන්දලාල් ප්‍රංශය, එතකොට ප්‍රංශයේ අනවසර කඩ වලට අවසර තිබෙනවද? ජීවත්වෙන්නේ ප්‍රංශයේ කිව්වට හිතාගන්න පුළුවන් ප්‍රංශයේ ජීවත්වෙන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

නලින් යහම්පත් Friday, 12 February 2016 12:38 PM

දෙහිවල ගල්කිස්ස වෙරල සිමාවේ බහුතරයක් තියෙන්නේ අනවසර කඩ සාප්පු , මේවායින් සංචාරකයන්ට කරදරයක් මිස හොඳක් වෙන්නේ නැහැ , අපිරිසිදු කෑම බිම ඉහල ගණන් වලට විකුණා සල්ලි ගැරීමක් වෙන්නේ (හේ)

:       0       0

වසන්ජය Friday, 12 February 2016 12:39 PM

වෙරළේ පමණක් නොව රට ඇතුලේ අනවසර කඩ ඇත. ඒවාද ඉවත් කරන්න.(හේ)

:       0       0

අමල් Saturday, 13 February 2016 05:30 AM

සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි. (බ)

:       0       0

රූපසිංහ Friday, 12 February 2016 07:22 PM

පසුගිය ආණ්ඩුකාලේ කොම්පඤ්ඤවීදිය පැත්තේ අනවසර ගෙවල් කඩා ඉවත්කොට ඒ අයට ගෙවල් දුන්නහම ඒ අය කිවුවේ හිටපු තැනින් යන්න බැහැ කියලා. හැබැයි ඒ අය ඒ කාලයේදී ක්‍රියා කළේ ඔවුන්ගේ ස්වාධීන මතයකට නොවෙයි. නමුත් අද ගල්කිස්ස වෙරළාසන්න ප්‍රදේශයේ මෙම ස්ථානකඩ සාප්පු බවට පෙරළී ඇත. මේවා කඩ සාප්පුම පණක් නොව ඒවායේ පවුල්ද ජීවත්වෙති. හැබැයි මෙම ජනතාව ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලූ දාට කියාවි මේකත් මහින්ද රාජපක්ෂගේ වැඩක් කියලා. (නි)

:       0       0

ඇසළ Friday, 12 February 2016 01:27 PM

මුළු ලංකාව වටේම ඕක කළා නම් තමයි හොඳ (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Friday, 12 February 2016 01:51 PM

පව් අනේ! දුප්පත් වෙළඳුන්ට දැන් මොනවද ඉතුරුවෙලා තියෙන්නේ? සෑහෙන වන්දියක්වත් ඔවුන්ට ලැබුනද? 4 වැනි ඡායාරූපයේ විරිත්තාගෙන ඉන්න පොලිස් නිලධාරීන් දැක්කහම මට ඇතිවුණ කේන්තිය කියලා නිම කරන්න බැහැ. (නි)

:       0       0

රුවන්ති Saturday, 13 February 2016 02:06 PM

නන්දලාල් ප්‍රංශයේ හිටියත් , මිනිසුන්ගේ දුප්පත්කම ගැන වැටහීමක් තිබෙනවා. එදා වේල හම්බකරගෙන කන රැකියාව නැතිවුණාම ඒ මිනිසුන්ට මොනවද වෙන්නේ කියලා දන්නවා. නමුත් උදේ හවස ජීවිත අරගලයේ යෙදෙන ලංකාවේ මිනිසුන්මනේ අනෙකාට විපතක් වුණාම සතුටු වෙන්නේ (නි)

:       0       0

ලක්සිරි Friday, 12 February 2016 02:11 PM

හොඳ වැඩක් (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 12 February 2016 02:11 PM

මෙහි ප්‍රතිචාර දමන නන්දලාල් වැනි අය මොනවට ප්‍රංශයට ගියාද කියා සිතෙනවා. දියුණු රටකට ගිහිල්ලත් මොළය දියුණුවක් කරගෙනම නැහැ. අනුන්ට ගරහන එකම තමා කරන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site