
ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහි රට පුරා ඇවිළී යන විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයන් 2,571 දෙනකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
දහසකට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද පැවැසෙයි. ඉරාන විරෝධතාකරුවන් එරට රජයට එරෙහිව උසි ගන්වන්නේ ඇමෙරිකාව සහ ඊශ්රායලය බවට චෝදනා එල්ල වී ඇත.
ජංගම දුරකථන මගින් විදේශ වෙත ඇමතුම් ලබා ගැනීමට රජය ඉරාන වැසියන්ට ඉඩ ලබා දුන්නද, අන්තර්ජාලය සහ කෙටි පණිවුඩ සේවා තවමත් අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.
ඉරානයේ සිටින පුද්ගලයන්ට විදේශයන්ට ඇමතුම් ගත හැකි වුවද, පිටත සිටින අයට ඉරානය තුළ සිටින්නන් ඇමතීමට නොහැකි බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd