IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


වැරදිකරු උතුරු මැද පළාත් සභාවේ ලොකු පුටුවකට

අනුරාධපුර ඔයාමඩුවේ  2012 පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනය සමයේ අනුරාධපුර අරිප්පු මාර්ගයේ කිලෝ මීටර් තුනක් කාපට් අතුරා අලූත්වැඩියා  කිරිමට රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් අනුමත කළැයි චෝදනා පහකට වරදකරු වී සිටින වී.බී.කුමාරසිරි ඉංජිනේරුවරයා උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමන්‍යාධිකාරි ධූරයේ වැඩ බැලිමට පත් කරනු ලැබ සිටියි.

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති  නීතිඥ විජිත කුමාර මහතාගේ අත්සනින් මෙම මෙම පත් කිරිම සිදු කර ඇත්තේ එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ විෂය බාර අමාත්‍යවරයාද වන උතුරු මැද පළාත් ප‍්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාගේද නිර්දේශය  මතයි.

2012 වසරේ අනුරාධපුර ඔයාමඩුවේදි පැවති දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයට සමගාමිව අනුරාධපුර අරිප්පු මාර්ගය කිලෝ මීටර් තුනක් අලූත් වැඩියා කිරිමේදි රජයේ මුදල් රුපියල් අට කෝටි අසු අට ලක්ෂයක්  අදාල කොන්ත‍්‍රාත්කරුට නීති විරෝධීව මුදා හරිමින් උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නව වැඩ බලන සාමාන්‍යාධිකාරි ඉංජිනේරු වී. බී. කුමාරිසිරි බරපතල විෂමාචාරයක් සිදු කර ඇත බව දන්වමින් ඔහුට උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරි ඉංජිනේරු එම්. එචි. එස්. ආරිපාල මහතා විසින් එන්සීපී/පීආර්ඞීඒ/ජීඑමිඒ/01/2015 අංක දරන ලිපියෙන්    පහත සදහන් චෝදනා වලට ඔහු වරදකරු කර තිබේ.

01.අනුරාධපුර අරිප්පු මාර්ග සංවර්ධනය සදහා අත්සන් කල ගිවිසුම අනුව තත්ව පාලන වර්තා ලබා ගත යුතු වුවත් එසේ තත්ව පාලන වර්තා ඉදිරිපත් නොකර තිබියදි රුපියල් අට කෝටි අසූ ලක්ෂ හතලිස් හය දහස් හය හයසිය තිස් හතයි ශත දොලහක (88,046,637.12) මුදලක් ගෙවිමට අදාල බිල්පත් නිවැරදි බවට අත්සන් කර ගෙවීම සදහා ඉදිරිපත් කර ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් විෂමාචාරයක් සිදු කිරීම.

02. අනුරාධපුර අරිප්පු මාර්ගය සමිබන්ධයෙන් ඉදිකිරීමි සංවර්ධණ අධිකාරියේ නියමයන්ට අනුව අනුව අදාල ස්ථාන නිශ්චිතව හදුනා ගැනිමට හැකිවන පරිදි මිනුමි ඉදිරිපත් කළ යුතු වුවත් එසේ නොතියබිදී රුපියල් 120,564,952.46 ක් (ලක්ෂ එකසිය විස්සක්) වටිනා ඇස්තෙමින්තු පරික්ෂා කර නිවැරදි බවට අත්සත් කර අනුමැතියට ඉදිරිපත් කිරිමෙන් විෂමාචාරයක් සිදු කිරීම.

 03. අනුරාධපුර අරිප්පු මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරිෙමිදි ඉදිකිරීමි පුහුණු සංවර්ධණ ආයතනයේ මාර්ග උපදේශ සංග‍්‍රහයට අනුව ගෙවීමි සදහා මිනුමි පත‍්‍ර සකස් කිරීෙමිදි අලූත් වැඩියා කල නියමිත ස්ථාන දත්ත සහිතව සදහන් කල යුතු වුවත් එස් නොකර සැකසූ රුපියල් අට කෝටි අසු ලක්ෂ හතලිස් හය දහස් හයසිය තිස් හතයි ශත දොළහක (88,046,637.12) මුදලකට අදාල බිල්පත් නිවැරදි බවට අත්සන් කිරිමෙන් විෂමාචාරයක් සිදු කිරීම.

04. අනුරාධපුර අරිප්පු මාර්ගය ප‍්‍රතිසංස්කරණයේදි නොකල වැඩ සදහා රුපියල් 25,042,321 ක (ලක්ෂ දෙසිය පනහක්) මුදලක්  ගෙවිය යුතු මුදලට වඩා වැඩිපුර කොන්ත‍්‍රාත්කරුට ගෙවිමට ප‍්‍රධාන ඉංජිනේරුවරයා  ලෙස නිවැරදි බවට අත්සන් කිරිමෙන් අධිකාරියට පාඩු සිදු වන අයුරින් කටයුතු කිරිම.

05. මෙම චෝදනා එකක්, කිහිපයක් හෝ සියල්ලම සිදු කිරිමෙන් උතුරු මැද පලාත් සභාවත් උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයත්  අපකීර්තියට පත් කිරීම.

මෙම චෝදනා පහට ඉංජිනේරු වී.බී.කුමාරිසිරි මහතා වදරකරු කිරිමෙන් පසුව වසර තුනක කාලයකට ඔහුගේ උසස්වීමි අත් හිටුවා ඇත.එමෙන්ම එම කාලය තුල උසස්වීමි සදහා වන කිසිදු සම්මුඛ පරික්ෂණයකට පෙනී සිටිමට ඔහු නුසුදුස්සෙකු බවට පත් කර තිබේ. වසර තුනක  කාලයකට ඔහුගේ වැටුප් වර්ධකද මෙමගින් නවතා ඇත.

මෙම චෝදනා පහට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ  වැඩ බලන සාමාන්‍යධිකාරි ඉංජිනේරු  වී.බී.කුමාරසිරි වරදකරු බවට නිගනමය කර ඇත්තේ 2012 වසරේ දීය.

ඉංජිනේරු වී.බී.කුමාරසිරි උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ධූරයේ වැඩ බැලිම සඳහා පත් කර ඇත්තේ මෙතෙක් එම ධූරයේ වැඩ බලමින් සිටි ඉංජිනේරු කේ.එම්.එල්.ජේ.චන්ද්‍රසිරි මහතා ඉන් ඉවත් කරමිනි.

මෙම පත් කිරීම සිදු කර ඇති උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ විජිත කුමාර මහතාගෙන් මේ පිළිබඳව දුරකථනයෙන් විමසු විට ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන්  කිසිවක් කිව නොහැකි බවත් අවශ්‍ය නම් කාර්යාලයට පැමිණ තමා හමුවන ලෙසත්ය.

පසුව උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතාගෙන් විමසු විට උතුරු මැද පළාත් මර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ බැලිම සදහා කෙනකු පත් කිරිමට ප‍්‍රතිපාදන පවතින බවයි. එහෙත් එසේ පත් කරන පුද්ගලයා ඊට සුදුසු අයකු විය යුතු බවද සඳහන් කළ ප‍්‍රධාන ලේකම්වරයා මේ ගැන තමාට පැමිණිල්ලක් ලද හොත් සුදුසු ඉදිරි ක‍්‍රියා මාර්ග ගත හැකි  බවද කීවේය. 



අදහස් (0)

වැරදිකරු උතුරු මැද පළාත් සභාවේ ලොකු පුටුවකට

රජිත් මංජුල Tuesday, 07 June 2016 10:09 AM

ඔරුව පෙරලුනාට පෙරලුන පැත්තේ එල්ලිලා තොටිය ගොඩ යන්ඩ තමයි දගලන්නේ... (ර)

:       0       0

දිනුෂා Tuesday, 07 June 2016 10:21 AM

හැමතැනම දුෂණය, වංචාව, බොරුව ඇත්ත කරනවා, ඇත්ත බොරුව කරනවා, එකම මඩ ගොහොරුවක් වෙලා. (ර)

:       0       0

චානක Tuesday, 07 June 2016 08:28 AM

මේවා ඉතින් කාට කියන්නද ? (බ)

:       0       0

උපාලි Tuesday, 07 June 2016 08:36 AM

කර තිබෙන මුල්‍ය පාඩුවට දීපු දඬුවම් දිහා බලනකොට හිතා ගන්න පුළුවන් ඒ අටකෝටියට සිද්ධ වෙන්න ඇත්තේ මොකක්ද කියල. මේවා දැනගත්තහම අනික් පලාත්වල තියෙන වැටවල් වලටයි නියරවල් වලටයි ඊර්ෂ්‍යා හිතෙනවා ඇති අනේ අපිටත් ගොයම් ටිකක් කන්න ඇත්නම් කියල. (බ)

:       0       0

තිස්ස Tuesday, 07 June 2016 08:43 AM

ජරා පප්පලාට එදාට වඩා අද හොඳයි වගේ ,අගමැති තුමාට කියන්න (බ)

:       0       0

ලාල් Tuesday, 07 June 2016 09:12 AM

දැන් දැන් මේ රටේ සිදුවෙන්නේ දුෂණ , හොරකම් සහ අපරාධ චෝදනා තිබීම ඉහල තනතුරු ලබා ගන්න සුදුසුකමක් වීම නේද ? ඊටත් වඩා භයානක දේ තමයි දුෂණ , හොරකම් , අපරාධ චෝදනා තියෙන අයව ආරක්ෂා කිරීමට ආණ්ඩුවේ බලවත් අය ඉදිරිපත් වීම සහ ඔවුන්ට ප්‍රභූ ආරක්ෂාවත් ලබා දීම (හේ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 106 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site