දෙහිවල සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ අනවසර ආපනශාලා ඇතුළු වෙළඳසල් විස්සක් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව අද (12) පියවර ගත්තේය.
යුද හමුදා හා පොලිසිය ආරක්ෂාව සහිතව බැකෝ යන්ත්‍ර ඒම ගොඩනැගිලි කඩා ඉවත් කළේය.
දෙහිවල සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ අනවසර ආපනශාලා ඇතුළු වෙළඳසල් විස්සක් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව අද (12) පියවර ගත්තේය.
යුද හමුදා හා පොලිසිය ආරක්ෂාව සහිතව බැකෝ යන්ත්‍ර ඒම ගොඩනැගිලි කඩා ඉවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කල යුතුයි.දේශපාලනඥයින් තමන්ගේ චන්ද ගොඩ අඩුවෙයි කියල.මේවට කතා කරන්නේ නැහැ.හැම රජයක් යටතේම මේවා ඉදිඋනා.සමහරු මෙය ව්‍යාපාරයක් කරගෙන සමහරු ඉන්න නිවස ලක්ෂ ගණන් වලට විකුණලා කොහෙන් හරි අනවසර ඉදිකිරීමක් කරගෙන ටික දවසකින් එකත් විකුණලා තව කොහේ හරි එකක් ගහ ගන්නවා .(කෞ)
පුරවැසි බලය නෙමෙයි මේ වැසි බලය (ම)
රවී බාලසුඋරිය, පුෂ්ප කුමාර,ඇත්තම තමයි ඔබලා කීවේ. නන්දලාල්-ප්‍රංශයේ, මටත් පේනවා එයාගේ ජීවන කලාව අනුව තමයි සිතුම් පැතුම් එහෙම. මේ අපේ කොමන්ට් සෙට් එකට නොයෙකුත් අවලාද අපහස කරනවා මම දැකලා තියෙනවා. මෙය අපි සියලු දෙනා එකතුවෙලා නැවැත්විය යුතුයි. (ර)
හොඳ වැඩක් , හැම තැනම මෙහෙම කරන්න .(ම)
මේවා ඇතුලේ බොහොම සමාජ විරෝධී වැඩ සිදුවෙනවා පාලක ලොක්කකුගේ පාසල් යන දුවක්ද මේවායේදී අතවරයට පත් වුනාම තමා ඇස් ඇරුනේ දැන් කුඩු පට්ටම් කරලා වැඩක් නැහැ දරුවෝ නොමගට යොමු වුනාට පස්සේ (බ)
අනවශ්‍ය කඩවලින් මහජනයාට කරදරයක් මිස හොඳක් කිසිදාක වෙන්නේ නැත. (බ)
ඉස්සර මෙහෙම කඩනකොට ඝෝඨගේ පතුටු ඇරපු කට්ටිය අද ඇති කෙසෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා කෝ අර පුරවැසි බලේ කට්ටිය (කෞ)
නන්දලාල් ප්‍රංශය, එතකොට ප්‍රංශයේ අනවසර කඩ වලට අවසර තිබෙනවද? ජීවත්වෙන්නේ ප්‍රංශයේ කිව්වට හිතාගන්න පුළුවන් ප්‍රංශයේ ජීවත්වෙන්නේ කොහොමද කියලා. (නි)
දෙහිවල ගල්කිස්ස වෙරල සිමාවේ බහුතරයක් තියෙන්නේ අනවසර කඩ සාප්පු , මේවායින් සංචාරකයන්ට කරදරයක් මිස හොඳක් වෙන්නේ නැහැ , අපිරිසිදු කෑම බිම ඉහල ගණන් වලට විකුණා සල්ලි ගැරීමක් වෙන්නේ (හේ)
වෙරළේ පමණක් නොව රට ඇතුලේ අනවසර කඩ ඇත. ඒවාද ඉවත් කරන්න.(හේ)
සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි. (බ)
පසුගිය ආණ්ඩුකාලේ කොම්පඤ්ඤවීදිය පැත්තේ අනවසර ගෙවල් කඩා ඉවත්කොට ඒ අයට ගෙවල් දුන්නහම ඒ අය කිවුවේ හිටපු තැනින් යන්න බැහැ කියලා. හැබැයි ඒ අය ඒ කාලයේදී ක්‍රියා කළේ ඔවුන්ගේ ස්වාධීන මතයකට නොවෙයි. නමුත් අද ගල්කිස්ස වෙරළාසන්න ප්‍රදේශයේ මෙම ස්ථානකඩ සාප්පු බවට පෙරළී ඇත. මේවා කඩ සාප්පුම පණක් නොව ඒවායේ පවුල්ද ජීවත්වෙති. හැබැයි මෙම ජනතාව ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලූ දාට කියාවි මේකත් මහින්ද රාජපක්ෂගේ වැඩක් කියලා. (නි)
මුළු ලංකාව වටේම ඕක කළා නම් තමයි හොඳ (නි)
පව් අනේ! දුප්පත් වෙළඳුන්ට දැන් මොනවද ඉතුරුවෙලා තියෙන්නේ? සෑහෙන වන්දියක්වත් ඔවුන්ට ලැබුනද? 4 වැනි ඡායාරූපයේ විරිත්තාගෙන ඉන්න පොලිස් නිලධාරීන් දැක්කහම මට ඇතිවුණ කේන්තිය කියලා නිම කරන්න බැහැ. (නි)
නන්දලාල් ප්‍රංශයේ හිටියත් , මිනිසුන්ගේ දුප්පත්කම ගැන වැටහීමක් තිබෙනවා. එදා වේල හම්බකරගෙන කන රැකියාව නැතිවුණාම ඒ මිනිසුන්ට මොනවද වෙන්නේ කියලා දන්නවා. නමුත් උදේ හවස ජීවිත අරගලයේ යෙදෙන ලංකාවේ මිනිසුන්මනේ අනෙකාට විපතක් වුණාම සතුටු වෙන්නේ (නි)
හොඳ වැඩක් (නි)
මෙහි ප්‍රතිචාර දමන නන්දලාල් වැනි අය මොනවට ප්‍රංශයට ගියාද කියා සිතෙනවා. දියුණු රටකට ගිහිල්ලත් මොළය දියුණුවක් කරගෙනම නැහැ. අනුන්ට ගරහන එකම තමා කරන්නේ (නි)