IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වර්ෂාවත් සමඟ පැතිරයන රෝග වලින් ආරක්ෂා වන හැටි

මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල

වර්ෂාවෙන් පසු පැතිර යන රෝග මොනවාද?

මේ අතර ප‍්‍රධානම තැනක් ගන්නේ ස්වසන රෝග, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි වෛරස නිසා ඇතිවන රෝග ඉක්මණින් පැතිරයනවා. කුඩා ළමුන්  හා නව යෞවනයන් අතර පැතිර යාම වැඩියි. ඔවුන් එකිනෙකා අතර ගැටීම, ගැවසීම වැඩිවීමත් මීට එක හේතුවක්. නාසය සහ මුහුණ නිතර ඇල්ලීමෙන් රෝගය බෝවීම පහසු වෙනවා. මැද කණේ ආසාදන, උගුරේ අමාරු  සහ කෝඨරක ප‍්‍රදාහයත්  මේ රෝග අතර ඉහළින්ම තියෙනවා. කථා කරන, කහින හා කිවිසින විට පිටවන බිඳිති මගින් රෝගය  එකිනෙකාට බෝවනවා. ඒ නිසා රෝගය වැළඳුන විට ඒ ගැන සැළකිලිමත් වීම වැදගත්. කහින කිවිසින විට තමන්ගේ අතේ වැළමිට ප‍්‍රදේශයෙන් මුහුණ ආවරණය කරගන්න කියන්නේ ඒකයි. අතින් මුහුණ වැහුවොත් අතේ රැඳෙන විෂබීජ තව කෙනෙකුට පැතිර යන්න තියන හැකියාව වැඩියි.

සමහර විද්‍යාඥයන්ගේ මතය නම් වර්ෂාව සහ ආර්ද්‍රතාවය අධික විට අපේ ප‍්‍රතිශක්තිකරණ හැකියාවත් අඩුවන බවයි. අධික වර්ෂාව හා තෙතමනය වෛරස බෝවීම වැඩි  කරනවා.

වැස්සට තෙමීම පුංචි අයව ලෙඩ කරන්න පුළුවන්න කියන එකට නම් උත්තරය පැහැදිලි නෑ. කිසිම පර්යේෂණයකින් එය සනාථ වෙලානම් නෑ. නමුත්  ඕනෑම පීඩනයකදී  අපේ ප‍්‍රතිශක්තිකරණය අඩුවෙන්න පුළුවන්. වැස්සට තෙමීමෙන් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. කොඨරක ප‍්‍රදාහය, මැද කණෙහි ආසාදන සහ කැස්ස සමඟ ඇතිවන බ්‍රොන්කයිටිස් තත්ත්වයන් නියුමෝනියා හෝ මොළයේ පටළ ඉදිමීම දක්වා දුර යන්න පුළුවන්.

පිට කණේ ආසාදනයත් වර්ෂා කාලයේදී අධිකයි. ආසාදිත ජලයේ නෑම ඊට ප‍්‍රධාන හේතුවක්. ශ්වසන පද්ධතියේ ආසාදන හැර තවත් රෝග ගණනාවක් වර්ෂා කාලයේදී පැතිර යනවා.

වර්ෂා කාළයේ පැතිර යන අනෙක් රෝග මොනවාද?

වර්ෂාව අධික වන විට අතු ඉති දළුලනවා වගේම මදුරු ගහණයත් වැඩිවෙනවා. මදුරුවන් නිසා පැතිර යන රෝග වැඩිවන්න ඒක හේතුවක්. මේ නිසා වර්ෂාවත් සමඟ ඩෙංගු, මැලේරියා හා චිකන්ගුන්යා පැතිර යාම වැඩිවීම අපි හොඳටම දන්න දෙයක්. මැලේරියාව නම් අපේ රටෙන් තුරන් වන්න ආසන්නයි. ඒත් ඩෙංගු නම් එන්න එන්නම වැඩි වන පාටයි. ඩෙංගු මරණ සංඛ්‍යාව අඩු වුණත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව වැඩිවන බවයි වාර්තාවන්නේ.

ඩෙංගු වෛරසයෙන් ආසාදිත ඊඩ්ස් මදුරුවකු අපට දෂ්ඨ කළ විට ඩෙංගු රෝගය ඇතිවීමේ අවදානමක් තියනවා. ඝර්ම කළාපීය රටවල ඩෙංගු පැතිරීම වැඩියි.

රිඩ්ස් මදුරුවන් දෂ්ඨ කරන්නේ දිවා කාලයේදීයි. ඒ නිසා මදුරු දැල් වලින් ආවරණය වී නිදන්නට යන්නට පෙර ඌ අපිට රෝගය ලබා දෙනවා. දිවා කාළයේ මදුරු දෂ්ඨන වලින් ආරක්ෂා වීමට නම් දිගු ඇඳුම් ඇඳ සිටීමත්, මදුරුවන් පළවා හරින ආලේපන ඇඟ ගැල්වීමත් මදුරුවන් පළවා හරින වෙනත් ක‍්‍රම වේදයන් භාවිත කිරීමත් වැදගත්. ඒ අතර මදුරු දඟර දැල්වීම, දුම් ගැසීම අපි හොඳින් දන්න දේවල්.

මදුරුවන් බෝවන්නේ ගලා නොයන කුඩා ජලය පිරුණ තැන් වලයි. අපි හැමදාම අසා පුරුදු ස්ථාන වන ටයර්, වැහිපීලි, කුහුඹු උගුල් සහ සමහර පැළෑටි වල රැඳී ඇති ජලයේ වැඩෙනවා. කොහොම වුණත් ඩෙංගු මදුරු ගහණය වැඩිවීම වළක්වන්න බැරි මිනිසාගේ ක‍්‍රියාකාරකම් නිසා බව පැහැදිලියි. අපේ උනන්දුව තිබුණොත් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර  මදුරු ගහණය අඩු කරගන්න පුළුවන්.

ඩෙංගු තරම්ම මේ දිනවල අහන්න නැති වුණත් චිකන්ගුන්යාත් මදුරුවකුගෙන් බෝවන මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වර්ධනය වන රෝගයක්.

වර්ෂ 1932 දී ශ‍්‍රී ලංකා ජනගහන වර්ධනය  ඍණ වීමට බලපෑ ප‍්‍රධාන රෝගය මැලේරියාවයි. අද වන විට අපි මැලේරියාව තුරන් කරමින් සිටිනවා.

වර්ෂාව නිසා ජලය අපවිත‍්‍ර වීමෙන් සෑදෙන රෝග මොනවාද?

වෛරස මගින් ඇතිවන දියරමය පාචනය ප‍්‍රධානයි. ඒ හැර බැක්ටීරියා අසාදනය වීමෙන් ලේ සහ සීදම් සහිත පාචනය සෑදෙන්න පුළුවන්. කොළෙරාව, ටයිෆොයිඩ්, හෙපටයිටිස්   වැනි රෝග ගණනාවක් මේ විදියට පැතිරෙන්න පුළුවන්.

අපවිත‍්‍ර ජල මූලාශ‍්‍ර වලින් ජලය ප‍්‍රයෝජනය සඳහා නොගැනීම මීට හොඳම පිළියමයි.

ඒ හැර වතුර උණුකර නිවා ප‍්‍රයෝජනයට ගැනීම හා රෝග ලක්‍ෂණ දුටුවහාම රෝගියා වෛද්‍යවරයකු කරා රැගෙන යාම ඉතා වැදගත්. හෙපටයිටිස් සහ ටයිෆොයිඩ් රෝග වලින් බේරීමට එන්නත් ද තියනවා.

ඉහත රෝග හැර වර්ෂාව අධික කාළයේදී වැඩි වන වෙනත් රෝග මොනවාද?

මී උණ , මස්පිඩු වේදනාව, සමේ රෝග මේ  අතර ප‍්‍රධානයි. වර්ෂාව අධික වීම රෝග අධික වීමට හේතුවක් වුණත් වර්ෂාව නැතිව බැරි දෙයක්. රෝග වලින් වැළකීමට සියළු දේ කළ යුතු අතර ස්වභාව ධර්මයාට අභියෝග නොකිරීමෙන් යහපත් ප‍්‍රතිඵල ලබන්න පුළුවන් වෙයි. 



අදහස් (0)

වර්ෂාවත් සමඟ පැතිරයන රෝග වලින් ආරක්ෂා වන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site