කොළඹ දකුණ වරාය නැරඹිමට අද පමණක් අට ලක්ෂයක් දෙනා පැමිණි බව වරාය හා මහා මාරග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියයි
පසුගිය අට වැනිදා සිට අද වන විට 28 ලක්ෂයක් පැමිණි බවත් පෞද්ගලික වාහන එකොළොස් දහසක් පැමිණි බවත් ඇමති පවසයි
අඟහරුවාදා අවසන් දිනයයි. අඟහරුවාදා අදේ 7 සිට සවස 5 දක්වා වරාය විවෘතව තැබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරායට එන නාවිකයන්ගේ නෙත් සිත් පිනවන දසුනක් වන විශාල ප්‍රමාණයේ මෛත්‍රී බුදුපිළිමයක් මෙහි ඉදිකළ යුතු බවට මම යෝජනා කරනවා (නි)
සුභ පැතුම්! (නි)
ගෙදර යන ගමන් වැලිවේරියෙන් වතුර ටිකකුත් බීලා යන්නකෝ. ඒකත් ආශ්චර්යයක් තමයි (නි)
කොහොමද වැඩේ? නියමයි නේද? (නි)
ද සිල්වා සමග මම එකගි.(අ)
බලන්න අනුරාධපුරයේ පොළොන්නරුවේ තිබෙන නටබුන් ඒවා පැරණි අපේ සංස්කෘතිය ලෝකයට විදහා දක්වනවා ,ඒවා බලන්න විදේශ සංචරකයොත් එනවා , අපේ රටේ මුස්ලිම් ආගමික ස්මාරක හෝ ක්‍රිස්තියානි ආගමික ස්මාරක තිබුන කියල බුදුදහමට ප්‍රශ්නයක් නෙමෙයි බෞද්ධ දර්මයේ කොතනකවත් සදහන්වෙලා නැහැ අන්‍ය ආගමික සිධස්ථාන හෝ ස්මාරක කඩන්න බිදින්න කියල , බෞද්ධ දර්ශනය මේ දිනවල යුරෝපයේ සහ ලෝකයේ දියුණු රටවල ගොඩක් දුරට කතා බහට ලක්වෙනවා , ගොඩක් මිනිස්සු භාවනා ක්‍රම ගැන එහෙම උනන්දු වෙනවා , මම අදහස් කරන්නේ එමිනිස්සු සියලම එගොලගේ අගම්ම අතහැර බුධාගමට හැරෙනවා කියන එක නෙවෙයි , නමුත් කොටසක් ඉන්නවා බුධාගමට හැරෙන , මගෙනුත් සමහර මිනිස්සු ප්‍රශ්න අහනවා බුධාගම ගැන , මම පහුගිය වතාවේ ලංකාවට අපු වෙලාවේ මගේ පරණ පාසල් පොත් පත් නැවත රටයන කොට ගෙන අව , ඒවා කියව අමතක දේවල් මතක් කරගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මම උතරදෙනවා (දී)
ගයාන්, ටික කලක් බලන් ඉන්නකෝ ඔය යට ෆොටෝ එකේ උඩම තියෙන එකට වෙන දේ. (ස)
ගයාන් ඔයා රැවටෙන්න එපා..සහීඩ් කියන්නේ ඔය අපේම සිංහල එකෙක්.ඔයාව අවුස්සනන හදන්නේ. (අ)
අර හම්බන්තොට වරාය තනිකරම මුදල් නාස්තියක් නමුත් කොළඹ වරාය සංවර්ධනය කිරීම රටට අවශ්‍ය දෙයක් , කොහොම හරි බොරතෙල් පිරිපහදුවකුත් අපේ රටේ කොහේ හරි සුදුසු තැනක හදා ගන්න පුළුවන් නම් දිනපතා අපේ රටෙන් පිටරටවලට ඇදී යන කේටි ගණනක් ඉතුරු කරගන්න පුළුවන් ,
ලංකාවේ මේ ත්‍රී විල් නැති තැනක් හොයාගන්න නැහැනේ. දකිනකොටත් එපාවෙනවා. කොහේහරි දැකුම්කළු තැනක් වේද, ත්‍රී විල් එකක් ගිහින් පළාතටම වින කරනවා. මම නම් යන්නෙ නැහැ බලන්න (නි)
විශාල පිරිවැයක් දරමින් වෙනත් රටකින් ණයට ආයෝජනයක් ලබා ගත්තා නම් , දේශපාලන වශයෙන් සෑහෙන වාසි තියෙනවා. මොකද සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ මේකේ සුල මුල (නි)
ද සිල්වා බෙර්ලින් මොනවා කියවනවද මන්දා...ලංකාවෙන් බාගයක් විතර බෞද්ධයෝ දැන් මෙහෙ වෙන ආගම් වලට හැරෙනවා. මෙයා මේ ජර්මනියේ භාවනාව ගැන කතාකරනවා. (ස)
හෙළයාගේ ප්‍රෞඪ අනන්‍යතාවය පෙන්වන්නට හැකි විශාල බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීමට සිත් යොමු වේවා! (නි)
වරායක් දැකලා නැති අය මෙහෙම අවස්ථා මගහරින්නෙ නැහැ (නි)
හැමදේම හොඳයි. එකම ප්‍රශ්නෙකට තියෙන්නේ මේකේ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් චීනෙට තිබෙන එකත් අදායමෙන් වැඩි ප්‍රමාණයක් චීනෙට යන එකත් තමයි. (නි)
ෂහිඩ්, දවල් හීනයක්ද ? (නි)
රූපවතී, ත්‍රී විල් වරායේ නැංගුරම් දාන්නේ නැහැ (නි)
මාටින් ඔය ඇත්තමද.....? ඔයා කොහිද ඉන්නේ කියලා පොඩ්ඩක් කියන්න බැරිද. (දී)
මේ මැජික් පෙන්නන්නේ ලගදීම බඩුමිල ඉහල යන ලකුණු. (දී)
වැඩේ නම් හොඳයි.ඊයෙ පැය 2 ක් විතර ගියා කොටුවෙන් එළියට එන්න.ලොකු තදබදයක්. මම දන්නෙ නැහැ කාර්යාලවල වැඩ කොහොම කරනවද කියලා. (ස)
රුපියල් 10 ක ටිකට් එකක් කැඩුව නම් ලක්ෂ 280 ක් ...තව කිලෝ මීටර් දෙකක් මුහුද ගොඩ කරන්න තිබ්බ (ස)
පහු ගිය කාලෙ මොකද්ද වතුර ප්‍රශ්නෙකුත් උනාලු නේද? (ස)
හම්බයන්ට කොහොමත් මේවා දැක්කම රිදෙනවා ......... (ස)
ගෝඩයට මේක මැජික්. (ස)
අනේ ටෙනිසන්, ඔයා මොනවා කිවුවත් මට නම් මේ ලංකාවේ තිබෙන ත්‍රීවිල් ගොඩ දකිනකොට පුදූමම කේන්තියක් තමයි දැනෙන්නේ. මුළු ඉන්දියාවේම තිබෙන යකඩ ගොඩවල් අපේ රටට ගෙනත් දමලා කියලා තරහක් ඇතිවෙනවා (නි)
ගජමන් හරි.ගොදයටමැජික් කියල කියන්නේ මේවාට තමයි .හෙට අනිද්දටම අපේ බඩට ගහනවා බලන්න පුළුවන් වීවී.(දී)
ෂහීඩ්, ඔයාට ලංකාව ලියලා දීලා වගෙයිනේ කතාව.බලාගෙන ඉන්නකෝ, කාටද මොනවද ඉවත් කරගන්න වෙන්නේ කියලා (නි)
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ට්‍රෝලර් යොදවා මාළු ඇල්ලීමට චීනයේ සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට අනුව ඉදිරි කාලයේදී චීන නැව් හතළිහක් ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇත. (ස)
ඔය පර්යන්තයේ අයිතිය හා ආදායම අවුරුදු 99 කට චීනයට, අපේ කොළඹ වරායෙ පර්යන්ත වලට එන නැව් ටිකත් ඉදිරියේදී එන්නේ එතනට එම නිසා මෙය අපේ වල අපිම කපා ගැනීමක්. මෙතරම් බදු අය කරල අපි දුක්විදල පාර වල්වලට තාර දාල දෙනව කොහෙවත් ඉන්න අය ආදායම අරං යනව, ඉතිං කොහොමද අපේ මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස්වෙන්නේ. අනේ මන්ද අපේ රට කොහේට ගිහින් නවතියිද කියල. (දී)
අනුර මල්ලි, ඔයාගේ ත්‍රීවිල් එකත් අරන් ගියාද වරායට නැංගුරම් දාන්න. ඔය වරායේ ත්‍රීවිල් විතරයිලුද නැංගුරම් දමන්නේ? ඒ නිසා මගේ "හයිබ්‍රිඩ්" එක නම් පැත්ත පළාතෙවත් ගෙනෙන්නෙ නැහැ (නි)
ටික කලක් බලන් ඉන්නකෝ ඔය යට ෆොටෝ එකේ උඩම තියෙන එකට වෙන දේ.දෙපාර්ශවයේම එකඟතාවයකට අනුව ඉවත් කර ගත්ත කියල කියන්නේ නැද්ද කියල. (ස)
පිස්සු නැත්තම් ෂෝක් කිව්වලු .මේ මිනිස්සු මෙහෙම ආවොත් පිස්සුම හැදිලා දබර කලන්තේ දාල ඇදගෙන වැටෙයිනේ. (ස)
තව අවුරුදු 3-4 ක් මේ විදිහටම ගියොත් ඔය අහල පහල තියෙන ඉඩම් ගොඩනැගිලි ටිකටත් දෙවියන්ගේම පිහිට තම. (ස)
මාටින්, බුදුහාමුදුරුවෝ උපතින් බෞද්ධයෙක් නෙවෙයි. එතුමා බුදු වෙන්න කලින් අවරුදු ගානක් වෙනත් ආගම්වල සත්‍ය සොයා ගියා දුෂ්කර ක්‍රියා කළා, භාවනා කළා සිත දියුණු කරගත්තා. නැතුව දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකු ඇවිත් එතුමාව බුදු බවට පත් කලේ නැහැ. සමහර විට ඔය අන්‍යාගම් වලට යන අය ආර්ථික හේතුන් නිසා යන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය සොයා යන අය වෙන්න පුළුවන්. නමුත් සත්‍ය අවභොඩ කරගත් දින එයා අපහු එන්න පුළුවන්. බුදුදහම හරියට තේරුම් ගන්න බුද්ධිමතුන්ට ඉක්මනින් පුළුවන්. අනිත් පුද්ගලයන්ට ඔවුන්ගේ දැනුමේ හැටියට කාලයක් ගතවේවි. පස්වග තවුසෝ උනත් එක වරම රහත් උනේ නැහැ. මාර්ටින් අපේ බෞද්ධ භාවනා ක්‍රම ලෝකයේ දියුණු රටවල මනෝ වෛද්‍ය වරු පවා හදාරනවා. එමගින් එම රටවල බෞද්ධ නොවන මානසික රෝගීන් විශාල ප්‍රමාණයකට සහන සලසලා තිබෙනවා.(නදී)
චීනෙට දුන්නා කියන්නේ අනාගතයේදී ලංකාව චීනේ යටත් විජිතයක් වෙනවා කියන එක නොවේද? අපේ අවාසනාවට අපේ අයට ඒ දේ නොතේරෙන එක ගැනයි දුක. (නි)
රූපවති ඔයාට වටිනා සුඛෝපබෝගී වාහනයක් ඇති. අපිටත් ආඩම්බරයි .ඒ වුනාට අහිංසක දුප්පත් මිනිහගේ කෝටියක් වටිනා වාහනය හෝ රියැදුරාව පාච්චල් කරන්න එපා. කාලයක් කොළඹ බෝම්බ පුපුරපු වෙලේ යන කුලී ගමන අතරමග දමා ගිහින් ජීවිත දහස් ගණනක් බේරුවේ ඔය වාහනේ රියදුරයි.ඉහල පැලැන්තියේ ඔයාල ඒවා අමතක කරාට අපට බැහැ ඔයාල වගේ සැප වාහනවල ගිය උදවිය එදා ඔය වාහනෙන් රෝහලට ගියා (අ)
මේහි ඇති යම් යම් සලකුණු ඉවත්කරන්නට කාලය පැමිණෙමින් පවතී (අ)
මම නම් කියන්නේ රටේ අනන්‍යතාවය සංකේතාත්මකව ඉස්මතු වෙන කලාත්මක නිර්මාණයක් මෙහි ඉදිකළ යුතු බවයි (නි)
ඔහොම දේවල් බලන්න ගොඩක් අය එනවා (නි)
ඇත්තෙන්ම හොදයි (නි)
ඔවු ඔවු. ආශ්චර්යය බලාගන්නවා නම් දැන්ම බලාගන්න ඕනෑ. ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය අපේ රටේ හැටියට ආශ්චර්යයක්. සිංගප්පුරුවේ නම් දැන් සාමාන්‍ය දෙයක්. හැබැයි චීනා ආදායම ගන්නකොට නම් අපිට තරු තමයි බලාගන්න වෙන්නේ. (නි)
මොකටද මේ මිනිස්සු මෙහෙම යන්නේ? (නි)
සහිඩ්, මොකක්ද එතකොට හරි යන්නේ මෙතනට? (නි)