ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කටුනායක සිට එසැණ වෙබ් අඩවිය සමඟ ජංගම දුරකතනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවේ තමා ගුවන්තොටේ රඳවා ගැනීම පිටුපස ඇත්තේ දේශපාලන දඩයමක් බවයි.
වැරදීමකින් පරණ විදෙශ ගමන් බලපත්‍රයේ වීසා සටහන් කර ගත් බව ද ඔහු පිළිගනී. නැතිවූ ගමන් බලපත්‍රය නැවත සොයා ගත් බව ආගමන විගමන දොපාර්තමේන්තුවට නොදැන්වූ බව ද වීරවංශ මහතා පිළි ගනී.
‘මගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය නැති වුණා. ඉන් පසු මා අලුතෙන් විදේශ ගමන් බලපත්‍රයක් ගත්තා. ඉන් පස්සේ මා ගෙවල් මාරු කරද්දි පරණ බලපත්‍රය සොයා ගත්තා.මා හිතන් හිටියේ මේ අලුත් බලපත කියලයි. ගමන යන්න වීසා ගහගෙන තියෙන්නේ පරණ බලපතේ. අද උදේ නැවත ආගමන විගමන කාර්යාලයයට ගිහින් අලුතින් බලපත්‍රයක් ගත්තා. මා ඩුබායි, ඉතාලි සහ පැරිස් යන්නයි ගියේ. රහස් පොලිසියෙන් මා රඳවා ගත්තා මේ ගැන විමර්ශනයක් කරන්න අවශ්‍ය බව කියමින්. මා කිව්වා මට යන්න දෙන්න ආවට පස්සේ පරීක්ෂණ කරන්න කියා. නමුත් තවම මා යැව්වේ නෑ. මේක දේශපාලන දඩයමක්.‘
ආගමන හා විගමන නිලධාරියකු පැවසුවේ නැතිවූ විදේශ ගමන් බලපත්‍රය නැවත සොයා ගත් බව දන්වා නැති බවයි.
වීසා සටහන් යෙදූ ගමන් බලපත්‍රයේ තොරතුරු සොයද්දී එය ‘නැතිවූ ගුවන් ගමන් බලපත්‍රයක්‘ බව පෙන්නුම් කරන බවත්, එවැනි බලපත්‍රයකින් ගුවන් ගමන් යෑමට නොහැකි බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන විදියට අපිටත් යන්න පුලුවන්ද රට? ආවට පස්සේ පරීක්ෂණ කරන්න කියලා. (නි)
ඇත්තම තමයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය තමයි මේකෙන් ඔප්පු වෙන්නේ (නි)
මහත්තයෝ,මොකද? රීති ප්‍රශ්නයක්ද? ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
වරදක් වෙලා කියලා එයාම පිළිගෙන නම් දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)
එක පැත්තකින් වරදක් වූ බව පිළිගන්නා අතරම එය දේශපාලන දඩයමක් බවද කියාසිටීම තේරුම්ගත නොහැකිය. (නි)
ගමන් බලපත්‍රයක් කියවා බලා එහි වලංගුබව තේරුම් ගැනීමට තරම්වත් දේශපාලකයන්ගේ සාක්ෂරතාව වහාම වැඩිදියුණු කළයුතු බව මම රජයට යෝජනා කරනවා. (නි)
අපෝ පොඩි එකා කිසිදෙයක් දන්නේ නැහැ (බ)
කට කොරහක් වගේ මොලය අබ ඇටයක් වගේ. ඔන්න ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයෝ. (බ)
අවලංගු ගමන් බලපත්‍රයක් අරන් ගුවන් තොටුපලට ගිහින් රට යන්න බැරි වුනහම කොහොමද එ්ක දේශපාලන දඩයමක් වෙන්නේ ? (බ)
ලෝකයේ මොන තානාපති කාර්යාලයෙන්ද කල් ඉකුත්වූ ගමන් බලපත්‍රයකට වීසා ගහන්නේ? (බ)
කල් ඉකුත්වූ පාස්පෝට් එකක විස ගසා තිබීම නිසා මගියා අතරමන් වී ඇති බව පැහැදිලි (රේ)
විමලයෝ. ඔය පාර්ලිමේන්තු මන්ත්‍රිකමයි පාස් පෝට් එකයි දීපන් ළමයෙකුට. (බ)
ඕන එකකට කියන්නේ "දේශපාලන දඩයමක්" කියලා. වචනේ තේරුමවත් දන්නේ නෑ (බ)
අපි මගෝඩි කරමු, දේශපාලන දඩයම් නොකරමු! (බ)
අනේ පොඩි එකා. කොලේ අයෙමත් ඉරාගෙන වගේ! (බ)
ලංකාවේ ලොකුම ජාතික ගැටලුව -වීරවංශ පවුලේ අර්බුදය (බ)
එතකොට දේසපාලන දඩයම මෙයාගේ ගෙදරින්ම වෙන්න ඕන නැතිවුන පාස්පෝර්ට් එකෙන් මෙය රටයනබව දන්නේ මෙය ලගේ ගෙදර් අයනේ(රේ)
අපිවත් වරදකට අහු වුණාට පස්සේ කියන්න පුලුවන්ද පස්සේ ඒක ගැන කටයුතු කරන්න දැන් මට යන්න දෙන්න කියලා ??? එහෙම ඉඩ නොදුන්නාම ඒක දේශපාලන දඩයමක් වෙනවද ??? (ම)
වීස ගහපු කෙනාට නේද වැරදිලා තියෙන්නේ . යහපාලන නිලධාරින් .අනේ මන්ද (ම)
අවලංගු කල පාස්පෝර්ට් එකකට තානාපති කාර්යාලයකින් විසා කෙසේ නිකුත් කලාද යන්නත් ප්‍රශ්නයක්. (ත)
අපිට වුණානම් අපි මීගමු බන්දනාගාරයේ. මොකද නීති දෙකක්; මන්ත්‍රීවරුන්ට නීතිය කැඩුවට දඬුවම් නැද්ද. යහපාලනය බලපාන්නේ මහජනයාට පමණද? අපි ඡන්දෙ දුන්නේ යහපාලනය මුළු රටටම බලපාන්න. (ත)
වීසා ගසන්නේ තානාපති කාර්යාලයෙනි. (ත)
කිරි බෝතලේ සුප්පුව ගන්න අමතකද? (බ)
ඔබලාට තේරෙනවද මොහුගේ තිබෙන බුද්ධිමට්ටම ..ඉතින් මේ වගේ ක්‍රියාවන් කරන කෙනෙක් පොතක් ලියන්නේ කොහොමද බොලේ? (බ)
මෙතැන වංචාවක් හොරකමක් කරලා තියෙනවා. මොකකාහරි හොරකමකට පරණ එක නතිඋන කියල පැමිණිලි කරලා වෙන එකක් ගත්ත. මේපාර වීසා ගන්න දුන්නේ නැතිවුණා කියපු හැදුනුම්පත. නැතිවුනු එකේ තොරතුරු ගුවන්තොටුපලේ තිබුන. මේක මහා කම්බ හොරෙක් කපටියෙක් මෝඩයෙක් (බ)
අපි එයාට සමාව දෙමු (නි)
වගකිවයුතු දේශපාලඥයෙක් තමන් කළ වරද පිළිගෙන මෙවැනි බොලඳ ප්‍රකාශයෙන් කිරීම පුදුමසහගතය.පසුගිය කාලයේ තම බිරිඳද මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවක් කළබව ජනතාවට අමතකවී නැත. එබැවින් යුක්තිය සාධාරණත්වය ගැන පාර්ලිමේන්තුවේ මෙන්ම ජනතාව ඉදිරියේ මොරදෙන මෙවැනි දේශපාලඥයින් මහජනයාට ආදර්ශමත් වන සේ වගකීමෙන් ක්‍රියාකළ යුතුය (නි)
මේක අතාරින්න එපා.මේ අයට දඩුවම් දෙන්න.(හේ)
මෙයා කවුද කියලා තේරුම් ගන්න හොඳම ක්‍රමය මෙයාට බොරුව, වංචාව පිළිබඳ ටියුෂන් දීපු අයව අධ්‍යයනය කිරීම. (නි)
අනේ මේ අහවලාගේ ගොලබාලයෝ නේද ? (ම)
පව් අහිංසකයා (ම)
අනේ මෙහෙමත් දේවල්! (නි)
මෙන්න තොත්ත බබෙක්ටත් අන්ත වැඩක් නේ මෙයා කරලා තියෙන්නේ (ම)
පව් අහිංසකයා මුකුත්ම දන්නේ නෑනේ (ම)
ගමන් බලපත්‍රයක් කියවා බලා එහි වලංගු බව තේරුම් ගැනීමට තරම් වත් දේශපාලකයන්ගේ සාක්ෂරතාව වහාම වැඩි දියුණු කළ යුතු බව මම රජයට යෝජනා කරනවා. මහා ලොකු උගත්කම් නැති පිටකොටුවේ නාට්ටාමි මහතුන්ටත් ලියකියවිලි ගැන මීට වැඩිය දැනුමක් ඇත. ලැජ්ජයි.! (ම)
මේ වගේ අය මොනවටද පැරිසියට එන්නේ ??????? (ම)
කලිනුත් විදේශ ගමන් බිමන් ගියේ මෙහෙමද කියලා සොයන්න වටිනවා. ඉස්සර ඉතින් ප්‍රශ්න කරන්න කවුරුවත් නොසිටි නිසා කමක් නැහැ. (නි)
89 කැරැල්ලට මෙයා හිරබත් කාලා නැද්ද ? එහම වුනානම් එයාගේ මොලේ විසෝධනය කරනවනේ ! එක හරියට වෙලා නැහැ වගේ ! (බ)
අනේ හැබෑට මෙයාට මනාප දීපු අපි වගේ මෝඩයෝ......? (නි)
කිතුලට ගිය මිනිහාට වගේ කියන්න දේවල් නම් තිබෙනවා. බලාගෙන! වැරදි පාස්පෝට් එක අතට ගත්තා වගේ, ඩුබායි වෙනුවට වැරදිලා ස්වාසිලන්ත්යට යන ප්ලේන් එකට නඟීවි. (නි)
දැන් එතකොට අපිද වැරැද්ද කරලා තියෙන්නේ? (නි)
ගුවන් ගමන් බලපත්‍ර , ජාතික හැඳුනුම්පත් පිළිබඳ ඔබ වටා කරකැවෙන වාසුලිය ට්‍රොනොඩොවක් විය හැකි දිනය අත ළඟයි. දේශපාලන දඩයමක් කියන්නේ ඔබ සිදුකළ වැරදි ප්‍රශ්න කිරීමක් නම් ජාතියට මග පෙන්වන ඔබේ දේශපාලනය ගැන අපටත් රටටත් ප්‍රශ්නයක්. (ම)
කිතුල් ගහට ගිය මිනිහව මතක්වුණා මට (නි)
ඒකනේ,එයා වරදක් වූ බවත් පිළිඅරගෙනනේ.... (නි)
බූරු කුට්ටම වගේ පාස්පෝට් ගොන්නක් ගෙදර තියෙනවාද දන්නෙ නැහැ මෙහෙම පැටළෙන්න?? ටක් ටික් ටුක් ගාලා අතට අහුවුණ එක අරගෙන රට ගමන් යන්නද මන්දා පුරුදුවෙලා ඉන්නේ? (නි)
මේ වගේ අය පාර්ලිමේන්තු යවපු අයටයි ගහන්න ඕනෑ. සදාචාරයක් නැති, නීතියට ගරු කරන්න දන්නේ නැති අය ගැන අපිට ලැජ්ජයි (නි)
මෙයාගේ බිරියගේත් පාස්පෝට් අවුලක් තිබුණා නේද? ඒකට මොකද වුණේ? මේක නම් මේ දේශපාලන දඩයමක්ලුනේ
මෙයාගේ කතා විලාශය මට අප්‍රිය වුණත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු මේ සංචාරය යන්නේ රජයේ වියදමින් නොවේ නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔහුට ඉක්මනින් පිටත්වීමට අවශ්‍ය පහසුකම් සැළසිය යුතුයි. (නි)
දැන් එතකොට මේ පුද්ගලයා නිකන් කොළ කෑල්ලක් පෙන්නලා ගුවන් යානයට ගොඩවෙන්න හැදුවත් ඒකට ඉඩ ලැබෙන්න ඕනෑ කියලාද කියන්නේ? (නි)
වීසා ගහපු තැනදි වුණ වැරැද්දක් නිසා දුරගිය වැඩක් වගෙයි (බ)
පරණ එක නැතිවුණා, අලුත් එකක් ගත්තා, අලුත් එක නැතිවුණා, පරණ එක හොයාගත්තා, පරණ එකේ වීසා ගැහුවා, අලුත් එක නැතිවුණා කියන්න අමතකවුණා. හරී! අපි ඔන්න ඔයා කියන දේ පිළිගත්තා. (නි)
මෙච්චර හොර වංචාවක් කරලා රට යන්න හදලා අහුවුණාම තවත් කතා හදලා කියනවා කියන්නේ ඊටත් එහා මාර වැඩක්නේ .. (නි)
පහුගිය කාලේ නම් ඕවා බලන්නත් නැතුව ඇති. දැන් තමා පරණ සෙල්ලම් එළියට එන්නේ (නි)
කල් ඉකුත්වූ පාස්පෝට් එකක රටින් පිටවීමට ආගමන විගමන කාර්යාලයෙන් වීසා ගැහුවේ ඇයි කියන එක ප්‍රශ්නයක් මට නම් (නි)
කලින් ගිය විදිය තාම අමතක කරන්න බැරුව ඇති. (නි)
මේ වගේ අය දැක්කම මතක් වෙන්නේ මොන්ටිසෝරි එක , මෙයාව රටේ නායකයා කළොත් කොහොමට තියේ ද ? මහින්ද මහත්තයට වැරදුනෙත් මේ වගේ දුරදිග නොබලා වැඩ කරන අය නිසා. තමුන්ගේ පාස් පොර්ට් එක බලන් නැති මිනිහ කොහොමද රටක් දිහා හරියට බලන්නේ (බ)
වැරදි කර කරත් තව හදලාත් කියනවානේ? (නි)
තමන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ වගකීම ගන්න බැරි කෙනෙක් රට ආණ්ඩු කරන්න යනවා. මෙයාලව බලයට උස්සලා තියපු මොළකාරයන්ගේ පාස්පෝට් වල තත්වයත් මේකම වෙන්න ඇති. (නි)
මේවා බලලා දැන් අපිටයි අවුල්වෙලා තියෙන්නේ (නි)
කාටහරි කියන්න පුලුවන්ද උදෙන්ම ගිහිල්ලා ඉක්මනටම අලුතෙන් ගමන් බලපත්‍රයක් ගත්තේ කොහොමද කියලා. ඕකට දවසක් විතර යනවා නේද මේ රටේ ඉන්න සම්මාන පුරවැසියෙකුට නම්? ඇයි මේ රටේ නීති වෙනස් වෙන්නේ එක එක අයට. (නි)