මෙයට මාස තුනකට ප්‍රථම ආරම්භ කළ වෙරෝනා ශ්‍රි ලාංකික එකමුතු සුබසාදක සංගමය මගින් මෙ වන විට සමාජ සත්කාර රැසක් ඉටුකර ඇතැයි එම සංගමයේ නිළධාරිහු පවසති.
රැකියා නොමැති ශ්‍රි ලාංකිකයින් 15දෙනෙකුට රැකියා සොයා දී ඇති බවත් ශ්‍රි ලංකාවට යෑමට නොහැකිව අසරණව සිටි තවත් දෙදෙනෙකුට ගුවන් ටිකට් පත් ලබා දෙමින් තම සංගමය පිහිට වු බවත් රැකියා කොන්ත්‍රාත්තුවක් නොමැතිව රෑදි සිටිමේ බලපත්‍රය අලුත් කර ගැනිමට නොහැකිව සිටි විශාල පිරිසකටද පිහිටවී ඇති බවත් එම සංගමයේ සභාපති එමිල් ප්‍රනාන්දු මහතා පවසයි.
වසර ගණනාවක පටන් තමන් තනිවම ශ්‍රි ලාංකිකයින් රැසකට පිහිටවුනත් වෙරෝනා ශ්‍රි ලාංකික එකමුතුවෙ ලේකම් වශයෙන් මෙ වනවිට තමන්ට අන් අයගේ ශක්තියත් උපයොගි කොට එම සමාජ සත්කාරය තව දුරටත් ව්‍යාප්ත කරිමට හැකි වු බව සංගමයේ ලෙකම් ස්ටෑන්ලි පෙරෙරා මහතා කියා සිටි. ටෙනිසන් මහභදුගේ සංජිව දොඩන්තැන්න ප්‍රධාන සංවිධායක වරයා භාණ්ඩාගාරික වරයාය.
ආර්ථික කඩා වැටීම හමුවේ රැකියා නොමැතිව අසරණව සිටින ශ්‍රි ලාංකිකයින්ට පිහිට වන එම සංගමයට තමන් සුභ පතන බවත් ඉතාලිය පුරා ඈති මෙවෑනි සංගම් ( ක්‍රිඩා සමිති , සුභසාදක සංගම් , ආගමික සමිති , දේශපාලන සාඛා සමිති ) පිලිබද තොරතුරු 06 84241670 දරණ ෆෑක්ස් අංකයට යොමු කරනා ලෙසත් ඒ මගින් මේ එකමුතුවට මෙයටත් වඩා හොඳ කාර්යභාරයක් ඉතාලි ශ්‍රි ලාංකික සමාජය වෙනුවෙන් ඉටු කර හැකි බවත් රෝමයේ උප තානාපති රාණි බුලත්වෙල මහත්මිය එසෑණට කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමිතියේ සබාපතිතුමා එමිල් මහතා බොහොම හොඳ සමාජ සේවකයෙක් බව මුළු වෙරෝනා ලාංකිකයන්ම දන්නා කරුණක්. (නි)
අපගේ සුභ පැතුම්! (නි)
අර ලංකාවේ පිළිකා රෝහලට යවන්න ආධාර දර්ශනයක් පැවැත්වූ කට්ටිය මුදල් යැව්වද, කවදද යැව්වේ, කාටද දුන්නේ යන විස්තර මෙහි පල කරනවානම් කෘතඥ වෙමි. (දී)
කොහොම හරි කාටහරි සේවයක් කරන්න ලැබෙනවා නම් ඒක ඉතාමත් උතුම් දෙයක්. හැබැයි මේවා කරන්න හිතේ බොහොම ලොකු ශක්තියක් තියෙන්න ඕනෑ. අපි කරන දේවල් වලට උදව් කරනවට වැඩිය අපහාස සහ අඩුපාඩු කියන අයගෙන් හිත් පිඩාවට පත් කරගන්න එපා. මම මේ අත්දැකීමෙන් කියන්නේ. ඔබේ සේවාවන් නොපැකිල ඉදිරියටම කරගෙන යන්න ධෛර්යය ලැබේවා! මානෙල්, සහ මිලානෝ අපි කියන කතාවත් සහතික ඇත්ත.. (නි)
වැදලා කියන්නම් එමිල් මහත්තයෝ, දේශපාලනය නම් ගාවා ගන්නවත් එපා. (නි)
ලාල් ගලබඩ අයියේ, එම දර්ශනය පැවැත්වුයේ මේ සමිතිය නෙමෙයි වෙන්නප්පු සමිතියක්. කාගේ වුනත් සල්ලිනෙ...නැද්ද? (නි)
චතුල වෙරෝනා කියන පුද්ගලයාටත් පුළුවන් නම් මෙම සමිතියේ උදව්වෙන් රැකියාවක් සොයා දෙන්නකෝ. (නි)
පිළිකා රෝහලට යවන ආධාර බොහොම වැදගත් විදිහට නුදුරු දිනකදී අපහට අනුග්‍රහය දක්වූ සැමටම දැකබලා ගන්නට විනිවිද පෙනෙන ලෙස අපි කටයුතු කරන්නෙමු. (නි)
හොද වැඩක් කරන අයගේ කකුලෙන් අදින්න එපා. (නි)
මෙපමණ කාලයක් ගතවී ඇති නමුත් පිළිකා රෝහලට එකතුකළ මුදල් යවා නැති බවයි පෙනෙන්නේ. මෙපණ කලක් ගතවුනේ ඇයි? හොඳ වැඩක් කරන විට එම 'හොඳ' පරිස්සම් කරගෙන කාර්යය අවසන් කරන්න. (අ)
වෙළඳ සමාගමක් නොවී රටට ලාංකිකයන්ට සේවයක් කරනවා නම් ඉතා හොඳය (නි)
මගේ හදපිරි ආශිර්වාදය ඔබ සංගමයට (නි)
අපේ සුභ පැතුම්. ඔය සමාජ සේවය දිගටම කරගෙන යන්න. බුදු අම්මෝ, තානාපති කාර්යාලය නම් ගාවගන්නවත් එපා. ඕගොල්ලන්ගේ යහපත් ක්‍රියා ඒගොල්ලන්ගේ ගිණුමට දාගෙන වැඩබැරි ඒගොල්ලෝ ගොඩයාවී. අනුන්ගේ වැඩ වලින් තමන්ට ලකුණු දාගන්න දක්ෂයෝ. ඔය කතාකරන්නේ ඕගොල්ලන්ට ආදරේට නෙමෙයි. (අ)
වෙරෝන සුබ සාධක සමිතියට මිලානෝ අපගේ ආශීර්වාදය ... හොද දෙයක් කරන කොට ...කකුලෙන් අදින අයගෙන් ප්‍රවේසම් වන්න ..මිලානෝ සමිතිය සහ වෙරෝන සමිතිය මාරු කර ගන්න පුළුවන් ද? (අ)
හොඳයි (නි)