කොළඹ බංගසාල වීදීයේ ඕෂන් මැරයින් සර්විසස් සමාගමට රුපියල් දෙකෝටියක් වංචා කළැයි කියන වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජය සේදර සෙනරත්ට සිතාසි භාර දීම සඳහා පිස්කල් නිලධරයින්ට ඔහු පෙන්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සී ඒ ජී ලියනගේ මහතා පැමිණිලිකරුට නියම කළේය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ වග උත්තරකරුට සිතාසි භාර දීමට පිස්කල් නිලධරයින් අසමත්වී ඇති බව ප්‍රකාශ කිරීම නිසාය.
මෙම පුද්ගලයා තමාට පෙන්වා දිය හැකි බැවින් පිස්කල් නිලධරයින්ට ඔහු පෙන්වා දීමට අවසර දෙන ලෙස මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේය.
නැව් සංස්ථාවෙන් කුලියට ගන්නා නැවක ආයෝජනය කිරීම සදහා සෙනරත් එම සමාගමෙන් රුපියල් දෙකෝටියක් වංචා කැර ඇතැයි ද උසාවියේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට දේශපාලන සම්බන්ධකම් ඇති (නි)
ඔය මොන ගැහිල්ලක්ද, අර අහවල් පැත්තේ අය ගහන ගැහිල්ල බලනකොට? (නි)
මට හිතෙනවා අපේ රටේ පාලනය යූ.එන්. එකෙන් කරනවා නම් හොඳයි කියලා, මේ යන විදියට (නි)
දර්ශන,කතාව නම් හරි. (නි)
ඉතින් එකඅතකට ඒකේ ඇති වැරැද්ද මොකක්ද? බහුතර ලොක්කන් කරන දෙයක් නොවැ. (නි)
අර අපේ හිච්චි කොලුවා කිවුවා වගේ, ඕවත් වැඩද? මල්ලි....., ඕවත් වැඩද? (නි)
මෙයා භාරදෙන්න හොඳ තැනක් නම් තියෙනවා... (නි)
අරයා පොලිසියට පෙනෙන්නේ නැත්තේ එයා මනුස්සයෙක් නොවෙයිද?පුදුම පොලිසියක්නේ! (නි)
කවුද ලංකාවම පොඩි එකාගේ පටන් මහා එකා දක්වා හොරකමට පුරුදු කළේ? (නි)
දැන් රට පුරාම හොරු සහ මංකොල්ලකාරයෝ.සමහරු මහත්හොරු වෙලා හොරකම් කරනවා. තව සමහරු හෙල්මට් වලින් මුහුණ වහගෙන හොරකම් කරනවා. රටට ගිය කල! (නි)
ලොකු එක්කෙනාගේ ඉඳලා පොඩි එක්කෙනාගේ දක්වා ඉන්න තරමක් ඉන්නේ හොරු අපේ රටේ.මේ අය තමයි ඉක්මනින් පොහොසත්තු වෙන්න බලන්නේ. (නි)
මේ වෙනකොටත් ආරක්ෂාව පතා කොහේ හරි රටකට සැපත් වෙලා ඇති. (දී)