කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් 06 වැනි දා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තවේ.
මෙම සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන චීන වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කටයුතු දෙපාර්තමේන්තු උපදේශකයෙකු වන යැන්ග් වේයිකුං ඇතුළු දූත පිරිසක් පැමිණෙන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම චීන දූත පිරිස හම්බන්තොට වරාය අවට යෝජිත ආයෝජන කලාපය සහ යෝජිත කොළඹ ‐ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ අවසන් තීන්දු තීරණ වලට එළැඹෙනු ඇතැයිද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන්නේ ලඟදි චීනෙට ගිය කෙනා කුලප්පු කොරල එවනවා වගෙයි ..තීරණාත්මක කිව්වේ හොඳින් බැරිනම් නරකින් කියන එක නොවැ (අ)
කෝ අනේ මේ ඇමරිකාව, එංගලන්තය, යුරෝපයේ රටවල්? අපි හිතුවේ ආයෝජන කරන්න පෝළිමේ එයි කියලා. (නි)
අපේ රටේ තීන්දු තීරණ ගන්නේ පිටරටියන්ද.?(හේ)
මේවා කලින් හදල තිබුනානම් විවෘත කරන්න උදවිය ඉන්නවා අර .....පාලනේ (බ)
තීරණාත්මක අවස්ථාවකට දැන් අප එළඹෙමින් තියෙනවා...කොහොම නමුත් මට හිතෙන හැටියටනම් අපට අවාසි වන විධිහට සියල්ලම සිද්ධවේවි.වරාය නගරයෙන් " වර්ග අඩියක් " හරි චිනාට සින්නක්කරව ලියලා දුන්නොත් අපි " පරාදයි.මේ අපරාධය " රට පාවාදීමක් " නොවෙයිද..? මේ රටේම ඉපදුන කොටි ත්‍රස්තයාට රටෙන් කැල්ලක් දුන්නේ නැහැ.එය අගේ කලයුතු වැඩක්.නමුත් ඊටපස්සේ කොහෙවත් හිටිය චිනෙකුට වරාය නගරයෙන් හෙක්ටයාර් ගණනක් තියාගන්නම ලියලා දුන්නා. මේ අපරාධය " රට පාවාදීමක් " නොවෙයිද..? මම රටේ පාලකයා නම්...ඔය ව්‍යාපෘතියට දායකවුණ සියලුම දේශපාලුවන්ව රට පාවාදුන් චෝදනාවට ජිවිතන්තයටම කුඩුවට දමනවා දමනවමයි. (අ)