එකිනෙකට වෙනස් වයස සඳහන් ජාතික හැඳුනුම්පත් දෙකක් හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
එකිනෙකට වෙනස් වයස සඳහන් ජාතික හැඳුනුම්පත් දෙකක් හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන්ට හෝ උගත්කමක් හෝ වෘත්තීය ආදායම් මාර්ගයක් නැති නම් දේශපාලනයට නාම යෝජනා ලැබිය යුතු නැහැ. එහෙම නොවීමේ ප්‍රතිපල පේනවනේ දැන්. (හේ)
කසාද සහතික දෙකක් මොකටද (නදී)
ඕක මොකක්? අර අහවලා නම් 5 කින්, උපන්දින 5 කින්, රටවල් 5 ක ගුවන් ගමන් බලපත්‍ර තියාගෙනත් කිසි කරදරයක් නැතුව වීසා අවසන්වෙලත් ලංකාවේ හොඳට ඉන්නේ. (නි)
සාක්කි නැහැ කියලා නිදහස් වෙයිද මන්දා? (නි)
මේ මනුස්සය උගත්, වැදගත් මිනිස්සුන්ට කතාකරන්නවත් දන්නේ නැති, කෙනෙක්. අන් මත දරන්නන්ට කරන ලද අපහාසවලට මෙම දඬුවම මදි. (අ)
දෙන්නම හිරේ යයිද දැන්? (නි)
අනේ මේ මහත්තුරුනේ , අපි උගුර ලේ හිදෙනකල් කෑ ගහල මේ ආණ්ඩුව බලයට ගෙනාවේ හැදුනුම්පත්වල අඩුපාඩු හොයන්න නෙමෙයි. කුඩු කාරයෝ එතනෝල් කාරයෝ දගගෙට දක්කන්නයි. ට්‍රිලියන ගණන් ගහපුවා අල්ලන්නයි. කුඩු රජා ගැන හැමෝම දන්නවා . සංදර්ශන ඇති. මේ කුඩු විකුණන තිරිසනුන්ට දඩුවම් දෙන්න. (අ)
මේවා මහා පරිමානයේ ජාති ද්‍රෝහී අපරාධ. වහාම එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. එහෙම කළොත් තමයි මේ වගේ අපරාධ නැති කොරන්නත් නුගේගොඩ රැලිය වගේ නාස්තිකාර වැඩ නතර කරන්නත් පුළුවන්.(අ)
දෙවරක් නෙවෙයි සියවරක් ඉපදුනත් මට නම් කමක් නැහැ. මොකද රටේ විසඳියයුතු ප්‍රශ්න දහස් ගණන් එහෙමමයි. බලන්ගොඩ හදගිරිය ගමේ අට්ටාලෙට වෙලා නිදිනැතුව අලි එළවන ගමෙනුයි මේ අදහස් දක්වන්නෙ. ඕවාත් හොයන්න ඕනෑ තමයි. ඒත් ඊට කලින් කරන්න බොහෝ දේ ඇති බව බුද්ධිමතුන් විසින් අවබෝධ කරගෙන නිසි විසඳුම් කරා යායුතුයි (නි)
මේවාට මොකට දුක්වෙනවද? එයා කටින් විතරක් යුද්ධ කළා. එයාගේ බිරිය කිසිවක් කර නැහැ. වයස වෙනස් කර කර හොර පාස්පෝට් හද හදා හිටියා විතරයි. නමුත් මේ නෝනා නම් ඉන්නේ පුද්ගලික රෝහලක. මේවට මොනවට දුක්වෙනවද කියන එකයි ප්‍රශ්නේ. (නි)
මේ නෝනා මහත්තය මොනවා කරන්නද? ඔය ,මහින්ද ජනපතිතුමාට වල කපපු , ජාති වාදය රටපුරා අවුලුවපු, දේශප්‍රේමී කියාගත් ,බේගල් දෙසාබාමින් ජනතාව ගොනාටම අන්දන්න දක්ෂ විමල් ගේ නියමයෙන් කරපු ඒවා. (අ)
අර හිටපු අග විනිසුරුට තර්ජනය කරපු කෙනාටත් නීතය ක්‍රියාත්මක කරන්න (අ)
ඇයි නීති විරෝධී වැඩ කරන්නේ (අ)
හැමදෙනාම මේ සසරේ ඉපිද මැරේ, යළි ඉපදේ... (නි)
දින 100 ඇතුළත අපමණ වෙහෙසක් දරා විශාල නිලධාරි පිරිසකගේ සහභාගිත්වයෙන් අතිශය රහසිගත මෙහෙයුමකින් සොයාගත් මේ කෝටි ප්‍රකෝටි ගණනින් ගිනිය නොහැකි මහා පරිමාණ වසර හතරකින් තරුණවීමේ වංචාවට හෙවත් මෙගා දුෂණයට දැඩි දඬුවම් පමුණුවන්න (නි)
මෙතන වරද තියෙන්නේ එක්කෙනෙකුට වෙනත් නම් හා වෙනස් දින ඇතිව උප්පැන්න සහතික දෙකක් යොදා ගුවන් බලපත්‍ර ලබාගැනීමයි. එය නීති විරෝධී කටයුත්තකි.(හේ)
මේ පාරනම් බේරිල්ලක් නෑ වගේ.(හේ)
මේවා විදේශීය කුමන්ත්‍රණ ,(හේ)
පොඩි වුණත් වංචාව වංචාවම තමයි. මේ ඔක්කොම බලයේ ශක්තියෙන් කළ වංචා. දැන් නැවත බලයට එන්න දඟලන්නේ මේ දේවල් වහගන්න. (නි)
සහෝදරයා බරපතල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිදුවෙනවා, උපවාසයක් කරමු.(හේ)
කාලා තෙල වැඩි වෙලා තිරිහන් වෙන්න හදනවා.(හේ)
දියවන්නාව පැත්තේ මේ වගේ බිරින්දෑවරු කී දෙනෙක් ඇතිද ? (නදී)
මේක තමයි දැන් මේ දවස්වල ආණ්ඩුවට තියෙන ජාතික ප්‍රශ්නය. (නදී)
ආරංචියේ හැටියට මේ නෝනා හැඳුනුම් පත් දෙකක් පාවිච්චි කොට බැංකු දෙකකින් ණය අරන්ලු. දැන් මේ දේවල් සොයා බලල කතාව ඇත්ත නම් නිකම්ම අනේ පව් කියල යන්න ඇරියොත් , මේ රටේ ඉදිරියට ඉපදෙන කාන්තා පාර්ශවය වත් හරියට හදා ගන්න මේ රටට බැරි වේවි. ඒ නිසා මෙවැනි සමාජ විරෝධී වැඩ අනුන්ටත් උල් පන්දම් දෙන්න හේතු වෙන බව බලධාරීන් තේරුම් ගත්තොත් ඉතා වටිනවා. (නදී)
ඔන්න සමාජවාදය ඔලුවේ ඉඳල වැක් කෙරෙනවා. (නදී)
කොයි රටකවත් මිනිස්සු මේ විදියට තිරිහන් වෙන්න හදන්නේ නැත.මේකනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.වතුර බිලා මදි. (බ)
අපි ඔය වගේ දෙයක් කළා නම් මෙලහකට ඇදගෙන ගිහින් දඬු කඳේ ගහලා. කරුණාකර අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න . අසනීපයි , මානසික විශාදය , නෙවෙයි නාරි වෛද්‍යතුමෙක් ළඟට යන හේතුවක් කිව්වත් කරුණාකර සාමාන්‍ය කාන්තාවන් වන, මේ අපිට අදාළ නීතියම දේශපාලක නෝනාලාටත් ක්‍රියාත්මක කරන්න. (බ)
ඔහොම දෙයක් අපේ හාමිනේලා කළා නම් මෙලහකට කුදලාගෙන ගිහිල්ලා. කරුණාකර පමා නොවී නීතිය ක්‍රියාත්මක කරන්න. නැතිනම් මේ චෝදනා වලින් බේරෙන්න කවුරු හරි බලවතෙකුගේ ගෙදර උයන වැඩේට හරි යාවි. (බ)
කොහොමද අපි කවුරු හරි මෙහෙම තිරිහන් වෙන්න ගියා නම් . මේ හැඳුනුම්පත් පාවිච්චි කරලා බැංකු ණය අරගෙන තිබෙන ආරංචියක් පවා තිබෙනවා. (බ)
මේක වැරැද්ද පාස්පෝර්ට් දීපු කට්ටියගේ නේද අනේ (බ)
මේක වැරදීමක් කියල සමහරු තර්ක කලත් , ආරංචියේ හැටියට මේවා පාවිච්චි කර බැංකු දෙකකින් ණය ලබා තිබෙන කාරණාව නම් නොදැන කළ දෙයක් වෙන්න බැහැ. (බ)
වැරදි නැහැ නෙමේ , එත් කොච්චර ලක්ෂ ගානක් පුරවැසිකම් ලබා ගෙන ඇත්ද හොරට ? හොයල බැලුවොත් ? නරකද ? (බ)
බලන් යනකොට සමහරු මේ ලෝකෙට ජනිත වීමත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ප්‍රතිඵලයක් වගේ. නැති නම් එකම තැනැත්තාට උපන්දින දෙකක් තිබෙන්නේ කොහොමද ? (බ)
අපේ කාලේ නම් රණ්ඩු සරුවල් කරද්දීවත් කාන්තාව ගාව ගන්නේ නැහැ , කාන්තාව ගාව ගන්නේ පිරිමින්ට මුණ දීලා ජයගන්න බැරි අය.(දිල්)
මේකනේ මහත්තයට යහපාලනේ අරහන් හරියට ගැරඩියට බුමිතෙල් වගේ (නදී)
මම දැක්කා මේක කවුදෝ පුද්ගලික පලි ගැනීමකට ආදේශ කරලා . එහෙම නම් ඉතින් ස්ත්‍රී දුෂකයන්ට විරුද්ධව නඩු දැම්මොත් කියාවි මෙන්න මගෙන් පුද්ගලිකව පලි ගන්නවා කියලා. මේ වගේ අයව සුද්ධ කරන කට්ටිය ආයේ දෙකක් නැහැ මෙගොල්ලන්ගෙන් වාසි ලැබුන අයම තමයි. (අ)
මේ වගේ රටේ දැවෙන ප්‍රශ්න ඉක්මනට ඉවර කරලා දාන්න ඕන (අ)
දෙවරක් ඉපදුනාට මැරෙන්නේ එක වතාවයි. ඒක හැම කෙනෙක්ම මතක තියාගෙන වැඩ කරනවා නම් මේ වගේ ප්‍රශ්න නෑ (අ)
අනේ ඔයගොල්ලෝ මේ සත් ගුණවතා දිහා ඔහොම බලන්න එපා. මිනිහ සී අයි ඩි එකට ගීයා විතරයි නෝනා ලෙඩවෙලා ඉස්පිරිතාලේ. අසනිපය නම් තවම හොයා ගන්න බැරිවෙලා. (අ)
ඔය පටන්ගත්තා විතරයි. (ර)