(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා වසර 06ක කාලයක් ගතවී ඇතත් මේ දක්වා නඩු විභාගය ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට අද (15) දැනුම් දුන්නේය.
වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යනුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට මෙම නඩු පවරා තිබේ.
මෙම ප්‍රමාදය සැලකිල්ලට ගෙන කඩිනමින් තීන්දුවක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා වලට අදාල වාචික දේශන ජුනි මස 16 වැනිදා ඉදිරිපත් කිරීමටද නියම කළේය.
2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත”
ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත”
වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේය”
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය 2017 වසරේදී ඉදිරිපත් කළත් නඩු විභාගය මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි කීවාය”
මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් පැමිණීල්ලෙන් ලිඛිත දේශන ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් අයේෂා ජිනසේන මෙනවිය මෙම ප්‍රමාදය සැලකිල්ලටගෙන විත්තියේ විරෙරා්ධතාවය සම්බන්ධයෙන් කඩිනමින් තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලීමක්ද කළාය.
විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා මෙම නඩුව ඔහුට එරෙහිව ගොනු කොට ඇතැයි පැවසීය.
මෙම නඩුවට සමාන වෙනත් නඩුවක් සම්බන්ධයෙන් තම සේවාදායකයා ඉහළ අධිකරණයක අභියාචනයක් ගොනුකර ඇතයිද එම නඩුවේ තීන්දුව ලැබෙන තෙක් මෙම නඩුව විභාගයට නොගෙන කල් තැබීම සුදුසු යැයි කී ජයන්ත වීරසිංහ මහතා කෙසේ වෙතත් මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළ යුතු බවට විශ්වාස කරන්නේ නම් නඩු විභාගය සඳහා දින නියම කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද කීය”
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මීට සමාන වෙනත් නඩුවක අභියාචනයක් ඉහළ අධිකරණයේ තිබීම මෙම නඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑමට බාධාවක් නොවන්නේ යැයි කීය”
නඩුව පවත්වාගෙන යෑමට නෙනාහැිකි බවට විත්ති පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික දේශන ඉදිරිපත් කිීරීමට නියම කළ විනිසුරුවරයා නඩුව ලබන ජුනි 16 වැනිදා කැඳීවීමට නියම කළේය්.
අල්ලස් කොමිසම වෙනුවෙන් නීතීඥ දිස්නා ගුරුගේ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු පරණ වෙන්න පවත්වා ගෙනයාමට නොහැකි තත්වයක් වෙන්නේ මොකද කියලා මම කල්පනා කළේ...!
මේ නඩුව ඉක්මනින් අහලා මෙයාගේ වෙස්මුහුණ ගලවන්න...
ඔය අශූචී වංශ ජීවත්ව සිටිනා තාක්කල් ඔය නඩුව නිමා නොවනු ඇතැයි මාගේ විශ්වාසයයි. ඒ ඔය වංශට බලයට එන ඕනෑම දේශපාලන පක්ෂයන් සමඟ ඇති ඩීල් නිසාවෙනුයි...
ජනතා විරෝධී ආණ්ඩුව පැත්තට කකුලක් තියාගෙන ඉන්න පචවංශ පනින්න පාලමක් හදලා දෙන්න යනවා රනිල් රාජපක්ෂ කල්ලිය
වැඩක් නැහැ නඩු අහලා, වීරවංශ පොඩි කාලෙ ඉඳන් සල්ලි කාරයෙක්... BMW එකෙන් උදේට පාසල් එන්නේ. බොරුවට නඩු අහලා, ජවිපයේ ඉන්න කාලේ, කැට වලට සල්ලි පිරෙව්වේ කෑෂ් මැෂින් එකක් ගෙදර තියාගෙන...