ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පනත් කෙටුම්පතට පක්ෂ වීම හෝ විපක්ෂ වීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මේ වන තෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.
මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායකත්වය ඇතුළු දේශපාලන මණ්ඩලය අඟහරුවාදා (22) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිත බව ද ඔහු කියයි.
ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තු අසුන් දෙකක් හිමිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ (නි)
එයා විරුද්ධ වුණොත් ඒක තමයි මට මේ ලෝකයේ 8 වන පුදුමය (නි)
ප්‍රභාකරන් මිනිමරුවෙක් වුනත් ඔහුට වුනත් යම්කිසි ප්‍රතිපත්තියක් කියලා දෙයක් තිබුනා....... (ස)
මමනම් කියන්නේ වැඩේ හොදයි.අපිට කවදාවත් පුලුවන්ද ඔය වගේ ණයක් නොගෙන කාමර 300 ක ගොඩනැගිල්ලක් හදන්න? ඒ විතරක් නෙමෙයි දුප්පත් අපි ඕවට යන්නෙත් නැහැනේ.ඇමතිතුමා විරුද්ධ වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්නා ඔබ සැමටම බුදුසරණයි. (නි)
වීරවංස මේකට විරුද්දව ගියොත් මම ආපහු ලංකාදීපයට ප්‍රතිචාර දැමීම නතර කරමි (අ)
කමෝන් වීරේ...'වාසි අතට හොය්යා ....' (අ)
මේකට විරුද්ධ වෙන්නේ මෝඩයෝ. මොකද ජමෙස් පාකර් ලංකාවේ දාන කැසිනෝ එකේ සූදු කෙලින්න ගමේ ඉන්න හරමනිසලා, සිරිසේනලා එනවා කියලා මොවුන් හිතන්නේ. ඕකට එන්නේ ලෝකේ ලොකුම සල්ලි කාරයෝ. එහෙම නැතුව දැන් එන සුද්දෝ වගේ හිගන්නෝ නෙමෙයි. ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට ජොබ් දහස් ගණනක් එනවා.මොවුන් හිතන්නේ ජොබ් කිව්වම ඔක්කොම ගණිකාවෝ කියලා. මොලේ නැති උන් නිසා රටක් දියුණු කරන්න අමාරුයි. (ස)
මුලින්ම "ගණිකා වාත්තිය" නීති ගත කරන්න. එයින් පස්සේ අවශ්‍යයි කියල හිතෙනවා නම් කැසිනෝ නීති ගත කරන්න.මම කිව්වේ අපේ රතු මල්ලි ගැන හිතලා.(නදී)
වංශ කොහේද විරුද්ධ වෙන්නේ. (නදී)
සැමදා රට ජාතිය වෙනුවෙන් කතා කරන වීරවංශ මහතා අද රට ජාතිය උදෙසා ගන්න යන තීරණය දෙස ජනතාව බලාගෙන ඉන්නේ (නි)
ඕකට විරුද්ධ වෙලා එතුමා මොනවා කරන්නද? (නි)
ඔය මහත්තයගේ තරම දන්නවා නේ. (ස)
වෙන මොනවද මේ කතා. (නි)
මෙතුමා කොහොම තීරණයක් ගනීවිද මන්දා? (නි)
මා නම් කියන්නේ එතුමා විරුද්ධ වේවි. මාගේ පැතුමත් ඒකම තමා. (නි)
මේකට විරුද්ධ වෙන්න මහත්තයෝ.මේවා විලිලැජ්ජා නැති වැඩ. (නි)
කෝ මේ හලාල් ගැන කෑගහන සංවිධාන. (ස)
මොකද මේ වන්නේ අපිට බෞද්ධ රටක් නැති කරන්නද හදන්නේ ? ජනතාව මොකද නිහඩ, ඇමති තුමනි ක්‍රියත්මක වෙන්න. (ස)
ලංකාවේ දැන් මොනවද නැත්තේ? දියුණු රටවල තිබෙන සෑම තාක්ෂණයක්ම තියෙනවා. කැසිනෝ යන්ට ගමේ අයට බැහැ. ඒවාට සල්ලි ගස් තියෙන්ට ඕන. ඕක කෝටිපතීන්ගේ ගනු දෙනුවක්. (ස)
උණු හින්දා බොන්නත් බැරි, කිරි හින්දා අහක දාන්නත් බැරි එකක්ද? (නි)
විරුද්ධ වෙලා විතරක් නිකම් ඉන්න එකක් නැහැ. උපවාසෙකුත් කරයි. ඔයාල හිතාගෙන ඉන්නේ අපේ ඇමති තුමා කවුරුයි කියලද? (අ)
"කන්න ඕනා උනාම කබර ගොයත් තලගොයා වෙනවලු" එදා ජවිපේ .යේ හිටපු අවංක සටන්කාමී දෙශපාලකයා අද මොකද කරන්නේ (අ)
මෙතුමා තවම තීරණය කරලා නැත්තෙ "මොන විදියටද මේකට කැමති වෙන්නේ" කියලා වෙන්න ඇති. (ස)
මිනිපේ සිල්වා, කුමුදු ද වාස් ගුණසේකර හොද අදහස් පල කරලා තිබුනා. සමහර අයට මතක ඇති මම මීට කලිනුත් මේ කැසිනෝ සම්බන්දව දීර්ග අදහසක් පල කළා "ගණිකාවන් 47,000 ලංකාවේ රැකියාව කරයි "කියන මාත්තෘකාව යටතේ. මම මේ කැසිනෝ සංකීර්ණ ගැන දන්නේ මගේ දරුවන්ට එම ස්ථාන පෙන්වීමට රැගෙන ගොස් ඇති නිසාය. ගියවර කියපු දේවල් නැවත කියන එක තේරුමක් නැත. කෙටියෙන් කියතොත් තට්ටු තිහක තිස්පහක බිල්ඩිමක ,තට්ටු තුන හතරක පමණි සුදු සෙල්ලම් කරනු ලබන්නේ. අවුරුදු 18 පහල අයට ඇතුල් වීමට අවසර නැත. ගණිකා නිවාස ඒක ඇතුලේ නැත. [මිනිපේ කිව් අදහසමයි] මේ අලුතින් එන කැසිනෝ එකෙන් අලුතින් දෙයක් ලංකාවට ගෙන එන්නේ නැත. සියලුම නරක දේවල් දැනටත් රට තුල ක්‍රියාත්මක වේ. මෙයින් රටට ලාබයක් මිස කිසිම පාඩුවක් නොවන බව මගේ අදහසයි. මේ දහදුරා වැඩ [ ගණිකා නිවාස,සුදු ,සුරාව ] එදා සිට අද දක්වා රට තුල ක්‍රියාත්මක වේ. අප මේ කැසිනෝ සංකීර්ණයට විරුද්ධ විය යුත්තේ මේ නරක දේවල් රටේ නොතිබුනානම් නොවේද? අනිත් කාරණය දැනට ඇති කැසිනෝ ශාලා වලට ලංකාවේ අය යන්නේ සියයට දසම ගානකි. අපි හැමෝටම එහි ගොස් සුදු සෙල්ලම් කිරීමට සල්ලි නැත. අපිට කල හැක්කේ බුකියකට ගොස් අස්සයෙක් ඇල්ලීම පමණි. මෙම කැසිනෝ එකට විරුද්ද වුවහොත් වන්නේ ,රටට ලැබෙන විශාල විදේශ විනිමයක් [ බදු ] [ ලැබීම නැතිවී යාමත්,ලාංකිකයන් දහස් ගනනකට ඍජුව හා වක්‍රව ලැබෙන්නාවූ රැකියා අවස්ථාත් නැතිවී යාමත් පමණි. දේසපාලන කෝණ වලින් නොබලලුවහොත් මෙයට අපට විරුද්ධ වීමට සාධාරණ හේතුවක් නැත. මා වැරදි නම්,කරුණාකර මා නිවැරදි කරන්න.(නදී)
බලමු අත්දෙකම් උස්සයිද කියලා (නි)
පද්මිණි ලිඳේ ඉන්න ගෙම්බෝ එක්ක ඕව කතා කරලා වැඩක් නැහැ. මේක මොන තරම් ලොකු ආයෝජනයක්ද කියලා මේකලට තේරෙන්නේ නැහැ.ජමෙස් පෙකර් ලංකාවට එන්න එකඟ උන එකම ලොකු ජයක්. (ස)
පොර ටෝක් සහ ගොන් වැඩ (අ)
බලමු එතුමාට ප්‍රතිපත්තියක් තිබේද කියලා (නි)
මොහාන්, මේ අයගෙන් ඔයා විතරක් හරි,, කැසිනෝ එකකට යන්නේ සල්ලි කාරයෝ.එයාලට ඕන සල්ලි වලට වඩා විනෝදය. ලාස්වේගාස් යන්නේ මොකටද? ලංකාවට පිට රට විනිමයක් ලැබෙන දෙයක්, රැකියාවල් ලැබෙනවා මෙවන් පුංචි රටක ලොකු වැඩක් කරන්න හදනකොට නොයෙක් මත දරනවා.මට හිතෙනවා හොඳ වැඩක් කියලා.ඇමතිතුමා මොනවද කියන්නේ බලමු. (ස)
අපි නම් පක්ෂයි.මොකද සාමාන්‍ය මනුස්සයා කැසිනෝ ගහන්න යන්නේ නැහැනේ.ඔය ගමන්ම ගණිකා වෘත්තියටත් පක්ෂ වුණොත් එතනිනුත් හොද ආදායමක් ලබාගන්න පුළුවන්. (නි)
කෝටි පතියෝ නම් මෙයට විරුද්ධ වෙන්නේ නැහැ .එහෙත් ලංකාවේ ඉන්න කෝටු පතියෝ නම් විරුද්ධ වෙයි .ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රතිසතයක් කෝටු පතියෝ නේද (අ)
මම හිතන්නේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, නේද ඇමති තුමෝ?? (ස)
මොනවා වුණත් නොවැටී මංමුලාවේ... වැඩකරන්න හොද කල්පනාවේ... (නි)
මට තව දෙයක් කියන්න අමතක වුනා.ඔය ජේම්ස් පැකර් ඔය කැසිනෝ එක මුලින් පටන් ගන්න හිටියේ චීනයේ. චීන රජයට වඩා ලංකාව ඔහුට බදු සහන දෙන්න පොරොන්දු වෙන්න ඇති, ඒ නිසා තමයි ඔහු ලංකාව තෝරා ගන්න ඇත්තේ කැසිනෝ සංකීරණයට. සමහරු කියනවා එයාට දීපු බදු සහන කාලය වැඩියි කියලා .ඒක නම් මම හරියට දන්නේ නැහැ. කෙසේ හෝ බදු සහන වැඩිවෙන තරමට තමයි ආයෝජකයෝ යම් කිසි රටක ආයෝජනයක් කරන්නේ. මෙම තීරුවේ ජේම්ස් පැකර් ගැන මාතෘකාවක් ආවොත් පස්සේ දවසක එයා ගැනත් විස්තරයක් කියන්නම්. (ස)
අපි නොදන්න අපේ ඇමති! (නි)
තවම වෙනත් රටකින් කියන්න නැතිවා ඇති කාටවත්ම කැසිනෝ මුදලාලිට විරුද්ධව නැගී හිටින්න කියලා. දන්නවනේ අපේ කට්ටිය ගැන. (නි)
මොන බොරුද? එයා විරුද්ධ වෙන්නේ කොහොමද? (නි)
බලු කුක්කෝ උඩු බිරුවට කදු පත්වෙන්නේ නැහැ !!!(නදී)
ප්‍රතිපත්තියක් නැති අයගේ අදහසට වඩා ශ්‍රීලාංකිකයින් හැටියට අප අවධානය යොමු කල යුත්තේ මෙයින් රටට සිදුවන යහපත හා අයහපත පිලිබදවයි .කරුණාකර ඒ ගැන දන්නා අය අදහස් පල කරන්න . (නදී)
එයා කවදාවත් ඕකට විරුද්ධ වෙන්නෙ නැතිවෙයි. (නි)
ඔය වගේ දේවල් අද ලෝකේ සාමන්‍ය වැඩ. ලිදේ ඉන්න ගෙම්බෝන්ට ලොකුවට මේ දේවල් ගැන හිතනවා ලංකාවේ 1980 ඉදල කැසිනෝ තියනවා දැන් ඔය 5*හොටෙල් එක්ක ඕක හදනවා මොකක්ද වරද ? කාටද පලුවන් ඔය කැසිනෝ ගහන්න දන්නා දේවල් ගැන කතකරන්න.හණමිටි අදහවලින් මිදිලා නවීන ලොකීත් එක්ක වැඩ කරන්න ප්රුදුවන්න ඔතන වෙන්නේ ඉන්දියාවේ චීන අරාබිකරයේ කෝටිපතියන් අද්දා ගැනීමක් අපේ රටේ ප්හිටීම හරිම වැදගත් ඒ දේට. (නදී)
සුදුව, සුරාව,දුරාචාරය, නෙවෙයි මොනවාහරි කමක් නැහැ කාට කාටත් අතමිට සරු වෙනවා නම්. මේක නිදිමතට තිත. රෑටනේ වැඩේ යන්නේ. ඔහොම යමු. (නි)
විරවංශ මහත්මයලාගේ තීරණය කුමක් වුවත් කැසිනෝ සුදු පනත අනිවාර්යයෙන් සම්මත වෙනවා. ඒ ගැන සැකයක් නැහැ. (නි)
ඔය යල් පැනගිය උපමා එපා.කරුණාකර දුපත් මානසිකත්වයෙන් මිදිල ලෝකෙට යමු .අපි හැමදාම මොකද කලේ මේක වසර 2500 ක ඉතිහාසයක් තියෙන සිංහල බෞද්ධ රටක් (දිල්)
රටකට වෙන ආයෝජනයක් ගේන්න බැරිද? කැසිනෝ විතරද ගේන්න පුළුවන් උනේ? බුදුන් තෙවරක් පිදු මේ පින්බිමේ කැසිනෝ අවශ්‍යමද? හලාල් (කැප) ලාංජනයට කෑගහන කට්ටියට කැසිනෝත් හලාල් තමයි. (ස)
ඇමතිතුමෝ කරමු උපවාසයක්. බිස්කට් මගේ ගානේ. (ස)
කැසිනෝ කොළඹට පමණක් නොවේ, අනිත් පළාත් අටටත් දෙන්න.හැබැයි බදු ආදායම එම ප්‍රදේශවල දියුණුවටම වියදම් කරන්ඩ ඕන. ජනතාව මේවට විරුද්ධ වන්නේ නොදැනුවත් කමින්. (ස)
වීරවංශ තවම තීරණයක් නෑ.විරුද්ද වෙන්නේ කොහොමද?විරුද්ධ වෙලා ඔය විදින බුදු සැප අර්ථ හරින්න කැමති වෙන මෝඩයා කව්ද?(දිල්)
මොනවද තවත් හිතන්නේ? (නි)
ප්‍රතිපත්තියක් නැති කම.(නදී)
රටේ කැසිනෝ විතරක් නොවේ, නොයක් ආයෝජන තිබෙනවා.බුදුන් වැඩිය රටේ කියා හොද වැඩ මොනවද කරන්නේ? පව්කාර වැඩ කොතෙක් නම් කරනවද? ළමා අපචාර,මිනීමැරුම්,හොරකම්,හරක් මැරීම්... සමාජයේ මිනිස්සු විසින්ම නේද මේවා කරන්නේ? (නි)
විරුද්ධ වෙනවා වගේ පෙන්නයිද? (නි)
එයා විරුද්ද වෙලා අවසාන මොහොතේ පක්ස වෙනවා (නදී)
කැසිනෝ වලින් සුදු කාරයන්ට ගැහණු සපයන්නේ නෑ. ඒක අමුලික බොරුවක්.එතනට ගණිකාවෝ එනවා. ඒත් ඔවුන් බලෙන් මිනිස්සු අල්ලගන්නේ නැ.සල්ලි තියෙනවා නම් ගිහිල්ලා කැසිනෝ ගහන්න.ඒකේ ආදීනව සුදු කාරයන් හොඳටම දන්නවා.රජයවත්, දේශපාලකයන් වත් වැඩුනු, ජනතාවට තමන් කල යුත්තේ, මොකද්ද කියලා, උගන්නන ඕනැ නෑ. (ස)
හිත හිත ඉන්න අවස්ථාවක් නොවෙයි මේක, දේශ ප්‍රේමියෙක් නම් ඔබතුමා මේකට විරුද්ධ විය යුතුයි. (ස)
බලමු කට වගේද වැඩත් කියලා.(නදී)
ඔන්න ඔහේ අත උස්සමු (නි)
රටක් දියුණු වෙන කොට ඔය ඔක්කොම ඕන වෙනවා.අපි බලන්න ඕනේ මේකෙන් රටට වෙන වාසි හා අවාසි මොනවද කියලා.එහෙම නැතිව නිකන් විරුද්ධ වෙන එක නෙමෙයි.මම නම් මේකට විරුද්ධ නැහැ. (ස)
කෙලින් කතා කරන හොඳ පුද්ගලයෙක්.(නදී)
ඒ කියන්නේ පක්ෂයි වගෙයි.විපක්ෂ නම් මෙතුමා දැනටමත් රට දෙවනත් කරලා.බලමු මෙදා පාර මොකද වෙන්නෙ කියලා (නි)
ඒ කාලේ ලොකු ලොකු කට්ටියත් සූදු ගහලා තියෙනවලු ජයටම! (නි)
දැනට ලෝකයේ සිටින ධනවත් කැසිනෝ සූදුකාරයින් චීනයට යනවා කැසිනෝ ක්‍රීඩාවට. ඒ ගියාම වාසිය ලැබෙන්නේ චීනයට මිස ඒ එන පුද්ගලයින්ටම නොවෙයි. එන පුද්ගලයා දිනුවොත් රැගෙන යන්නෙත් එසේම ක්‍රීඩාවට එන වෙනත් රටක කෙනෙක්ගේ මුදල් වෙන්න පුළුවන්. මෙය ලොතරැයි මණ්ඩලය මෙන් අදායම් ලබන්නක් මිස පාඩු වෙන දෙයක් නොවෙයි. ආදායම අපේ රටටයි. (නි)
මෙම කෙටුම් පතින් අලුතින් සිදු වන හානියක් නොමැති නම් සහ වෙනත් කුමන හෝ පහසුවක් සිදු වන්නේ නම් එයට පක්ෂ වුවාට වරදක් නැත. සුද්දෝ ලංකාව පාලනය කළ කාලයේ පටන් මෙය අපේ රටේ පවතී. ආණ්ඩුව ගෙනෙන ඕනෑම කෙටුම් පතකට විරුද්ධ වන කොටසකුත් ඇත. නමුත් කෙටුම් පතින් කියන්නේ කුමක්දැයි නොදනිමු. (නි)
එයා දිව දෙකකින් කතා කරන්නේ ඕකට ගානට බොරුවක් කියයි (නදී)
බලමුකෝ (නි)