සෑම පුද්ගලයකුම නීතිය හමුවේ සමාන හෙයින් තරාතිරම නොබලා වැරදි කළ අයට දඬුවම් දිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (1) පැවසීය.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මෙන්ම අතීතයේ සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බව කී එජාප මහලේකම්වරයා බැඳුම්කර සිද්ධිය පිළිබඳව අද කථා කරන ඇතැමුන්ට අතීතයේ මෙවැනි සිද්ධි දස ගුණයකින් සිදුවූ බව අමතක වී ඇතැයි කීවේය.
‘පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අප යහපාලන ආණ්ඩුව බිහිකරද්දී ජනතාවට ප්‍රතිඥා ලබාදුන්නා. නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරමින් නීතිය සැමට පොදු දෙයක් බවට පත් කරන බව එම ප්‍රතිඥාවයි. දින 100 ආණ්ඩුවේදී ඒක අපි කළා‘ යැයිද ඇමැති කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේත් මෙවැනි සිද්ධි සිදුවී තිබෙනවා. නමුත් තවම ඔප්පුවුණේ නැහැ. ඉතින් ඔප්පුවුණ එකටවත් දඬුවම් දියයුතුයි. (නි)
ඉතින් මහත්තයෝ, වගකිවයුත්තන්ට ඉල්ලා අස්වෙන්න ඔන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. මොකද ඉදිරියට බාධාවකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ නිසා (නි)
යහපාලනය ගෙනාවේ අතීතයේ වැරදි වුණ නිසා. ලිච්ඡවි පාලනයක්නේ ගෙනාවේ. ජනතාවාදී සෑමදෙනෙක්ම පෙළ ගැසෙන්න කාලයයි මේ (නි)
අර මොකටද ඉල්ලා අස්වෙන්නේ.(අ)
ඔබතුමාලා කලින් කිව්වේ වෙනම කතාවක් නේද? මොකුත් වංචාවක් වෙලා නැහැ කියලා නේද කිව්වේ ? දැන් නින්දෙන් ඇහැරිලා වගේ තැන තැන බෙරිහන් දෙන්නේ? ඔයගොල්ලොයි තනතුරු වලින් ඉල්ලා අස්වෙන්න ඕනෑ (නි)
මෙයාව පත්කළ අය නේද මුලින්ම අස්වෙන්න ඕනෑ. (නි)
මෙතන එක්සත් ජාතික පක්ෂයතුලත් විවිධ මතවල්. අගමැතිතුමා එදාම මේ වාර්තාව ඉදිරිපත්කිරීම ගැන කෝප් කමිටුවට ස්තුති කලා. කිරිඑල්ල ඇමතිතුමා කිව්වා අපිට මෙතන හංගන්න මොකුත් නැහෙ කියල විවාදයකට දවසක් දෙනවයි කියල. ඉරාන් වික්‍රමරත්න කිව්වා පවතින නීති මදිනං, නීති හදල හරි අයකරනවයි කියල. නමුත් ඊයේ සුජීව සේනසිංහ මැතිතුමා කිව්වා කෝප් සභාපතිට ඉදිරියේදී දුවන්න පාරක් නැතිවේවි කියල. මේකේ තේරුම මොකද්ද? (අ)
රට මහා අවුල් ජාලාවක පැටලිලා .කරුණාකර කරන්න පුළුවන් කෙනෙකුට දීල අයින්වෙන්න. (අ)
මේගොල්ලෝ අවේ කොහොමද (හේ)
දඩුවම් ලැබෙයි මේ යන විදියට.(හේ)
වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි හරියට හරි පටන් ගමු (අ)
ගයා දෙන්න ඉතිරිවෙලා තිබෙන්නේ අනුර කුමාර විතරයි. අනික් දෙගොල්ලොම රට කෑවා. (අ)
ඔවු ඔවු අපිට මතකයි කලින් කමිටුවේ වාර්තාව එන්න ඔන්න මෙන්න තියෙද්දී පාර්ලිමේන්තුවත් විසිරුවල දාපු හැටි දින 100 ආණ්ඩුව! (අ)
අනුර කුමාරට දුන්නත් හාමු කියන විදියටනේ එයාගේ වැඩ! (අ)
ඇත්ත. ගෙදරින්ම පටන්ගනිමු ආදර්ශයටත් එක්ක. (නි)