වන නිලධාරියා කෙරෙහි ද්වේෂයෙන් ඔහු අල්ලස් ඉල්ලූ බවට දැව භාණ්ඩ ව්‍යාපාරිකයා පැමිණිලි කළ බව පෙනෙන්නට ඇතැයි තීරණය කළ කොළඔ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය වන සංරකෂණ දෙපාර්තමෙන්තුවේ රාජකාරි කරන බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස් කළාය.
විත්තිකරු අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට අදාළව පැමිණිලිකරු හා උපාය දුතයා ලෙස කටයුතු කළ අල්ලස් කොමිසමේ නිළධාරියාගේ සාක්කි එකිනෙකට පරස්පර බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ බීඩ් ගෝවින්න මහතාගේ හරස් ප‍්‍රශ්න වලදී හෙළි වී ඇතැයි තීරණය කළ විනිසුරුවරිය පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කිරීම අවසන් කිරීමටත් පෙරම විත්තිකරු නිදොස් කොට නිදහස් කළාය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ වන සංරකෂණ දෙපාර්තමෙන්තුවේ එරාවුර් බීට්ටු වන නිලධාරියා ලෙස සේවය කළ සෝමනාදන් පුවලිංගම්ය.
2012 ජනවාරි 18 වැනිදා එරාවුර් හිදී ගෘහ භාන්ඩ වෙළද සැළට 2012 වසරේ දැව බලපත‍්‍රය ලබා දීමට හා කල් ඉකුත් වු දැව බලපත‍්‍රය වන සංරකෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් වළකාලීමට රුපියල් 7500/-ක් සම්සුදීන් අබ්දුල් සිද්ධික් නමැත්තාගෙන් ඉල්ලා ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වැරදිකරුවන්ට දඩුවම් නැද්ද (බ)
වෛරෙයෙන් වෛරෙයෙන් සංසිඳෙන්නේ නැහැ (ම)
අද අහන්න තියෙන්නේ ඔය වගේ පැමිණිලි තමා රට හැම තැනම. (ර)
අල්ලසක් ලබාගන්නවා කියල ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අල්ලස දෙන්න යන කෙනා වීඩියෝ කැමරාවක් මාර්ගයෙන් අල්ලස ගන්න කෙනාව වීඩියෝ කිරීම. අල්ලස දෙන්න කලින් ඔක්කොම රෙකෝඩ් වෙන විදියට මොන හේතුවකටද මුදල් දෙන්නේ කියලා පවසා දුන්නහම, ඒ මුදල් තමන් අතට ගත්තොත් තමයි අල්ලස ගත්තා කියලා ඔප්පු වෙන්නේ (නි)
පෞද්ගලික තරහක් පිරිමහගන්න මෙහෙම බොරු පැමිණිල්ලක් කළා නම් ඒක මොනතරම් ලොකු වරදක්ද? (නි)
වෛරයෙන් කළා නම් ඒක බොහොම වැරදියි (නි)