පසුගියදා මුහුද රළු වීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ නිවේදනය හා ධීවරයන්ට සිදු වු ආපදාව පිළිබදව සෙවීමට පත්කළ කමිටුවෙන් තම අමාත්‍යාංශය වැරදිකරු වුවහොත් ආපදා කළමණාකරණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව අමාතය්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුතවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ තමන් අනෙකුත් අය මෙන් නොව වරදක් කර ඇත්නම් පිළිගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුණාටුවට නමක් නැති නිසා " ...වීර සුළි කුණාටුව " කියලා දැන්වත් නම් කරලා ගැසට් එකට දාන්න , ජනතාව මුකුත් දන්නේ නැහැ තාම. (නදී)
වැරදි කරු නොවෙන බවට වග බලාගෙන ඇති. එකනෙ වහසි බස් දොඩන්නේ .(නදී)
බොහොම අගෙයි. ආදර්ශයක් අනිත් අයට. (ස)
නිහතමානී අමත්‍යවරයෙක්.(ස)
අනේ මෙයාලගේ දේශනා.(ස)
අනිවාර්යෙන්ම සුපිරි දේශපාලකයෙක්.(නදී)
හරි විදියට නම් ඔබට තිබුනේ මේ දේ වුන දවසෙම ඉල්ලා අස්වෙන්න.දැන් වුනත් ප්‍රමාද වැඩි නැහැ. දැන් පවුල් කීයක් අනාථද? (නි)
මට මොකුත් මතක නැහැ කියලා එහෙම කියන්න එපා. එහෙම නම් දැන්ම හාස්කම් දේවාලෙන් බෙහෙත් ගන්න ඇමති තුමනි.(නදී)
එහෙනම් ඉතින් ඔය 76 දෙනාගෙන් බාගෙකට වඩා අද ගෙදර .(නදී)
මෙයාලා කවද්ද වැරදි කරුවන් උනේ.(නදී)
මොනවද ඔට්ටු එයා අස්වෙලා යනවා මයි.(නදී)
ඇමති තුමා පිස්සු කතාකරන්න එපා.(නදී)
කවුරුවත් වැරදිකරු කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ජීවිත විසි ගණනක් අකාලේ මියැදුනා. ඔබතුමා හිතට අවංකව පිළිගත යුතු වෙනවා ඔබගේ දෙපාර්තුමේන්තුව දුර්වල කියන එක.(නදී)
අවංකවම තමයි ඔය කිව්වේ.(නදී)
කලබල වෙන්ඩ එපා ඇමතිතුමෝ, දැල දාල තියෙන්නේ හාල්මැස්සෝ ටිකක් අල්ලගන්ඩ නේ .(නදී)
අපි අහුවෙය ඕවට (අ)
අපි උද්ගෝෂණ කරනවා ඔබ තුමා ආපසු ඕනා කියලා.(නදී)
අස්වෙලා ගිහින් වෙන වරප්‍රසාදයක් වක්‍රාකාරයෙන් වත් ගන් නැහැ නේද?(නදී)
මෙයාලා කවද්ද වැරදි කරුවන් උනේ.(නදී)
එහෙම කියන්නේ අනිත් කට්ටිය අතින් වැරදි වුණා කියලා කියන එකම නේද? (නි)
ජීවිත 24 සමු අරන්. හරි කෙනෙක්නම් මෙලහකට අස් වෙලා ගෙදර ගිහින්.(නදී)
අනේ ඉල්ලා අස් වෙන්න නම් එපා. ඔයා නැති උනොත් මේ සංවර්ධනය එහෙම්ම ඇන හිටියි. රුපියල් 15,000 ක්ම දුන්නනේ මැරිච්ච අයගේ පවුල්වලට පරම් පරා ගණනකට ඇති.(නදී)
හොරා දවසක් අම්මගෙන් පේනයක් ඇහුවලු.(නදී)
ඔයවිදියේ කතා අපිට අහල පුරුදුයි (අ)
තව මොනවා වෙන්නද, අයින් වෙලා ගෙදර ගිහිල්ල නිවාඩු පාඩුවේ ඉන්නවා මිසක්. අපොන්සු කිව්වා වගේ අපේ රටේ ඇමතිවරු කවද්ද වැරදි කාරයෝ වුනේ. අන්තිමට ඔය අහිංසක නිලධාරියෙක්ව ගෙදර යවයි. එහෙම නැත්නම් බොරුවට වගේ ඉල්ලලා අස්වීමේ ලියුමක් දෙවි ජනාධිපතිට. ජනාධිපති එක බාරගත්තේ නැහැ කියලා රූපවාහිනියේ ලොකුවට කියාවී. ඔන්න දැන්මම අස්වෙලා ගෙදර යනවනම් අන්න නියම මහත්මයෙක් කියල අපි පිලිගන්නවා.(නදී)
කවුද කමිටුවේ ඉන්නේ. කවුද කමිටුව පිහිටෙව්වේ. මේක නිකම් බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්. අවංකවම කියනවනම් මේ වෙලාවේ මෙවැනි කතා නොකියා හිටියා නම් තමයි වැඩිය හොද. ඇමතිතුමා මිනිස්සුන්ව තව ප්‍රකෝප කරන්න එපා.(නදී)
අපරාදේ කට වරද්ද ගත්තෙ. දැන් ඉතින් යන්නම වෙනවා. (ස)
ඇමතිතුමා නැගිටින්න නැගිටින්න හීන බල බලා හිටිය ඇති හොඳටම එළිවෙලා.(නදී)
දැනටමත් වැරදිකරු ඔබයි.(නදී)
මීට කලිනුත් ඔය වාගේ කියපු කට්ටිය හිටියා මට මතකයි. (නි)
වැරදී කරු උනොත් අස් වෙන්නේ මැරුණු පුද්ගලයන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න හිතාගෙන වෙන්න ඇති. රාජකාරි දෙකක් කරන්න අමාරුයිනේ ගෙවල්ම 24 ක්නෙ.(නදී)
ප්‍රින්ස් ,දිනේෂ්,දයා අපේ රටේ කවුද ඔය වගේ දේකට ඉල්ලා අස්වෙලා තියෙන්නේ? හොදම උදාහරණ විභාග අවුල, බාල ඉන්දන, නීති සිසුවියගේ අත කපපු එක අන්තිමට දෙපැත්තට බෝලේ පාස් වෙනවා මිසක් වැරද්ද බාරගන්න කවුරුත් නැහැ. ඊලග බෝලේ දාන්නේ ධීවර ඇමති තුමාට එතුමත් අල්ලලා කාට හරි දායි.(නදී)
වරදකරු රජය නොවේ. වැස්ස වලාහක දෙවියොයි. මෙවන් රටක රටවැසියෙක් වීමත් වාසනාවක්. (නි)
මෙතුමා චන්ද්‍රිකා මැතිනියගේ කාලයේදී බඩු මිල වැඩි වෙනකොට අපට පටි තද කරගන්න කියල ඡන්දෙනුත් පරාද උනා.(නදී)
වැරදිකරු කරන්නේ නෑ නේ. (ස)
ලංකාවෙ ඇමති කෙනෙක් අස්වෙලා ගෙදර යනවා? නොකෙරන දේවල් කියවන්න ඵපා.(නදී)
යන්න කලින් තව පොඩ්ඩක් හේදිලා යන්න. තව මහජන සල්ලි තියෙනවා ඔබලා වෙනුවෙන් වියදම් කරන්න .(නදී)
මේ ඇමතිතුමා නම් අවංකයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවංකම දේශපාලකයා කිවොත් හරි.(නදී)
ඔය දෙපාර්තමේන්තුව අර කැලණියේ ඇමතිට දුන්නොත් නරකද?(නදී)
ගෙදර යන්න එපා මේවා බලන්න. කාලගුණ විද්‍යා දෙපර්තුමෙන්තුව වසා දමන්න. මේවා ජනතාවගේ සල්ලි කන සුදු අලි. මේ තරම් තාක්ෂනය දියණු වී ඇති කල ස්ව්‍යන්ක්‍රීය කාලගුණ විද්‍යා පද්දතියක් රුපියල් ලක්ෂ 2 පමණ වේ. මේ මගින් මිනිස් මැදිහත් වීමක් නැතිව දිනපතා කාලගුණ දත්ත ස්වයංක්‍රියව පරිගනකයට ගත හැක. කාලගුණ අනාවැකි විදෙස් රටවල මාද්‍ය ඔස්සේ ලබා ගෙන පරිවර්තනය කර ජනතාව අතට පත් කිරීම මිට වඩා කාර්යක්ෂමය. මෙය සදහා පහත දැක්වෙන බි.බි.සි වෙබ් අඩවියට යන්න. http://www.bbc.co.uk/weather/features/22849212 ඔබට .ස්ව්‍යන්ක්රිය කාලගුණ විද්‍යා පද්දතියක් ක්‍රියාකාරිත්වය දැන ගැනීමට කැමති නම් පහත දැක්වෙන කේම්බ්‍රිජ් සරසවියේ වෙබ් අඩවියට යන්න. http://www.cl.cam.ac.uk/research/dtg/weather ඉහත වෙබ් අඩවිය මගින් සරසවි සිසුන්ගේ සහ ආචාර්යවරුන්ගේ කාර්ය බාරය කුමක් ද යන බව වටහා ගැනීම එසැන පාටක ඔබට බාරය.(නදී)
වැඩකට නැති ඔක්කොම තමුන්ගේ අසමත් නිලධාරීන් සමගම ගියානම් තමයි හොඳ.(නදී)
මට හිතෙන්න මුහුද තමයි වැරදිකරු (නි)
අහිංසක අපේ අසරණ මුදු කොල්ලෝ ටික අපට නැති වුනා. දැන් ඔයාලා ඕනෑ තැනක යන්න, අපිට කමක් නැහැ.අපේ අසරණ පවුල් වලට සැමියන් සහ දරු පැටවුන්ට තාත්තලා නැති වුන එක විතරයි වුනේ (නි)
පිස්සු නැතුව ඉන්න ඇමතිතුමා. කලබල වෙන්න එපා. හුලන් ඉවරයිලු. (නි)
තීන්දුව කොයි වගේ වෙයිද දන්නේ නැහැ (නි)
මොනවද අප්පේ මේ කතා? (නි)
වරද ඔයාලගේ නෙමෙයි, අර මුහුදු ගිහින් ජීවිත නැති වුන අහිංසක මිනිස්සුන්ගේ. (නි)
ඇමතිතුමාම මිනිස්සු දාල වර්ජනය කරයිද දන්නේ නැහැ අස්වෙන්න එපයි කියලා. මන් ඒක හොදටම දන්නවා.(නදී)
මොන බොරුද ඇමති තුමා, ඔය කිව්වට අස්වෙලා ඔයිට වැඩිය හොද ඇමති කමක් හොයාගන අරලිය ගහ මන්දිරය දිහාවේ යනවනේ.(නදී)
කමිටු ගැන බල බලා ඉන්න දෙයක් නැහැ. අමාත්‍යංශය දැනටමත් වරදිකරුවෙලා ඉවරයි. ඉල්ලා අස්වෙලා යන්න.(නදී)
අවු.10 ට විතර ඉස්සර ඔහොම ඇමති කෙනෙක් ඉල්ලා අස්වුණා.පාක්ෂිකයෝ වහලෙට නැග්ගා කියලා ආයෙත් ඇමතිකම භාර ගත්තා වගේ යන්තම් මතකයි. (නි)
ඇමති තුමා පස්සේ කියාවි ඔය කාපු බීපු වෙලාවේ කිව්ව කතාවක් . ඕව ගණන් ගන්නේ කවුද . එහෙම කොහොමද මේක දාලා යන්නේ කියලා.(නදී)
කාලගුණ දෙපාර්තමේන්තුවට නවක උපාධිධාරීන් පිරිසක් බදවා ගෙන ඇමෙරිකාවේ හොඳ පුහුණුවක් ලබාදී කාලගුණ අනාවැකි දැන්වත් විස්වාසනියව ලබා ගනිමු.(නදී)