2016-10-18-ent-13

කණ්ඩායම් සංගීතය තුළින් ක්‍ෂේත්‍රයට අත්පොත් තැබූ ඔහු නමින් ආසිරි නුවන් විජේතුංගය. ඔහුගේ මුල්ම ගීතය ‘සුසුමක් වගේ’ නිකුත් කර ඇති අතර, එයද ඔහු ජීවත්වන සිංගප්පූරුවේ සිට සිදුකර තිබීම විශේෂත්වයකි. ඒ පිළිබඳව හා ඔහුගේ අලුත්ම කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙසින් අදහස් දැක්වීය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-10-18-ent-12මගේ නම ආසිරි නුවන් විජේතුංග. මගේ ගම බියගම, දොම්පේ. මගේ පාසල සියනෑ ජාතික පාසල, දොම්පේ. මම දැනට රැකියාව කරන්නෙ සිංගප්පූරුවල. කලින් කණ්ඩායම් සංගීතය සමග කාලයක් සම්බන්ධවී සිට තමයි විදේශගත වුණේ. ඒ අතරතුර තමා මගේ මේ අලුත් මියුසික් වීඩියෝව එළිදැක්වූයේ.

 

මුලින්ම පළමු මියුසික් වීඩියෝ එක ගැන කතාකළොත්?

මගේ වීඩියෝ එක නිර්මාණය කිරීමට මට ලොකු දායකත්වයක් ලබාදුන්නා three cinem filam අජිත් කුමාරතන්ත්‍රි. ඔහු තාම වීඩියෝ එකේ director ඒ වගේම මේ වීඩියෝ එකේ location singapore වල තියෙන්නේ. ඒ වගේම මෙහි රංගනයන් සිංගප්පූරු ජාතික ගෑනු ළමුන් තිදෙනක් මමත් සමග එකතු වුණා. ඒ වගේම ගයාත්‍රි රාජපක්ෂ ප්‍රධාන රංගනයෙන්ද මට සහය වුණා.

 

මේ ගීතය විරහා ගීතයක්ද? නැත්නම් වෙනත් සංකල්පයක් තියෙනවාද?

මේ ගීතය විරහා ගීතයක්ම කියන්න බැහැ. මට හිතෙන විදිහට ඊට වැඩිය යම්කිසි අරුතක් ගෙන එන ගීතයක් වශයෙන් තාම මා දකින්නේ. මෙහි එන රූප රාමුවලින් එය වටහාගන්න පුළුවන්.

 

ඔබත් එක්තරා රාමුවකට කොටුවුණු ගායකයෙක්ද?

ඇත්තටම එහෙම නැහැ. මට ඕනි වුණෙ මේ ගීතයෙන් යම්කිසි අලුත් දෙයක් රසිකයන්ට දෙන්න. ඒ නිසයි මං මේ වීඩියෝ එක සිංගප්පූරුවලදී කළෙත්. මං බලන්නෙ අලුත් දෙයක් රසිකයන්ට දෙන්න.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මගේ තව අලුත් audio track 2 ඉදිරියේදී එන්න තියෙනවා. එහි පළමුවැනි ගීතය මං අම්මා වෙනුවන් නිර්මාණය කරපු ගීතය. නොවැම්බර් මාසේ මගේ රසිකයන්ට ඒ ගීතය අහන්න පුළුවන්.

 

උදව් කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

මුලින්ම ස්තුති කරන්න ඕනි ‘සුසුමක් වගේ’ මේ ගීතය මට නිර්මාණය කරලා දුන්නු ප්‍රියන්ත නවලාගේ අයියට. ඒ වගේම පද රචනයෙන් තුංන්කම පන්නාලංකාර ස්වාමින්වහ්න්සේ සහ මගේ ආදරණීය දෙමව්පියෝ ඇතුළු සියලුම යහළුවෝ සහ මට සිංගප්පූරුවලදී සහාය දුන්න සැමටම. ඒ වගේම මේ video එක ලස්සනට කරලා දෙන්න උපරිම කැපවීම කරපු අජිත් කුමාරතන්ත්‍රී අයියටත්.

 

2016-10-18-ent-14
2016-10-18-ent-11