IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වරාය බහාලුම් ඉක්මනින් නිදහස් කරන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 2 ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 2 ක් වශයෙන් බහාලුම් පර්යන්ත 4 ක් ක්‍රියාත්මක වන අතර, ප්‍රති නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළුව

එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම 5,000-10,000 අතර ප්‍රමාණයක් පරීක්ෂා කර, නිදහස් කරනු ලබයි. 

රේගු නිලධාරීන් විසින් පිට කිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර, එම බහාලුම් භෞතික වශයෙන් පරිලෝකන පරීක්ෂාවට (Scan) ලක් කරනු ලබයි.

පසුගිය කාලයේ නිෂ්කායන ක්‍රියාවලිය තුළදී විවිධ ගැටලු මතු වීම හේතුවෙන් රේගු නිලධාරීන් විසින් දෛනිකව බහාලුම් වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර, වරාය වෙත පැමිණෙන නෞකා ප්‍රමාණයේ යම් වැඩිවීමක් ද නිරීක්ෂණය කර තිබේ. බහාලුම් නිදහස් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව වරායෙන් බහාලුම් නිදහස් කිරීම වෙනුවෙන් යෝග්‍ය ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

වරාය බහාලුම් ඉක්මනින් නිදහස් කරන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site