ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද අලුයම පහට පමණ තලංගම පොලිසියට ගොස් තම රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය නැතිවූ බව කියමින් පොලිස් වාර්තාවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඉන් පසු උදේ 7.30ට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් ඒ වෙනුවට නව රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ගෙන ඇතැයි ද, ගුවන්තොටුපොළේ දී ප්‍රශ්නය මතුවූ අවස්ථාවේ ආගමන විගමන නිලධාරියකුට දෝෂාරෝපණය කර ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ මුල් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ගෙන ඇත්තේ 2011 බවද , එය 2012 මැයි මාසයේ නැති වූ බව කියමින් 2012 මැයි මාසයේ දෙවැනි ගමන් බලපත ලබාගෙන ඇතැයි ද, එම බලපතින් 2014 වසර අවසන්වන තුරු යාම් ඊම් කර ඇතැයි ද, ජනාධිපතිවරණය පරාජයෙන් පසු විදෙස් ගත වී නැතැයි ද ගුවන්තොටුපොළ ආරංචි සඳහන් කරයි.
මෙවර වීරවංශ මහතා එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි, ඉතාලි, ප්‍රංශය හා එංගලන්තයට යන්නට ගොස් ඇත්තේ ‘සුද්දගේ අධිකරණය හා ජාතියේ අවනඩුව‘ නම් පොතක් එළිදැක්වීමේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට යැයි ද දැනගන්නට ඇත.
ඒ අනුව වීරවංශ මහතාට රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගවන් බලපත්‍ර තුනක් නිකුත් කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝඩුවම පාස්පෝර්ට් කැප්ටන්ලානේ (බ)
මේ වගේ අය කොහොමද රටේ ඇමැතිකම් කෙරුවේ ආයේ දුන්නොත් කරන්නේ (බ)
පොත් ලියාගෙන ඔය රටවල්වල ඇවිදිනවට වඩා නරකද ඔය තරම් රට ගැන කැක්කුමකුත් තියන එකේ අර කවදාවත් නොගියපු සීගිරියට නැගල සංස්කෘතිය ගැන මොනවහරි ලිවනම්.(ම)
කොහෙන්ද අප්පේ මෙහෙම සල්ලි කන්දරාවක් යුරෝපේ ඇවිදින්න මෙයාට? බයිසිකල් කටුවක්වත් නැතුව පාර්ලිමේන්තු ආපු දේශපාලකයා (ම)
මේකත් හොඳ මෙගා ඩීල් රස කතාවක් වාගේ (බ)
මෙහෙම පාස්පෝට් නැති වෙන නැතිවෙන ගානට අලුත් ඒවා මහජනතාවටත් පහසුවෙන් නිකුත් කරනවද කියල දැනගන්න කැමති. මෙයාගේ නෝනගේ නම් පාස්පෝට් ලිය කියවිලිත් පහසුවෙන්ම නැති උනේ ඔය තැන දී නේද? (බ)
මෙහෙම කාර්යක්ෂම පොලිසිත් ලංකාවේ තියෙනවනේ අනේ ඇත්තටම! (බ)
බන්දුල,විමල් කතා කරනවා ඇත්තේ ජනාධිපති පිට රට ගිහාම කතාකරන භාෂාවෙන් වෙන්න ඇති (රේ)
මෙයාගේ මේ නැතිවුණා පස්ස්පෝර්ට් එකේ හොර උපන්දින දාල . අඹුවගේ පාස්පෝර්ට් කෙස් එකේදී එක ඔප්පු වුන පසුව සියලුම ලිපි ගොනු නැති වුන ඔය මොන තානාපති කාරයලෙත් මෙයාගේ පාස්පෝර්ට් කොපිය තියෙනවා සී අයි ඩි එක හරි පරීක්ෂණයක් කලොත් ඔප්පු වේවි (රේ)
කව්රු හරි මට කියලා දෙනවද උදේ 7.30 ආගමන විගමන දෙපාර්තුමීන්ත්ව වැඩ කරන්නේ කොහොමද කියලා.(ම)
සුද්දට බනිනවා නමුත් යන්නේ එංගලන්තයට .....අහවලාගේ පාලනය යටතේ මෙහෙම වුණා නම් ගුවන් තොටුපොළේ නිලධාරීන්ගේ කනටත් ගහලයි මෙයා රටින් පිටවෙලා යන්නේ එහෙනම් (ම)
මෙයාව තමන් ඉන්න රටවලට ගෙන්වා ගන්නේ කවුද? (නි)
අවුරුදු දෙකෙන් දෙකට පාස්පෝර්ට් නැතිවෙන්ට මෙයාගේ මොළේ ඇළක දාලා දන්නේ නැහැ. නැත්නම් පාස්පෝර්ට් වැඩි නිසා අවලංගු වන දිනය මතක නැතිව ඇති.(ම)
පාන්දර 5.00 ට පොලිස් වාර්තා. උදේ 7.30 ට අලුතින් පාස්පෝර්ට් . අපිට තමයි පුෂ් කිව්වලු. (අ)
පස්ස්පොට් එක බෙල්ලේ එල්ලගත්තනම් ලනුවක් දාලා නැතිවෙන එකක් නැහැ.(රේ)
මදැයි වීරවංශත් කරගන්න දේවල්? (නි)
මම සිතන්නේ බටහිර අධිරාජ්‍ය වාදයට විරුද්ධව සටන් වැදීමට ඉතාලිය ප්‍රන්ශය සහ එංගලන්තයට යන්නට මෙම වංචාව කරන්න ඇති. (රේ්)
මෙයාටයි එයාගේ නොනටයි ප්‍රශ්නයක් නැහැ නේද දෙසැර දෙසැර ඉපදිලා උපන් දින දෙක තුනක් තියෙන නිසා පාස්පෝර්ට් ඕනේ තරම් ගන්න පුළුවන් නේද. අපිට බැරි අපිට තියෙන්නේ එක උපන්දිනය්නේ(රේ).
මෙයාටනේ අර ජ.වි.පෙ කට්ටිය ඉස්සර නායකකම දෙන්න හැදුවේ ! දුන්නනම් රටම විනාසයි ! (බ)
මෙයාව මාධ්‍ය වලින් වැඩිපුර පුම්බන්නේ නැතුව හිටියොත් හොඳයි. මට නම් ඔය මුහුණ පෙනෙන්න බැහැ, අප්‍රසන්නයි. (නි)
එයාගේ බිරියගෙත් පාස්පෝර්ට් ප්‍රශ්න තිබුණා නේද? (නි)
අනේ මම දන්නෙ නැහැ, මේවා දැකලා අපිටත් පිස්සු වගෙයි (නි)
එහෙ ගිහිල්ලා මොන භාෂාවෙන්ද එතකොට කතාකරන්නේ? (නි)
කෙනෙකුට අමතකවීම්, අතපසුවීම් සිදුවිය හැකිය. දේශපාලයකුට මෙවැනි දේ නැවත නැවත සිදුවිය හැකිය. ඔබතුමා දින හතරකින් ලියු පොත ගැන මම සතුටට පත් නොවෙමි. අමතකවීම්,අතපසුවීම් බහුල ඔබට එම පොත නැවත කියවා සංස්කරණය කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. (නි)
පුදුම දේශපාලකයන් තමයි අපේ රටේ පහළවෙලා ඉන්නේ. එහෙන් වැරදි තොරතුරු ගමන් බලපත්‍ර වලට දෙනවා. එතකොට ගමන් බලපත්‍ර නැතිවෙනවා. මේවා ඇහුවොත් වෙන රටවල දේශපාලකයන් දෙකොනින් හිනාවේවි. (නි)
මේවා අහන අපිට නම් ලියැවෙන්නේ " හද්දා බොරුව සහ පාස්පෝට් අවනඩුව " යන ග්‍රන්ථයයි. (නි)
2012 මැයි මාසයේ නැතිවූ බව බව දන්වා දෙවැනි ගමන් බලපතක් ගත්තා නම්, නැති වූ බව කියන ගමන් බලපතේ අද උදේ වීසා ගහනවිට විගමන කාර්යාලය නැති වූ එකක් බව සොයාගෙනත් නැත්නම් මේ කතන්දර අපට නම් නොතේරේ. (නි)
මෙතන දැන් හැමෝටම ප්‍රශ්නය වෙලා තියෙන්නේ නැති වූ පාස්පෝට් එකක් බව සොයා නොබලා වීසා නිකුත් කළ ක්‍රමයට වඩා මගියා අතේ ගෙනයන පොතේ විස්තරයයි. (බ)
මෙයා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැදුණු පරපුරක සෙන්පතියෙකි.එතුමාගේ පරපුරෙන් ලැබුණු කඩුවත් රැගෙන එංගලන්තයේ සුද්දන්ව කපා කොටා දැමීමට යාම නිසා කටුනායකදී අත් අඩංගුවට ගෙන ඇත (බ)
උදේ 5.30 ට පැමිණිලි දාන්න ගියා නම් අපි තාම තලංගම පොලිසියේ බංකුවේ. උදේ 7.30 ට පාස් පෝට් ගන්න ගියා නම් අපි තාම පෝලිමේ . (බ)
මලික්ගේ කතාවට මගෙන් මල් මිටක්! ඒක තමයි ඇත්තටම අපට දැන් ලියන්න වෙලා තියෙන්නේ (නි)
ගොඩක් අය පාස්පෝර්ට් එකකට වඩා පාවිච්චි කරන්නෙන් වෙන රටවල බැංකු ගිණුම් අරින්න , ලංකාවේදී පෙන්නන්නේ වෙන පාස්පෝර්ට් අංකයක් , කළු සල්ලි තියෙන්නේ එවලා (ම)
මහා පවුල වගේ මේ පවුලත් අහන්න දෙයක් නෑ නේ. ඒකයි ප්‍රශ්නය. (ම)