ශ්‍රී ලංකාව වටා වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ට වැඩි ප්‍රමාණයක් ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා කියයි. ඔහු පවසන්නේ 1983 වර්ෂයේ සිට ඉදිකරන ලද නිවාස, තානායම්, හෝටල් සහ තාප්ප මේ අතර වන බවයි. එවැනි ඉදිකිරීම් ඉවත්කිරීම සඳහා වාර්ෂිකව රුපියල් විසි ලක්ෂයක් රජයෙන් වෙන්කැර දෙතත් එය ප්‍රමාණවත් නැතැයි ද ඔහු කීවේය. වෙරළ සංරක්ෂණ පනත අනුව මෙවැනි ඉදිකිරීම් ඉවත්කිරීමට හැකියාව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන මහත් හොරු 99 බද්ද මත මින්ස්සු යොදවා දරුවන් පවුල් පිටින් පිටරට පටවලා බබලා වගේ කොළ වහලා ඉන්නේ.(නදී)
එතකොට උනවටුන බීච් රෙසෝට් එකත් කඩනවද ? ජොබ් නැතුව තමයි යන්න වෙන්නේ.(නදී)
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජන මුදල් වලින් අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නේ කුමටද යැයි මට නොතේරේ. ආරක්‍ෂිත භුමියේ අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකළ අයගෙන්ම අදාල වියදම අයකරගත යුතුයි නේද? ඒ සඳහා දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම් වෙරළ සංරක්ෂණ පනත සංශෝධනය කළයුතුයි යැයි මම යෝජනා කරමි (නි)
මේ නිවාස වෙරළබඩ දුම්රිය මාර්ගයේ යන මිනිස්සුන්ටත් මාරු කපොලු වෙලා තියෙන්නේ. මේ නිවාසවල වහලවල් තියෙන්නේ රේල් පාරේ ගැවි නොගැවී. දුම්රියේ යන මිනිස්සු වහලවල් වල හැපෙනවා. හැකි ඉක්මනින් මේවා ඉවත් කල යුතුයි (නි)
කරුණාකරලා වෙරල ආරක්ෂා කරනවා වගේ ගඟත් ආරක්ෂා කරන්න. මේ පානදුරේ ගගවල් හරියට හාරනවා, වැලි ගොඩදාන්න. ගඟ දෙපස හරියට ඛාදනය වෙනවා. ගෙවල්වල බිත්ති පුපුරලා. මේක ගැන බලදාරින් විමසිලිමත් වන්න. ලොකු විනාශයක් පරිසරයට (නි)
අපි මෙතනදී කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත් කළ හැටි උදාහරණෙට ගත යුතුයි. (නි)
කරුණාකර ඕවා ඉවත්කර වියදම් දඩ වශයෙන් ලබාගන්නට වැඩපිළිවෙලක් හදන්න (නි)
ඇයි හදනකම් බලන් ඉන්නේ. දෙහිවල ස්ටේෂම ලග එක දිගටම හෝටල් වගයක් හදනවා මේ දවස්වල. කව්රුවත් ඒවා නවත්වන්නේ නැත්තේ ඇයි? (ස)
ලංකාව කියන්නේ යුරෝපීය රටක් නොවේ , ආසියාතික රටක්. ඉන්දියාවේ ජනතාව ජීවත් වෙන අසරණභාවය අපේ රටේ ඇත්තෙම නැහැ .මුහුදයි ,වෙරළයි කියන්නේ රටේ ජනතාවට අයිති දෙයක්. තානායම්,හෝටල්,තාප්ප ඉදිකිරීමෙන් සිදුවන මුහුදු ඛාදනය ඒ ඇත්තෝ බලාගනී.පාරම්පරික ධීවරයින්ගේ බෝට්ටු, ලක්ස ගණන් වටිනා ධීවර ආම්පන්න තට්ටු නිවාස වලට ගෙනියන්නද ? නීති පැනවීමට වඩා ප්‍රමිතියකට සියලු ඉදිකිරීම් වලට ඉඩ දීම ගැන ප්‍රයෝගීව සිතීම, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් !! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මුහුද වටේටම තියෙන්නේ 1200 ද? හැබැයි රට ඇතුලේ ඇලේ,ඔයේ ,ගගේ ඉවුරුවල ලක්ෂ ගානක් ඇති. (නි)