
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බහලුම් පර්යන්ත පසුගිය වසර තුළ බහලුම් මිලියන 2.4කට අධික සංඛ්‍යාවක් මෙහෙයවමින් 2023 වසරට සාපේක්‍ෂව සියයට 23 ක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව එම අධිකාරිය පැවසීය.
එම අධිකාරියට අයත් පර්යන්ත 2023 වසරේ බහලුම් මිලියන 1.9 ක් මෙහෙයවා තිබූ බව ද සඳහන් කරයි.
කොළඹ වරායේ සමස්ත පර්යන්ත 2024 වසරේ බහලුම් මිලියන 7.7 ක් මෙහෙයවමින් උපරිම ධාරිතාවට ළගාවූ බව කියන වරාය අධිකාරිය එය 2023 වසරේ මෙහෙයවූ බහලුම් 6.9 ට සාපේක්‍ෂව සියයට 12.3 ක වර්ධනයක් බව ද සඳහන් කරයි.
කොළඹ වරායේ ජාත්‍යන්තර බහලු පර්යන්ත පසුගිය වසරේ අඩි 20 සම ඒකක බහලුම් මිලියන 3.3ක් සහ දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය අඩි 20 සම ඒකක බහලුම් මිලියන 2 ක් මෙහෙයවා ඇති බව ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම වාර්තා පිට වාර්තා. පච පච විදිල්ලෙනුත් ලෝක වාර්තාවක් තියෙනවා.
පච අහලා පදම්වෙච්චි රැවටිච්චි අය තව වසර දහයකටවත් එන්න බැරි නිසා මොනවාම හරි වරදක් නොදැක සතුටුදායක එකටත් අපහාස කරනවා. මේවා තමයි විලාප... අනේ පව්, අර කෝටි පනහේ ගනුදෙනුව බේරාගෙනද කියලා දැනගන්න සතුටුයි.