වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති පාරිසරික සහ අනෙකුත් වාර්තා විශේෂඥ විද්‍යාඥයින් ලවා පරීක්ෂා කරවා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතියට කල් දුන්නේය.
වගඋත්තරකාර පාර්ශවය විසින් ගොනු කළ වාර්තා විශේෂඥයන් ලවා අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා දැනුම් දීමෙන් පසුව රෝහිණී මාරසිංහ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ අවසර දුන්නේය.
සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය සහ එහි සභාපති අරුණ රොෂාන් ප‍්‍රනාන්දු විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති,ආයෝජන මණ්ඩලය, භූවිද්‍යා සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575ක් ගොඩකර වරාය නගරයක් ඉදි කැරෙන බවත්, එයින් පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල කරන බවත් පෙත්සම්කාර සංගමය කියා සිටී. ව්‍යාපෘතියේ මුල් අවස්ථවේදී පරිසර වාර්තා ලබා ගෙන ඇතත් ,ව්‍යාපෘතිය පුළුල් කිරීමේදී එම වාර්තා ලබා නොගෙන ඇතැයිද පෙත්සමේ සඳහන්වේ.එසේම මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේදී විශාල වශයෙන් වැලි ගොඩ දැමීම සිදුවන බැවින් එයින්ද පරිසරයටද විශාල හානි සිදුවන බවත් සංගමය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වුණොත් රටක් සංවර්ධනය කරන්න බැහැ. මේ ව්‍යාපෘතියෙන් රටට විශාල වාසියක් වෙනවා. අපේ දරු පරම්පරාවට. පරිසර වාර්තාවේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙන එක හොඳයි. නමුත් සුලු පිරිසක් වෙනුවෙන් රටේ අනාගතය නැති කරන්න එපා. බොරු දේශපාලන වාසි ගන්න එපා. (ම)
මම දන්නා විදිහට පරිසර වාර්තාව මේ ව්‍යාපෘතියට අවසර දීලා නැහැ.නමුත් " චන්ඩි කමෙන් " තමා හැම දෙයක්ම කලේ. (අ)
කිසිම දෙයක් කරනවා තබා හිතන්නවත් බැරි අය, කියවන එක විතරයි කරන්නේ. පරිසර වාර්තාවේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙන එක හොඳයි. නමුත් සුළු පිරිසක් වෙනුවෙන් රටේ අනාගතය නැති කරන්න එපා. බොරු දේශපාලන වාසි ගන්න එපා. (ම)
රටක හෙටට පක්ෂ නැති පක්ෂ දේශ පාලනය (බ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)