වැරදි කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් විට උද්ඝෝෂණ පැවැත්වීමේ සම්ප්‍රදායක් ආරම්භ වී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් පෙනී නොසිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයයේ විදුහල්පති මාරු කිරීමෙන් පසුව එවැනි උද්ඝෝෂණයක් පැවතියේය. රජයේ දේශපාලනඥයකු එම උද්ඝෝෂණය පිටුපස සිටින බවක්ද කියති.
බස්නාහිර පළාත් විමර්ශන ඒකකය කළ විධිමත් පරීක්ෂණයකින් පසුව ඔහු අමාත්‍යංශයට මාරු කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඔහු චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසලට ළමයින් ඇතුළත් කර ගෙන ඇති බව ද අමාත්‍ය ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවගේ දේවල් අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයිනේ. ඕවට දඬුවම් දෙන්නෝන ඔය උදවු කරන දේශපාලුවටත් එක්කයි. මොකද මිනිහටත් කුට්ටිය කැපෙන හින්දනේ බේරගන්න හදන්නේ. මුල ඉඳලා අග වෙනකම්ම රටේ වංචාව, දූෂණය. ඔය ආශ්චර්යය කරා රට යන ගමනේ පෙරනිමිති වෙන්නැති. අපිත් ඉතින් බැණ බැණ මුන්ටම ඡන්දෙ දානවනේ. වැරැද්ද කාගේවත් නෙමෙයි, අපේමයි.(නදී)
ඉතින් එහෙම ළමයි ඇතුලත් කරගත් සතුටට ඒ ළමයින්ගේ දෙමවිපියෝ තමයි උද්ඝෝෂනය කරන්නේ. ඒ ලොක්කා හිටියොත් තව කොපමණ වැඩ ගන්න පුළුවන්ද කියලා දෙමවිපියන් දන්නවා.(නදී)
අනේ මන්දා මේ වගේ වැඩ වලට එක එක ලේකම්ලත් සම්බදයිලු (නි)
මලක සිල්වා මය ඔබේ අදහසට පින්. නමුත් හිතල බලල වැඩ කරන අයත් ඉන්නවා. නමුත් කුමන පක්ෂයක හෝ දේසපාලන හෙන්චියන් ගැන නම් කියල වැඩක් නැහැ. (අ)
ගෙදරක තාත්ත දරුවන්ගේ වැරදී වලට දඬුවම් නොකලොත් මොකද වෙන්නේ ? අපේ රටේ තියෙන්නෙත් මෙන්න මේ කියන සරල සිද්දාන්තයම තමයි.(නදී)
මෙතන හොරුන්ව ආරකෂා කරන්නේ කවුද? පගාව දීල ළමයි දා ගත්තු එහෙම නැත්නම් ඔය කියන දේශපාලුවට කියල ළමයි දාගත්තු හෙන්චයියලා ටිකක්. පාසලට සබැ ආදරයක් ඇති දෙමවුපියො නම් වෙන්න බැහැ. (නදී)
ඔය වගේම විදුහල්පතිනියක් වෙන්නපුව පැත්තේ පාසලක ඉන්නවා කියලයි ආරංචි (නි)
වැරදි කරුවන් රකින සම්ප්‍රදාය මේ රටට ගෙනාවේ කවුද කියන එක කවුරුත් දන්නවා. පුදුමය ඒ ගැන කියන්න කවුරුත් බය එකයි. අනික් කණ්ඩායම ඒක කියන්නේත් නැහැ (නි)
ඒ විතරක්ද? මෙයාත් එක්ක වංචා වලට සහබාගි වුන කෙනෙක් තමයිලු දෙමාපියන්ව/ගුරුවරුන්ව උද්ගෝෂණයට පොලඹවන්නෙ එයාගෙ වැඩත් මාට්ටු වෙයි කියලා (නි)
පෙරදිග අමුතු ඇටය.(නදී)
ඔවු. එහෙම සම්ප්‍රදායක් තියෙනවා තමා. නැත්නම් අද හුගක් අය ඉන්නේ වැලිකඩ (නි)
සුදුසුම පුද්ගලයන් වෙනුවට නරකම පුද්ගලයන්ද, කරන්න ඕනෑම දේ වෙනුවට නරකම දේද, කරන්න හොඳම ආකාරය වෙනුවට වැරදීම විදියද සිදුවේද? එහෙව්වූ සමාජයක පාතාලය, ප්‍රචණ්ඩත්වය, අයුක්තිය, භීෂණය, දුෂණය රජ කරයි. සත්පුරුෂයන් හූල්ලමින් භීතියෙන් ජීවත් වෙති. (නි)
ඕවගේ දේවල් අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයිනේ. ඕවට දඬුවම් දෙන්නෝන ඔය උදවු කරන දේශපාලුවටත් එක්කයි. මොකද මිනිහටත් කුට්ටිය කැපෙන හින්දනේ බේරගන්න හදන්නේ. මුල ඉඳලා අග වෙනකම්ම රටේ වංචාව, දූෂණය. ඔය ආශ්චර්යය කරා රට යන ගමනේ පෙරනිමිති වෙන්න ඇති. අපිත් ඉතින් බැණ බැණ එයාලටම ඡන්දෙ දානවනේ. වැරැද්ද කාගේවත් නෙමෙයි, අපේමයි (නි)
පාසල ලගම ඉන්න ළමයා ගන්නේ නැහැ. සල්ලි දුන්නා නම් දුර ඉන්න ළමයව ගන්නවා. මේ ක්‍රමය නැවැත්විය යුතුයි. ආදී ශිෂ්‍ය සංගමයත් මේ වැඩේට හවුල් වෙලා සල්ලි ගන්නවා. (නි)
අපේ රටේ නීතියේ තියෙන වරද තමා රටේ නායකයට එම නීතිය අදාල නොවී තිබීම. දැන් අපේ රටේ නායකයා හෝ ඔහුගේ පාක්ෂිකයෝ මේ වරදවල් කලොත් නීතිය ඔවුනට බලපාන්නේ නැති විතරක් නොවේ ඔවුන් තව දුරටත් උසස්වීම්,රැකවරණය වගේ දේවල් ලැබෙනවා. අර ගුරුවරියට අඩන්තේට්ටම් කරපු රාජපක්ෂිකයට නම යෝජනාත් ලැබුනා. අපේ රට තමා නොදියුණු ගෝත්‍රික රටක් වගේ. මුලින්ම රටේ නීතිය සැමට ඉහලින් තිබිය යුතු වෙනවා. දැන් මේ විදුහල්පතිවරු ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්නෝ. ඉතින් මේ ගොල්ලෝ බේරෙනවා. ඊටත් වඩා කණගාටුදායක එක තමා බහුතර ජනතාවට මේක තේරෙන්නේ නැතිවීම.(නදී)
ඔය වගේ කෙනෙක් මීගමුව පැත්තෙත් දේශපාලන පාලන බලය අරගෙන ඉන්නවා කියන්නේ ඇත්තද? ඔහු වැඩත් කරනවලු , හම්බත් කරගන්නවලු. (නදී)
අනිවාර්යෙන් මේ සම්බන්දව සොයා බලන්න ඕන පිටුපස රජයට විරුද්දව වැඩකරන කට්ටිය ඉන්නවා. (අ)
වැරදි කරන මැති ඇමතිවරුන් රකින රජයක් යටතේ වෙන මොනවා බලපොරොත්තුවෙන්නද? (අ)
මී රට හදන්ඩ ඕනනම් මෙවර බුද්දිමතුන් , සිසෙයින් සහ කම්කරුවන් එකතු වී පළාත් සභ ඡන්දයට ඉදිරිපත් වී රටේ කාලින ප්‍රශ්න ගැන අදහස් සකච කරන්ඩ එවිට මින්සුන් දැනුවත් වේවි. (අ)
වෙන්නප්පුව පැත්තේ පාසැලක වැඩ ආවරණය කරන විදුහල්පති වරයා මෙම ආකාරයටම දෙමාපියන් පෙළගස්වා එතුමාගේ වැරදි පෙන්වාදුන් පාසලට ආදරය කරන ආදී සිසුන් මර්දනයට පෙළපාලි ගිය අයෙක්. දේශ පාලන බලය ද , දෙමාපියන්ද රවටා මෙවැනි දේ කිරීම විශාල අපරාධයක්.(නදී)
සල්ලි සල්ලි හැමදේටම මුල්වෙන හැමදේම වෙනස්කරන සල්ලි. අද මිනිස්සු නොවෙයි රජවෙලා ඉන්නේ සල්ලි !(අ)
දෙමාපියන්ගෙන් ගන්න මුදල් වලින් කුට්ටියක් ඇමතියට යනවා.බය නැතිව ගසා කෑම කරගෙන මගේ කුට්ටිය දියණ කියල.අද රටේ හැම එකාගෙම ඉදලම කරන්නේ ගසා කෑම. (අ)
ඔය සම්ප්‍රදාය මේ රටේ උත්තරීත්රෛ කියන තැනින්ම ආව එකක්නේ. (අ)
කස්ප්පු කාලටයි බත් පැකට් එකටයි යටවෙලා මිනිස්සු මී හරක් වගේ කටයුතු කරනවා.දේස පාලුවෝ මුළු රටම කනවා. ලොකු උන්නැහේ තමාට නොවේ වගේ ඉන්නවා. එවුන්ට නාමයෝජනා දෙනවා. (අ)