මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රුපියල් කෝට් 1500ක බැඳුම්කර සිද්ධියට සම්පුර්ණයෙන්ම වැරදිකරු බැවින් ඔහු හා ඊට සම්බන්ධ සෙසු නිලධාරීන් පිළිබඳව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේන්තුවට නිර්දේශ කරයි.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටු වාර්තාව අද(28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම කමිටු වාර්තාවේ නිර්දේශ 15ක් ඉදිරිපත් කර ඇති බව කමිටු සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කීය.
මහ බැංකුවේ වංචනිකයින් හා දූෂීතයන් හෙළිදරව් කරමින් ඉදිරිපත් කළ මේ වාර්තාව මාස 18ක පුරා කරන ලද විමර්ශන වල ප්‍රතිඵලයකි.
ඉදිරිපත් කළ නිර්දේශ වලට අනුව අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 15ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවා බව එක එල්ලේම නිර්දේශ කර ඇති අතර ඔහු හා ඊට සම්බන්ධ සියලු වගකිවයුතු නිලධාරීන් වැරදිකරුවන් කර ඇති අතර ඔවුන්ට එරෙහිව වහාම නීතීමය පියවර ගත යුතු බවටද නිර්දේශ කර ඇතැයි බිමල් රත්නායක මහතා කීය.
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ පූර්ව විවාදයක් අවශ්‍ය බවත් මෙවැනි වංචා අනාගතයේදී සිදු නොවීම සඳහා අලුතින් නීති සැකසිය යුතු බවත් සභාපතිගේ වාර්තාවේ සඳහන් වෙයි.මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමට උදව් කළ රජයේ නිලධාරීන් කවුදැයි සොයා බලන ලෙසත් කමිටුව නිර්දේශ කරයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසුයේ සියලු සමාජිකයන් එකඟත්වයෙන් වාර්තාව ඉදිරිපත් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරේ නුඹලාට අපේ ප්‍රණාමය! කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වය විශිෂ්ටයි (නි)
ගෙන්නන්නත් ලංකාවේ ඉන්න එපායැ (නි)
දඬුවම් වගේම මුදල් අයකරගත යුතුයි (නි)
සුනිල් හඳුන්නෙත්ති මහතාණෙනි, අහිංසක මහජනතාවට දැන් ඔබ පක්ෂයේ පිළිසරණ පමණි. ඉදිරියටම යන්න. ඔබට ජයෙන් ජය! (නි)
සුනිල් හඳුන්නෙත්ති මහතාණෙනි, මේගොල්ලන්ට මේක යටගහන්න ඉඩ දෙන්න එපා. (නි)
නීතිය හමුවට ගේන්න ඕනෑ මේ අය පත්කළ අය නෙමෙයිද? (නි)
මීළඟ එක්සත් ජාතික පක්ෂ නායක රන්ජන් මහතා සදා ජනතා වීරයෙකි. මුළු රටම ඔබ සමඟයි.
අප්‍රමාණ තර්ජන සහ බාධක මැද ජනතා පැතුම අහීතව ඉටුකළ ඔබට ගොඩක් ස්තුතියි. ඔබවන් නායකයන් තමයි රටට අවශ්‍ය. (නි)
අර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිව අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලුවා නම් අැයි බැරි මේ හොරු අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලන්න. (නි)