‘ගියේ හිට්ලර්ද, ආවේ චැප්ලින්ද‘ යන තේමාව යටතේ සංවාදශීලී ජනහමු දස දහසක් රටපුරා පැවැත්වීමට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇතැයි එම පෙරමුණ පවසයි.
නොවැම්බර් 5 දා සිට 25 වැනිදා දක්වා මේ රැස්වීම් පැවැත්වීමට යයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, නියෝජ්‍ය සභාපති වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික උදය ශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු පිරිසක් එහිදී අදහස් දැක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලව පත්කළ අයටයි මම නම් බනින්නේ (නි)
එයා කවදද හරි වැඩක් කළේ? කෙරුවාව රටේ මිනිස්සු දැන් නොදන්නවා නෙමෙයිනේ. මේවට එයාලත් එක්ක සහභාගිවෙන අනිත් මිනිසුන්ට ලැජ්ජා නැද්ද? (නි)
අපි බලමු කොච්චර මිනිස්සු මේවට එයිද කියලා (නි)
හිට්ලර් කියන්නේ කවුද , චැප්ලින් කියන්නේ කවුද කියලා දන්නේ නැතුව මේ වගේ අයට ඔළුවක් තිබෙන මිනිස්සු නම් ඇහුම්කන් දෙන එකක් නැහැ (නි)
මෙයා කොළඹ පළමු වැනියා, මගේ සුභ පැතුම් (අ)
හොඳ දේ අපි කවදත් අගයකරනවා (නි)
හොදයි. (ර)
චැප්ලින් නෙමෙයි දැන් අපිට නම් 'පොප්ලින්' තමයි (නි)
මෙතුමා වෙලාවකට හැසිරෙන්නේ සියල්ල දත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශාරදයෙක් වගේ. (නි)
සාර්ථක වේවා! (නි)
මෙයාගේ වැඩ චාලිගේ වැඩ විතර වටින්නේ නෑ. (ර)
ඔබට මාගේ සුබ පැතුම්.! (ර)
ඔබට මාගේ සුබ පැතුම්! (නි)
චැප්ලින් නොවේ දැන් ඉන්නේ (අ)
මෙතුමාව පිළිගන්න ගහන එදාට තොරණට පාස්පෝර්ට් එකේ පින්තුරයක් දාල එ්ක මැද්දේ එතුමාගේ ෆොටෝ එක දැම්මොත් තමා හොඳ. (බ)
ඉන්දික, කව්ද එහෙනම්.? (ර)
මට පෙනෙන විදියට විමලුත් චලිට ඇදල වගෙයි ..(අ)
ඇත්තටම මෙතුමාට මම නම් ආදරෙයි. රටට ආදරය කරන්න අපි පුරුදු වෙමු. කඩාකප්පල් වැඩ එපා. (නි)
දේසනාවට පෙර හොර වැඩ නතර කරන්න හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්.(අ)
මේ ඔහෙලට ඇහුනද ? වාසගම වෙනස් කරල ගොන් වංශ කියල දැමිමේත් නරකද ? (අ)
මෙයාට සුබ පතන්නත් කට්ටිය ඉන්නවනේ? (නි)
මම නම් මේ වැඩ පිළිකුලෙන් හෙළාදකිනවා (නි)
පාන් කිරිත්තා සින්දුව මතක්වුනා. (ර)
ඔවාදෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට (අ)
එහෙමවත් කරලා බලන්නකෝ. (නි)
සුබ පැතුම්! ඇත්ත කවුරුහරි පෙන්වන්න එපායැ (නි)
ආ! එතකොට ආවේ චැප්ලින්ද? (නි)
අපිට තවත් ඔය කතා එපා විමල් මහත්තයෝ (නි)
හැම වෙලාවේම මොකක්හරි වැඩක් නම් කරනවා (නි)
නියමයිනේ! (නි)
මෙයාගේ මොනවාද ඇත්ත, මොනවාද බොරු කියලා මට හිතාගන්න බැරුවයි මම මේ කල්පනා කරන්නේ. (නි)
සමහරු හිතාගෙන ඉන්නේ එයාලා ජාත්‍යන්තර කටයුතු, ආර්ථිකය, දේශපාලනය ගැන විශාරදයින් කියලා. (නි)
හරිම විනෝදජනක අවස්ථාවක්. (ර)
"බෙරය" කියන්නේ ලොකු ශබ්දයක් තිබෙන භාණ්ඩයක් තමයි. ඒත් ඇතුළ හිස්. (නි)
නියම පාස්පෝර්ට් සහ හොර පාස්පෝර්ට් අතර වෙනසත් එදාටම පහදලා දෙනවා නම් හොඳයි අපිට (නි)
සියල්ල දත් වුණාට හැබැයි පාස්පෝට් දෙකක් තියෙන බව දන්නේ නැහැ. බලාඉන්න, මේකට සෙනඟ එයි ගොඩක් (නි)
සිරිනිමල් කරුණාරත්න, ඔයා හරියටම හරි. (නි)
"උපවාස කලාද, ලෙමන් පෆ් කැවද" කියලත් එකත් පටන් ගන්නවද???(රේ)
අනේ අප්පේ! මේකත් හරියට වීථි නාටකයක් වගේ වේවිද දන්නේ නැහැ. (නි)
නියමයි. ජයවේවා! (නි)
රන්දිකගේ අදහස 100%ක් අගයමි. (නි)
නියමයි මහත්තයෝ නියමයි (නි)
...මෙයා කොහොමත්ම " වීරවංශ " යේ නං නොවෙයි...මට හිතෙන විධිහට ..(රේ)
මේකේ නම වෙනස් කරන්න තිබ්බ ගියේ පාස් පොර්ට් වලින්ද පුස් පාර්ට් වලින්ද , උපන් දින හරිද ? නෙත්නම් ඉපදුනේ නැද්ද ? ...(රේ)
අපි ඉතින් කට ඇරගෙන බලාඉමුකෝ මේවා දිහා (නි)
මෙහෙම කෙනෙකුගෙන් රටට ආදරයක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ අපිට නම් (නි)
චැප්ලින් විතරක් නෙමෙයි මිස්ටර් බීන්වත් මතක් කරලම ඔය දේශණමාලාව පවත්වන්න කියල අපි වීරවංශ මහත්මයගෙන් ඉල්ලා සිටිනව....(රේ)
මොලේ කලඳක් නැති වුනාට හැකර කටක් තියන හින්ද අපේ රටේ මෝඩයෝ මේ වගේ අයට රැවටෙනවා. (බ)
දේශීය මෙන්ම විදේශීය දේශපාලන ගමන්මඟ පිළිබඳව යථාවබෝධයකින් යුතු විමල් වීරවංශ මහත්මයාට ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අපේ උපහාරය පුදකරමු. (නි)