IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වරායේ ලොක්කෙක් දෙකෝටියක් වංචා කරලා

කොළඹ බංගසාල වීදීයේ  ඕෂන් මැරයින් සර්විසස් සමාගමට  රුපියල් දෙකෝටියක් වංචා කළැයි කියන වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජය සේදර සෙනරත්ට සිතාසි භාර දීම සඳහා පිස්කල් නිලධරයින්ට ඔහු පෙන්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සී ඒ ජී ලියනගේ මහතා පැමිණිලිකරුට නියම කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ වග උත්තරකරුට සිතාසි භාර දීමට පිස්කල් නිලධරයින් අසමත්වී ඇති බව ප්‍රකාශ කිරීම නිසාය.

මෙම පුද්ගලයා තමාට පෙන්වා දිය හැකි බැවින් පිස්කල් නිලධරයින්ට ඔහු පෙන්වා දීමට අවසර දෙන ලෙස මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේය.

නැව් සංස්ථාවෙන් කුලියට ගන්නා නැවක ආයෝජනය  කිරීම සදහා  සෙනරත් එම සමාගමෙන් රුපියල් දෙකෝටියක් වංචා කැර ඇතැයි ද  උසාවියේදී කියැවිණි.

 

 



අදහස් (0)

වරායේ ලොක්කෙක් දෙකෝටියක් වංචා කරලා

රාජ් Wednesday, 30 April 2014 08:28 AM

ඔහුට දේශපාලන සම්බන්ධකම් ඇති (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 29 April 2014 06:01 PM

ඔය මොන ගැහිල්ලක්ද, අර අහවල් පැත්තේ අය ගහන ගැහිල්ල බලනකොට? (නි)

:       0       0

දර්ශන Tuesday, 29 April 2014 05:25 PM

මට හිතෙනවා අපේ රටේ පාලනය යූ.එන්. එකෙන් කරනවා නම් හොඳයි කියලා, මේ යන විදියට (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 29 April 2014 06:14 PM

දර්ශන,කතාව නම් හරි. (නි)

:       0       0

පිටිගල Tuesday, 29 April 2014 06:16 PM

ඉතින් එකඅතකට ඒකේ ඇති වැරැද්ද මොකක්ද? බහුතර ලොක්කන් කරන දෙයක් නොවැ. (නි)

:       0       0

ගජමන් Tuesday, 29 April 2014 07:10 PM

අර අපේ හිච්චි කොලුවා කිවුවා වගේ, ඕවත් වැඩද? මල්ලි....., ඕවත් වැඩද? (නි)

:       0       0

අජිත් Wednesday, 30 April 2014 02:32 AM

මෙයා භාරදෙන්න හොඳ තැනක් නම් තියෙනවා... (නි)

:       0       0

සමන්ති Wednesday, 30 April 2014 04:38 AM

අරයා පොලිසියට පෙනෙන්නේ නැත්තේ එයා මනුස්සයෙක් නොවෙයිද?පුදුම පොලිසියක්නේ! (නි)

:       0       0

රාජුන් Wednesday, 30 April 2014 04:58 AM

කවුද ලංකාවම පොඩි එකාගේ පටන් මහා එකා දක්වා හොරකමට පුරුදු කළේ? (නි)

:       0       0

රොහාන් සෞදි Tuesday, 29 April 2014 04:33 PM

දැන් රට පුරාම හොරු සහ මංකොල්ලකාරයෝ.සමහරු මහත්හොරු වෙලා හොරකම් කරනවා. තව සමහරු හෙල්මට් වලින් මුහුණ වහගෙන හොරකම් කරනවා. රටට ගිය කල! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 05:44 PM

ලොකු එක්කෙනාගේ ඉඳලා පොඩි එක්කෙනාගේ දක්වා ඉන්න තරමක් ඉන්නේ හොරු අපේ රටේ.මේ අය තමයි ඉක්මනින් පොහොසත්තු වෙන්න බලන්නේ. (නි)

:       0       0

භානු Wednesday, 30 April 2014 05:03 PM

මේ වෙනකොටත් ආරක්ෂාව පතා කොහේ හරි රටකට සැපත් වෙලා ඇති. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site