නිරිතදිග මෝසම් හේතුවෙන් බසිනාහිර හා දකුණු පළාත්වල අද රාත්‍රී කාලයේ තද සුළං ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාතිලක මහත්මිය කියා සිටියේ දිවයින අවට මුහුදු වෙරළේ පැයට කිලෝ මීට 50 ක් 60 ක් පමණ වේගයෙන් සුළං හමායන බවයි. මෙය කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය නොවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දැඩි සුළං තත්ත්වයත් සමඟ මුහුද රළු වී ඇති බැවින් නාවුක හා ධීවර කටයුතු වලින් වැලකී සිටීම සුදුසු බව ද වැසි ඇතිවන අවස්ථාවලදී දිවයිනේ ඕනෑම ප්‍රදේශයක තද සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරළ අවට තද සුළං
තබුක් සිල්වා Monday, 03 June 2013 01:02 AM
රට තුල වෙන දේවල් වල හැටියට මේ විදියට හුළං හමලා කරදර නොවී බේරෙන එකත් පුදුමයි (නි)
වරුණ Monday, 03 June 2013 08:34 AM
රටේ වෙන අපරාද බඩුමිල ඉහල දැමීම හා ව්‍යසනයන් මදිවට ස්වභාවදර්මයත් අසරණ මිනිස්සුටයි මෙවගෙනුත් පීඩා විදින්න වෙන්නේ දඩුවම් දෙන්න ඕන පුද්ගලයන්ට ස්වාබවධර්මයෙන් දඩුවම් දෙන්නේ නෑ. එකයි මට තියන දුක ?(ස)
නීල් Monday, 03 June 2013 10:04 AM
දැඩි සුළං හමන්න පටන් අරන් පැය කීපෙකට පස්සේ ඒ ගැන නිකුත් කරන කාලගුණ අනාවැකිය කුමටද? අශ්වයා ගියාට පසු ඉස්තාලය වහන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරුද්දක් කරගෙන. (නි)