උතුරු පළාත් සභාවට පොලිස් හා ඉඩම් බලතල ලබා දීමට එරෙහිව විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ දීප ව්‍යාප්තව අත්සන් කරන පෙත්සම සදහා වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ජාතික නිදහස් පෙරමුණු වවුනියාව සංවිධානයක වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව බස් නැවතුම්පොළේදී සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබාකරන් යුද්ධ කරලා ගන්න හදපු දේ මේ ගොල්ලෝ නිකන් දෙන්න හදනවා අපොයි අපරාදේ අපේ කොල්ලෝ 27000 මෙරුනේ. වීරවංශ මහත්තයාගේ හොද වැඩක් අපිත් උදව් කරනවා ජය වේවා.(නදී)
චතුල කිව්වොත් මෝඩ කතාවක්මයි, පිටරටට කඹුරලා මොලේ ගල් වෙලා. (නි)
වීරවංස මහත්තයල මිනි දහස් ගනනක් මරන්න අන දීපු , දේපල කෝටි ගණන් විනාශ කරපු හිටපු කොටි නායකයන් සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් , උතුරේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් වන ඡන්දය නැති කරන්න පෙත්සම් අත්සන් කරන්න කටයුතු කරනවා. මේක තමයි නවීන බෙදුම්වාදය උතුරට වෙන නීතියක් , නැගෙනහිරට තව නීතියක් දකුණට තව එකක්.(නදී)
පොලිස් බලතල දෙන එක හොඳයි. එතකොට තමිල්නාඩු පොලිසිය වගේ එකක් මෙහෙත් දකින්න පුලුවන් වේවි (නි)
මේ බොරු වැඩ වලට පිලිතුරුදෙන්න වෙන්නේ මානව හිමිකම් ගිහිල්ලා. එතකොට මේ බෙදුම්වාදී සෙට් එක හිරවෙනවා. රට තවත් පස්සට අරන් යන්න මේයා හදන්නේ. කරුණාකරලා ජනතාව මුලා නොකර රටට ඔබින එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු. සිංහල දෙමල මුස්ලිම් හැමෝම මේ රටේ ජනනතාව එක්ක අපි පිලිගන්න ඕනා.(නදී)
වීරවංශ මහත්තයා බැරිද උතුරේ මේ අසරණ ජනතාවට ගෙවල් ටික්ක් හදලා දෙන්න බෙදුම් වාදය නවත්වල ජනතාවගෙන් පඩි අරගෙන පටු දේශපාලනය කරන එක වැරදි නේ තාම හිතන්නේ 89 විදියට. දැන් අපි ඉන්නේ 2013 නේ.(නදී)
රටක් ගොඩ නගන්න බුද්ධි මතුන් ඉන්න ඕනා. මේ අය කරක්නේ තව තවත් බෙදුන්වාදය වපුරන එක විතරයි. ඉතින් කොහොමද රට සංවර්දනය කරන්නේ දේශපාලනය ව්හිළුවක් කරගෙන.(නදී)
ලෝකේ ගැන අවබෝදය නැති මෝඩයන්ට මේවා හොදයි. මිනිසුන්ව රවටලා කවද්ද ඉවරවෙන්නේ. විහිලු නොකර වැඩක් කරමු කාලේ නොකා.(නදී)
ඉතාලියේ ඉන්න 'වෙන්නප්පු' චන්ඩි අතර තවත් මෝඩයෙක් චතුල. (නි)
ඔච්චරයි අපිට අඩුවෙලා තිබුනෙ.(ස)
විමල් වීරවංස නම් කරන්නේ බොරු නාටකයක්. සිංහල ඡන්ද නැතිවෙයි කියලා බයට. ආණ්ඩුවෙන් එලියට ඇවිත් ආණ්ඩුව කරන වැරදි වලට කතා කරන්න. වැඩ කරන්න බය කම . ඇමති කම ගහල යාවි කියලා.(නදී)
චතුර කියන්නේ පිස්සෙක්ද මන්දා. හැම දේකටම ලියනවා කිසිම තේරුමක් නැතුව (නි)
ද සිල්වා බෙර්ලින් වගේ අයට පිළිතරු දෙනවට වඩා හොදයි මට මගේ කට ගලක අතුල්ලා ගන්න එක හම යන්න. නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාවේ කෙනෙක් දෝ කොහෙද, ඒ ලොක්කා ඉන්නෙත් ඒ නගරේමයි. සමාන සිතුම් පැතම්.(නදී)
මෙම පනත ජේ ආර් ජයවර්ධන බලෙන් ඇඟේ ගහපු දෙයක්. එකල සිටි ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු වරු නම දෙනාගෙන් හතර දෙනෙක් මෙම පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වුන අතර පස්දෙනෙක් මෙහි යම් වගන්ති සංශෝධනය කල යුතු බව කීවා. එවිට ජේ ආර් පාර්ලිමේන්තුවට නීතිපති යවා එහි නීතිගත කර මෙය අපේ ඇඟේ ගැහුවා.(නදී)
ගොනා දිව්වට නාස් ලනුව තියෙන්නේ වෙන තැනක.(නදී)
අපේ රටේ ඇමතිවරු සහ දේශපාලඥයෝ තමන්ට අදාල රාජකාරිය හැර අනෙකුත් සියලුම දේවල් කරනවා. වීරවංශ මහත්මයා නරකද තමන්ගේ කාලය ජාති භේද කිරීමට යොදවන්නේ නැතුව යහපත් දෙයකට යොදවලා ගෙවල් ටිකක් හදලා දුන්න නම් දුප්පත් මනුස්සයන්ට. එතකොට ඒ මිනිස්සු ඔබට ඡන්දය දෙයි.(නදී)
සම්පත් මහත්තයෝ අපි පිටරටවලට කබුරලා හම්බකරන සල්ලි ලංකාවට එවන්නේ ආයෝජනයක් නැති අපේ රටේ ආර්ථිකයට ගැම්මක්. මොලේ ගල්වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න කට්ටේයගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නේ කව්ද?(නදී)
ඔන්න දේසපාලන තුරුම්බෝවක්.(නදී)
ඇත්තටම මේ අය තමන්ට ලැබෙන්න යන බලතල වලට කැමති නැද්ද?(නදී)
උතුරෙන් විතරක් නෙවෙයි, මුලු රටෙන්ම පලාත්සභා අහෝසි කරන්නට ඕනෙ.(නදී)
පළාත් සභා සම්පූර්ණයෙන්ම අයින් කරන්ඩ.(නදී)
උතුරට පලාත් සභා එපා නම් ඇයි ලංකාවේ අනිත් කොටස්වලට පලත් සභා අවශ්‍ය ? උතුරට වෙන විදියකටත් දකුණට වෙන විදියකටත් සලකන්න එපා. ඒකම තමයි බෙදුම් වාදය කියන්නේ , පටු දේශපාලන වාසි තකා කරන මේ වැනි වැඩ වලින් අපේ රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක්වේවි. ජාති වාදය බෙදුම්වාදය අපිට එපා.(නදී)
චන්ද මහත්මයාණෙනි , මම එල්.ටී.ටී සංවිධානයට සහ බෙදුම්වාදයට විරුද්ධයි. නමුත් සාමාන්‍ය දෙමල ,මුස්ලිම් ජනතාව මම සලකන්නේ මගේ සහෝදර ජනතාවක් විදියට අපිට අවශ්‍ය එක්සත් ශ්‍රී ලංකාවක් මිසක් උතුර දකුණ වශයෙන් බෙදුන ශ්‍රී ලංකාවක් නොවෙයි. උතුරට සහ දකුණට සමානව සැලකිය යුතුයි. වීරවංස මත්මයාගේ මේ උත්සාහය මම දකින්නේ ඡන්ද ගැනීමට කරන උප්පරවරටිටියක් ලෙස. ප්‍රභාකරන් විසින් උතුරේ වැසියන්ගේ ඡන්ද අයිතිය අවුරුදු 30 පමණ අහුරා තිබුනා. අපිත් එම ත්‍රස්තවාදියාගේ පාරේ යමින් උතුරේ වැසියන්ගේ ඡන්ද අයිතිය උදුරා ගත යතුද ? පළාත් සභා වලට පොලිස් බලතල දීමට මම විරුද්ධයි.(නදී)
හොඳ වෙඩක් අපේ රණවිරුවෝ ජිවිත පරිත්‍යාග කරලා නිදහස් කල රට ආයෙත් කොටින්ට දෙන්න නම් එපා සැප ඒ ඔක්කොමට එහෙම කළොත්.(ස)