නිරිතදිග මෝසම් හේතුවෙන් බසිනාහිර හා දකුණු පළාත්වල අද රාත්‍රී කාලයේ තද සුළං ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාතිලක මහත්මිය කියා සිටියේ දිවයින අවට මුහුදු වෙරළේ පැයට කිලෝ මීට 50 ක් 60 ක් පමණ වේගයෙන් සුළං හමායන බවයි. මෙය කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය නොවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දැඩි සුළං තත්ත්වයත් සමඟ මුහුද රළු වී ඇති බැවින් නාවුක හා ධීවර කටයුතු වලින් වැලකී සිටීම සුදුසු බව ද වැසි ඇතිවන අවස්ථාවලදී දිවයිනේ ඕනෑම ප්‍රදේශයක තද සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට තුල වෙන දේවල් වල හැටියට මේ විදියට හුළං හමලා කරදර නොවී බේරෙන එකත් පුදුමයි (නි)
රටේ වෙන අපරාද බඩුමිල ඉහල දැමීම හා ව්‍යසනයන් මදිවට ස්වභාවදර්මයත් අසරණ මිනිස්සුටයි මෙවගෙනුත් පීඩා විදින්න වෙන්නේ දඩුවම් දෙන්න ඕන පුද්ගලයන්ට ස්වාබවධර්මයෙන් දඩුවම් දෙන්නේ නෑ. එකයි මට තියන දුක ?(ස)
දැඩි සුළං හමන්න පටන් අරන් පැය කීපෙකට පස්සේ ඒ ගැන නිකුත් කරන කාලගුණ අනාවැකිය කුමටද? අශ්වයා ගියාට පසු ඉස්තාලය වහන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරුද්දක් කරගෙන. (නි)