ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම වෙනුවෙන් පෙනී සිටින බව කියමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට චෝදනා කරන්නේ කලක පටන් තමා සමග ඇති වෛරයක් නිසා යැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ලංකාදීපයට පැවසීය.
සේනාරත්න මහතා වැරදිකරුවෙකු බවට චෝදනා කරමින් 1999 වසරේ ඔහුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් නෙරපනු ලද්දේ තමා අභියාචනාධිකරණයේ ගොණු කළ නඩුවක් නිසා බව රාජපක්ෂ මහතා කීවේය.
තමන් කිසි දිනෙක ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී නොසිටි බවත් තමා කතා කළේ නීතිපතිවරයාගේ නිගමනයන්හි නිවැරදිතාව පිළිබඳව බවත් ඔහු කීවේය.
‘ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැමදාම කැබිනට් රැස්වීමේ දී කරන්නේ අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන්ට දොස් කීමයි.එලෙස කටයුතු නොකරන්නැයි ජනාධිපතිවරයාත් ඔහුට උපදෙස් දී තිබෙනවා.‘
‘ඔහු 1994 වසරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඊට පෙර ඔහු සෞඛ්‍ය උපදේශක කාරක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළා. ඒ කාලයේ සිට එතුමා යුද හමුදාවට හා ඔසුසලට දන්ත වෛද්‍ය ඖෂධ හා උපකරණ සැපයුවා. ‘
‘ ඔහු මන්ත‍්‍රීවරයකු ලෙස සිටියදීත් ඒ දේ කළා. ඒ කාලයේ විදේශවලින් ඖෂධ ගෙන්වා ත‍්‍රිවිධ හමුදාවට ලබාදුන්නා. මේ ගැන සඳහන් කරමින් ඔහු වැනි මන්ත‍්‍රීවරයෙක් මන්ත‍්‍රීකමට සුදුසු නැති බව පවසා මම අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළා. එම නඩුවේ පැමිණිලිකරු වුනේ ඩිලාන් පෙරේරා. ‘
‘මේ නඩුවෙන් ඔහු වැරදිකරු බව ඔප්පුවීම නිසා 1999 දී ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් නෙරපුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එලෙස නෙරපුණු එකම මන්ත‍්‍රීවරයා වන්නේ රාජිත සේනාරත්න මහතායි. ‘
‘ඒ නඩු තීන්දුව දුන් දා සිට ඔහු මා සම`ග සිටියේ වෛරයකින්. ඒ නිසා තමයි මට විරුද්ධව මඩ ප‍්‍රචාර පතුරුවන්නේ. ‘
‘ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සංවරශීලී හා බුද්ධිමත්ව කළ යුතුයි. එසේ නොමැතිව වාචාලකමින් දොඩවන මාධ්‍ය ප‍්‍රකාශකවරයකු සිටින එකම රට ලංකාවයි‘ රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ප්‍රඥාවන්තයින් සඳ දෙස ඇඟිල්ල දිගුකරන කල්හි මෝඩයෝ ඇඟිල්ල දෙස බලති " (නි)
ඔන්න ඕවා අමතක කරලා දාන්න (නි)
මේ ඇත්තම තමයි කියන්නේ. මමත් පිළිගන්නවා (නි)
මෙය හොඳ ප්‍රවණතාවයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයකි. (නි)
නියම කතාව! (නි)
නියම දෙන්නෙක්නේ තරඟයට ඉදිරිපත්වෙලා තියෙන්නේ (නි)
ඔබතුමාගේ කතාවට ජයවේවා! (නි)
මසුරන් වටිනා කියමන් ටිකක්... (නි)
ඒක තමයි මහත්තයෝ අපි ඕවා ගැන එදා ඉඳලම කියන්නෙ (නි)
රාජිතට ඔය අවෙන්ට් ගාර්ඩ් එක ගැන තියෙන කැක්කුම නම් අපිට පැහැදිලිය් .. එයාගේ නැව් අද හෙට ඔය කොන්ත්‍රාත් එක නාවික හමුදාවෙන් භාර ගනී .." නුඹ නාඩන්, නුබ නාඩන් , අපිට ඕව හොඳ පාඩම් " (බ)
ඔහොම යමු. තව ටික දවසක් යද්දී මිනිසුන්ට සියළු දේ වැටහේවි (නි)
දැන් අන්තිමට කවුද වැරදිකාරයෝ? (නි)
ඔය වගේ දෙපැත්ත තුන්පැත්ත කෙළගන්නකොට නියම ඇත්ත සහ හැංගිච්ච හොරු බොරු එළියට එනකොට අපිට හරි ආතල් (බ)
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු. (නි)
අපට මෙම අැවන්ගාඩ් කුණුකසල ගොඩක් ඔබ වගේ කොන්ද කෙලින් කතා කරන දේශපාලයකින් ඉන්නේ ටිකදෙනකි. (බ)
ඔබතුමා වැදගත්, බුද්ධිමත්, කීර්තිමත් පුද්ගලයෙක් කියලා රටම දන්නවා. එතුමා ගැනත් දන්නවා (නි)
ඔබ හරි. එහෙත් වැඩි දෙනෙක් ඉල්ලන්නේ එහෙම අයවම තමයි. ඒ නිසා එයාලා දිනුම්. ඒකයි හැබෑව. (නි)
විජයදාස මහත්තයාට ජය ශ්‍රී! නියමයි මහත්තයෝ.... (නි)
එතකොට ඔය නොම්බර මකපු අනවසර අවිගැන කියන්නේ බොරුද ? බැරිවෙලාවත් ඇත්තනම් අනවසර ගිනිඅවි ළගතබා ගැනීමට විරුද්ධව චෝදනා නැද්ද. සාමාන්‍ය මිනිහෙක් අනවසර ගිනිඅවියක් ලග තබා ගත්තොත්ීතිය මොකක්ද ? චෝදනාව මහා පරිමනයෙන්නම් නීතිය ලිහිල්ද ? (බ)
සමහර දේශපාලඥයින් මනුස්සයෙකුට කතාකරන්නවත් දන්නේ නැහැ (නි)
විජයදාස මහත්තයාගේ කටේ මසුරන් දාන්න හිතෙනවා මට (නි)
රාජිත ගැන රටම දන්නවා . (අ)
රාජිතට තියෙන්නේ බ්රේක් නැති කටක් ඔහු ඇත්තම ගුණමකුවක් 1988 චන්ද්‍රිකාව නැත්තටම නැති කළා 2015 දී මහින්ද මහත්තයව නැති කළා 2020 වෙනකොට මෛත්‍රී ජනාධිපතිව සදහටම නැති කරයි (බ)
මොකෙක්දෝ ගිය උඩ කිව්වලු (බ)
කිසිම සුදුසුකමක් නැති තමාගේ පුතාව මාසෙල ලක්ෂ ගණන් පඩි දීල ඉහල තනතුරු වලට දාලා සෞඛ්‍ය අංශයේ සුදුස්සන් සමච්චලයට ලක්කරන්නේ කව්ද කියලත් කීවොත් හොයි (අ).
බලපුවාම මේ ඔක්කොම වවාගෙන කන්නන්. මේවා දන ගන්න ඕනේ මෙයාලව පත් කරන්න ඡන්දෙ දීපු මැට්ටන්ට. තව අවරුදු 4 ක් හිටියොත් ලක් වැසියන්ගේ දත් 32 කම ගලවා තමයි මෙයාල නවතින්නේ. (අ)
විජයදසගේ කෙරුවාවත් කට ඇරියම පේනවා. කිසිම වැඩකත්කමක් නැති කෙනෙක් වගේ හැසිරෙන්නේ
ඔය සේරම දැන දැනත් පනින රිලවුන්ට ඉනිමං බඳින්න ගියේ ඇයී? ඒ ප්‍රතිඵල තමා ඔය භුක්ති විඳින්නෙ. (අ)
මේ රටේ තුන්වේල හරිහැටි කන්න නැති මිනිසුන්ට ඔය කතන්දර වැදගත් නැහැ. මෙයාලා මේ ප්‍රාථමික විදියට හැසිරෙද්දි කොහොමද රටක් සංවර්ධනය වෙන්නෙ? (නි)
කිසිම සුදුසුකමක් නැති තමාගේ පුතාව මාසෙට ලක්ෂ ගණන් පඩි දීල ආරක්ෂක අමාත්‍යංශේ ඉහල උපදේශක තනතුරකට පත්කලා විතරක් නෙවෙයි, කලින් ඒකේ හිටපු ඉහලම නිලධාරියෙකුගේ කාමරේ ඉන්දවලා තියෙන්නේ කවුද කියලත් හොයලා බලමුද? මේ හැමෝම එකයි, දත් දොස්තරත්, ඩබල් ඩොක්ටරේට් දොස්තරත් දෙන්නම තකට තක. වැරදුනේ අපිට. (අ)
බොරු කියන නීති ඇමතිලා ඉන්නෙත් ලංකාවේ පමණයි (අ)
මොකද ඕව දැන් කියන්නේ. බෙදාගෙන කන්න බැරිවුණ හන්දද? (අ)
මහින්දට බැන්නට දැන් තියෙන්නේ ඊටත් වැඩ දුෂිත ආණ්ඩුවක්. (අ)
බෝක්කු කටා නිසා තමයි මේ ආණ්ඩුව පජාති වීම සීග්‍රගාමි වෙලා තියෙන්නේ තව මාස දෙකයි (අ)
බොරුද මම කියුවේ .ගැලරියේ විසිල් ගහන චන්න වගේ අයට රාජිතල මර්වින්ලා දෙවියෝ වගේ පෙනෙන්නේ. දෙවිවරු පය නොගහන තැන්වල රාජිතල මර්වින්ලා කරනම් ගහනකොට විසිල් ගහන අත්පුඩි ගහන ඡන්ද දායකයෝ වැඩි රටක රාජිතල හැමදාම ජේෂ්ඨ ඇමතිවරු.(අ)
සල්ලි ගත්තේ කවුද කියල දනිති (අ)
මෙතුමාගේ කතාව සහතික ඇත්ත. (නි)
"එන්ට එන්ට ප්‍රශ්න වැඩියි රජ්ජුරුවන්ට රජිතලට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්න අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට..(අ)
දේශපාලනය කියන්නේ මොනවගේ රක්ෂාවක්ද කියලා ඉංග්‍රීසි යෙදුමකින් පවසා තිබෙනවා (නි)
උගත් බුද්ධිමත් ආචාර්ය රාජපක්ෂ ඇමතිතුමාට ජයවේවා! (අ)
අවන්ට්ගාඩ් එකට විතරක් නෙමේ, බුද්ධ ශාසනයටත් දෙයියන්ගේම පිහිටයි!!!(අ)
විජේදස නිකන් බුද්දදාස වගේනේ කතාව. නීතිපති වෙනුවෙන් පෙනී ඉන්ට විජේදාස ඕනේ නැනේ ඔබතුමා මේ ගනු දෙනුව ගැන පක්ෂග්‍රහියි (අ)
හොරු රකින අයට තියෙන්නේ වෛරයක් නෙමේ සැබෑ ආදරයක් කියල අපිත් දන්නවා. (අ)
සෙස්සන්ට අපහාසාත්මකව කතාකරන එක මමත් අනුමත කරන්නේ නැහැ (නි)
අනේ අපේ දේශපාලඥයෝ? (නි)
ඇත්ත කියනකොට රාජිතගේ ඇම්බැට්ටයෝ දෙතුන් දෙනෙකුට තරහ ගිහිල්ල වගේ. (අ)
දෙන්නට දෙන්නා තමන්ලා කරපු කියපු දේවල් එලියට දමන්නකෝ (අ)
විජයදාස මහත්තයාගේ ප්‍රකාශයට මල් මිටක්! (නි)
ඔය කියන අය ගැන සියළු විස්තර රටට කිවුවොත් හොඳ නැද්ද? (නි)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ (නි)
රාජිත මහත්තයා ගැන ඉතින් රටම දන්නවනේ (නි)
ජනතාව ඇත්ත දන්නවා (නි)
මෙයා ඩොලර් වලට මෙයාගේ මුළු ආත්මයම පාවා දෙනවා ඕන කෙනකුට තේරෙනවා මේක ඉතා බරපතල තර්ජනයක් රටේ ආරක්ෂාවට හා සිවිල් සමාජ ආරක්ෂාවට එහෙත් කණගාටුව නීතිය ගැන කතා කර කර එම නීතියම කණපිට හරවන්න හදන එක එතකොට ඔය ඊයේ පෙරේද ගාල්ලට ආපු නැව බොරු ගණනාවක් කියල ගාල්ලට ඇවිත් චෙක් කරනකොට නැහැ කියපු ආයුද විශාල ප්‍රමාණයක් තිබිල අල්ල ගත්තේ දැන් මොකද කියන්නේ කන්න හිතුනම කබර ගොයා තලගොයා නේද තව ටයිකෝට් දාගෙන ලජ්ජා නැතිව ටී වී එකට කතා කරන්නත් එනවා (බ)
ඔබතුමා සමඟ අපි එකඟයි (නි)
හැමදාමත් වංචාවෙන් රජ වෙන්ට හදන්නේ.විජේදාස මහතාට අපගේ ප්‍රණාමය (බ)
ඔබතුමා වගේ උගත් මිනිසෙක් අපේ රටට අවශ්‍යම මොහොතක්. මොන ප්‍රශ්න ආවත් සටන අත්හරින්න එපා. (නි)
විජයදාස මහතාට ජයවේවා. රාජිත කියන්නේ හැරුණු, හැරුණු පැත්තට කතාකරන මිනිහෙක්. ඔහුගේ දත් දොස්තරකම කොහොම ගත්තු එකක්ද දන්නේ නෑ. ගිය ආණ්ඩුවේ ඉදිත්දී ධිවරය්නට දුන්නු සහන වලින් ගසා කෑවා (බ)
දැන් කතා ඇති! (නි)
අපි ඔබතුමා සමඟ එකඟයි (නි)
කාගේ කාගේත් වැදගත්කම ජනතාවට තේරෙනවා. (නි)
රාජිත කියන්නේ කවුද කියලා වැඩි දෙනෙක් දන්නවා. (නි)
අනේ මන්දා අපි කවුරු කියන ඒවා පිළිගන්නද කියලා (නි)
බලනකොට අපි මෙච්චරකල් හිතාගෙන හිටිය විදිය වැරදිනේ (නි)
විජයදාස මහතා දිනේවා! (නි)
මේ කතාවට තරහා ගිහින් රාජිතව රකින්න ඕනෑ කට්ටිය ඉන්නවා නම් මේවා බොරු කියලා ඔප්පු කරන්නකෝ. (නි)
විජේදාස ඇමතිවරයාගේ එක අන්ඩක් ආණ්ඩුවේ, අනික රාජපක්ෂ පවුලේ. මෙතුමා කවදාවත් රාජපක්ෂ පවුල ගැන වැරදි දෙයක් කියලා නැහැනේ. හැබැයි හරිම හිරිකිත විදිහට රාජිත ගැන ෆොන්සේකා ගැන පරණ දේවල් මතක් කරලා තියෙනවා ගෑනු වගේ. ජනාධිපති නීතිඥ වරයෙක් නේද..? සල්ලිවලට මළමිනිත් කට අරිනවා කියන්නේ ඇත්ත. (බ)
ඔබතුමා හරි රාජිත වගේ අය යවන්න ඕන තැන අපි දන්නවා. වෛරයෙන් ඉන්න තව දෙන්නෙක් ඉන්නවා. අනේ රටට ගිය කලක් (බ)
අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට මේ ඇවන්ගාඩ් සිද්ධියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඇයි අපි ඔය ගැන ඔයතරම් උනන්දු වියයුත්තේ? (නි)
ඇත්ත කියනකොට සමහරුන්ට නම් හරිම තරහයි වගේ (නි)
විජයදාස කියන්නේ බොරු නම් රාජිත ඒ බව කියන්න ඕන. සද්දයක් නැත්තේ කතාව ඇත්ත නිසාද. (බ)
මම ඉල්ලනවා අැවෙන්ට් ගාඩ් අධිපතිට මේ විදියට යටත් වෙන්න එපා කියල. රාජිත කියන්නේ රටම අකමැති කෙනෙක්. මේ මිනිස්සු රටට හොදක් කරන්නේ නෑ. අපි ඉල්ලනවා අඇවෙන්ට් ගාර්ඩ් තිරණය හරියට දෙන්න කියල.මට ඒකේ වැරද්දක් පෙන්නේ නැ. (බ)
දැන් ඔබතුමා අපිට මොකක්ද කරන්න කියන්නේ? (නි)
රටේ නීතිපති ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..ඇවන්ගාර්ඩ් එකෙන් සන්තෝෂම් ගත්ත කීප දෙනාට උනේ කුම්බලා ඔලු කාපු බළලට වෙච්ච දේ..(බ)
මෙහෙම දේශපාලඥයින් සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණක් වෙන්න ඇති (නි)
මේවාට දෙන්න ඕනෑ උත්තර තිබුණත් මට ඒවා මෙතන ලියන්න අමාරුයි (නි)
අයියෝ ලැජ්ජාවේ බැහැ! (නි)
විජයදාස මහතාට ජයවේවා! (නි)
නියමයි මහත්තයෝ (නි)
අපරාදේ මම මනාපය දුන්නේ. ඔය දේවල් කලින් කිව්වා නම් අද මෙහෙම වෙන්නෙ නැහැ (නි)
ගස් නැති රටේ එඬරු ගසුත් ගස්ලු...! මොනවා කරන්නද? රටේ හැටියටයි ක්‍රමයේ හැටියටයිනේ මිනිස්සු පත්වෙන්නේ. (නි)
රාජිත කියන්නේ අපි හිතනවට වඩා වෙනස් චරිතයක්. විජේදාස ගැනත් අපි දන්නවා. (නි)