කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් බ්‍රහස්පතින්දා (19) රජය විසින් ගැනීමට නියමිත බව නීතිපති  අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එම ව්‍යාපෘතිය සම්බන්ධ පරිසර තත්ත්ව ඇගයීම් වාර්තා (පරිපූරක) ඒ සඳහා වන අමාත්‍ය ලේකම්  කමිටුවෙන් සළකා බැලීමෙන් පසුව එම තීරණය ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා අධීකරණයට දැන්වීය.

පෝර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු  රිට් පෙත්සම  කැඳවූ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කැදවිණි.

කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් පෙන්වා දේ.එබැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලූ ගිවිසුම් අහෝසි කිඍීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.